681. ධ්‍යානයෝ සතර දෙනෙකි: ප්‍රථමධ්‍යාන ය, ද්විතීයධ්‍යාන ය, තෘතීයධ්‍යාන ය, චතුර්‍ත්‍ථධ්‍යාන යි.
682. එහි ප්‍රථමධ්‍යාන කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... පඨවිකසිණ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි පඤ්චාඞ්ගිකධ්‍යානය වෙයි: විතර්‍ක ය, විචාර ය, ප්‍රීති ය, සුඛ ය, චිත්තයාගේ ඒකාග්‍රතා යි. මේ ‘ප්‍රථමධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
683. එහි ද්විතීයධ්‍යාන කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... පඨවිකසිණ ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ත්‍රයඞ්ගධ්‍යානය වෙයි: ප්‍රීති ය, සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘ද්විතීයධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
684. එහි තෘතීයධ්‍යාන කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, ප්‍රීතියගේ ද විරාගයෙන් ... පඨවිකසිණ තෘතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ද්ව්‍යඞ්ගධ්‍යානය වෙයි: සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘තෘතීයධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යාන සම්ප්‍රයුක්තයෝ යි.
685. එහි චතුර්‍ත්‍ථධ්‍යාන කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... පඨවිකසිණ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ද්ව්‍යඞ්ගධ්‍යානය වෙයි: උපේක්‍ෂා ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘චතුර්‍ත්‍ථධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
686. මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන්ව ම ... පඨවිකසිණ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි පඤ්චාඞ්ගධ්‍යානය වෙයි: විතර්‍කය, විචාරය, ප්‍රීති ය, සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘ප්‍රථමධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
687. මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම, අකුශලධර්‍මයන්ගෙන් වෙන් ව ම, අවිතර්‍ක වූ, විචාර මාත්‍ර වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති පඨවිකසිණ ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි චතුරඞ්ගධ්‍යානය වෙයි: විචාරය, ප්‍රීති ය, සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘ද්විතීයධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
688. මෙ සස්නෙහි මහණ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍ක විචාරයන්ගේ සන්හිඳීමෙන් ... පඨවිකසිණ තෘතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ත්‍රයඞ්ගධ්‍යානය වෙයි: ප්‍රීති ය, සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘තෘතීයධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
689. මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, ප්‍රීතියගේ ද විරාගයෙන් ... පඨවිකසිණ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ද්ව්‍යඞ්ගධ්‍යානය වෙයි: සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘චතුර්‍ත්‍ථධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
690. මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... පඨවිකසිණ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ද්ව්‍යඞ්ගධ්‍යානය වෙයි: උපේක්‍ෂා ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘පඤ්චමධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
691. මෙ සස්නෙහි මහණ යම් කලෙක අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා සහගත වූ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ද්ව්‍යඞ්ගධ්‍යානය වෙයි: උපේක්‍ෂා ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘චතුර්‍ත්‍ථධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
692. ධ්‍යාන සතරෙකි: ප්‍රථමධ්‍යාන ය, ද්විතීයධ්‍යාන ය, තෘතීයධ්‍යාන ය, චතුර්‍ත්‍ථධ්‍යාන යි.
693. එහි ප්‍රථමධ්‍යාන කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ, අපචයගාමී වූ, ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුක් වූ ප්‍රතිපදා ඇති, ලැසි වූ අභිඥා ඇති, ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි පඤ්චාඞ්ගධ්‍යානය වෙයි: විතර්‍ක ය, විචාර ය, ප්‍රීති ය, සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘ප්‍රථමධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
694. එහි ද්විතීයධ්‍යාන කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ, අපචයගාමී වූ, ලෝකෝත්තරධ්‍යානය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... දුඃඛ ප්‍රතිපත් ඇති, දන්‍ධාභිඥ වූ ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ත්‍රයඞ්ගධ්‍යානය වෙයි: ප්‍රීති ය, සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘ද්විතීයධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
695. එහි තෘතීයධ්‍යාන කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථම භූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ, අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, ප්‍රීතියගේ ද විරාගයෙන් ... දුඃඛප්‍රතිපත් ඇති, දන්‍ධාභිඥ වූ තෘතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ද්ව්‍යඞ්ගධ්‍යානය වෙයි: සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘තෘතීයධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යාන සම්ප්‍රයුක්තයෝ යි.
696. එහි චතුර්‍ත්‍ථධ්‍යාන කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ, අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... දුඃඛප්‍රතිපත් ඇති, දන්‍ධාභිඥ වූ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ද්ව්‍යඞ්ගධ්‍යානය වෙයි: උපේක්‍ෂා ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘චතුර්‍ත්‍ථධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
697. මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ, අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන්ව ම ... දුඃඛප්‍රතිපත් ඇති, දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි පඤ්චාඞ්ගධ්‍යානය වෙයි: විතර්‍ක ය, විචාර ය, ප්‍රීතිය, සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘ප්‍රථමධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.