අභිධර්ම භාජනීය යි.
207. ස්කන්ධයෝ පස්දෙනෙකි: රූපස්කන්ධ යැ, වේදනාස්කන්ධ යැ, සංඥාස්කන්ධ යැ, සංස්කාරස්කන්ධ යැ, විඥානස්කන්ධ යි.
208. පඤ්චස්කන්ධයන් අතුරෙහි කෙතෙක් කුශලයෝ ද, කෙතෙක් අකුශලයෝ ද, කෙතෙක් අව්යාකෘතයෝ ද, ... කෙතෙක් සරණයෝ ද, කෙතෙක් අරණයෝ ද යත්:
209. රූපස්කන්ධය අව්යාකෘත යැ. සතර ස්කන්ධයෝ කුසල් විය හෙති, අකුසල් විය හෙති, අව්යාකෘත විය හෙත්.
ස්කන්ධයෝ දෙදෙනෙක් සුඛ වේදනාව හා සම්ප්රයුක්තයහ යි ද, දුඃඛ වේදනාව හා සම්ප්රයුක්තයහ යි ද, උපේක්ෂා වේදනාව හා සම්ප්රයුක්තයහ යි ද නො කිය යුත්තාහ. ස්කන්ධයෝ තිදෙනෙක් සුඛ වේදනාව හා සම්ප්රයුක්තයෝ විය හෙති. දුඃඛ වේදනාව හා සම්ප්රයුක්තයෝ විය හෙති, උපේක්ෂා වේදනාව හා සම්ප්රයුක්තයෝ විය හෙත්.
රූපස්කන්ධය නො මැ විපාක වූ විපාක ස්වභාව ධර්ම වූයේ නො වෙයි. සතර ස්කන්ධයෝ විපාක ද වන්නාහ, විපාක ස්වභාව ධර්ම ද වන්නාහ, නො මැ විපාක වූ නො ද විපාක ස්වභාව ධර්ම වන්නාහ.
රූපස්කන්ධය උපාදින්නෝපාදානීය ද වන්නේ යැ, අනුපාදින්නෝපාදානීය ද වන්නේ යි. සතර ස්කන්ධයෝ උපාදින්නෝපාදානීය ද වන්නාහ, අනුපාදින්නෝපාදානීය ද වන්නාහ, අනුපාදින්න අනුපාදානිය ද වන්නාහ.
රූපස්කන්ධය අසංක්ලිෂ්ට සාංක්ලේශික යැ, සතර ස්කන්ධයෝ සංකිලිට්ඨ සංකිලේසික ද වන්නාහ, අසංකිලිට්ඨ සංකිලේසික ද වන්නාහ, අසංකිලිට්ඨ අසංකිලේසික ද වන්නාහු ය.
රූපස්කන්ධය අවිතර්ක අවිචාර යැ. ස්කන්ධයෝ තිදෙනෙක් සවිතර්ක සවිචාර ද වන්නාහ, අවිතර්ක විචාර මාත්ර ද වන්නාහ, අවිතර්ක අවිචාර ද වන්නාහ, සංස්කාරස්කන්ධය සවිතර්ක සවිචාර ද වන්නේ යැ, අවිතර්ක විචාර මාත්ර ද වන්නේ යැ, අවිතර්ක අවිචාර ද වන්නේ යැ, සවිතර්ක සවිචාර යි ද, අවිතර්ක විචාර මාත්ර යි ද, අවිතර්ක අවිචාර යි ද, නො කිය යුතු වන්නේ යි.
රූපස්කන්ධය ප්රීති සහගත යි ද, සුඛ සහගත යි ද, උපේක්ෂා සහගත යි ද නො කිය යුත්තේ යැ, වේදනාස්කන්ධය ප්රීති සහගත වන්නේ යැ, සුඛ සහගත නො වෙයි, උපේක්ෂා සහගත නො වේ. ප්රීති සහගතැයි නො කිය යුතු වන්නේ යැ, ස්කන්ධයෝ තිදෙනෙක් ප්රීතිසහගත ද වන්නාහ, සුඛ සහගත ද වන්නාහ, උපේක්ෂා සහගත ද වන්නාහ, ප්රීති සහගතයහ යි ද, සුඛ සහගතයහ යි ද, උපේක්ෂා සහගතයහ යි ද, නො කියයුතු වන්නාහ.
රූපස්කන්ධය නො මැ දර්ශනයෙන් නො ද භාවනායෙන් ප්රහාතව්ය යැ, සතර ස්කන්ධයෝ දර්ශනයෙන් ප්රහාතව්ය ද වන්නාහ, භාවනායෙන් ප්රහාතව්ය ද වන්නාහ, නො මැ දර්ශනයෙන් නො ද භාවනායෙන් ප්රහාතව්ය ද වන්නාහු යැ.
රූපස්කන්ධය නො මැ දර්ශනයෙන් නො ද භාවනායෙන් ප්රහාතව්ය වූ හේතු ඇත්තේ යැ. සතර ස්කන්ධයෝ දර්ශනයෙන් ප්රහාතව්ය වූ හේතු ඇත්තාහු ද වන්නාහ, භාවනායෙන් ප්රහාතව්ය හේතුක ද වන්නාහ, නො මැ දර්ශනයෙන් නො ද භාවනායෙන් ප්රහාතව්ය හේතුක ද වන්නාහු යැ.
රූපස්කන්ධය නො මැ ආචයගාමී වූයේ නො ද අපචයගාමී යැ. සතර ස්කන්ධයෝ ආචයගාමී ද වන්නාහ, අපචයගාමී ද වන්නාහ, නො මැ ආචයගාමී නො ද අපචයගාමී ද වන්නාහු යැ.
රූපස්කන්ධය නො මැ ශෛක්ෂ වූයේ නො ද අශෛක්ෂ වූයේ යැ. සතර ස්කන්ධයෝ ශෛක්ෂ ද වන්නාහ, අශෛක්ෂ ද වන්නාහ, නො මැ ශෛක්ෂ ද නො ද අශෛක්ෂ ද වන්නාහු යැ.
රූපස්කන්ධය පරිත්ත යැ. සතර ස්කන්ධයෝ පරිත්ත ද වන්නාහ, මහද්ගත ද වන්නාහ, අප්රමාණ ද වන්නාහු යැ.
රූපස්කන්ධය අනාලම්බන ය. සතර ස්කන්ධයෝ පරිත්තාලම්බන ද වන්නාහ, මහද්ගතාලම්බන ද වන්නාහ, අප්රමාණාලම්බන ද වන්නාහ, පරිත්තාලම්බන යි ද, මහද්ගතාලම්බන යි ද, අප්රමාණාලම්බන යි ද, නො කියයුතු වන්නාහු යැ.
රූපස්කන්ධය මධ්යම යැ. සතර ස්කන්ධයෝ හීන ද වන්නාහ, මධ්යම ද වන්නාහ, ප්රණීත ද වන්නාහු ය.
රූපස්කන්ධය අනියත යැ. සතර ස්කන්ධයෝ මිථ්යාත්වනියත ද වන්නාහ, සම්යක්ත්වනියත ද වන්නාහ, අනියත ද වන්නාහු යැ.