171. එහි විඥානස්කන්ධය කවරේ යත්:
එක් ප්රකාරයෙකින් විඥානස්කන්ධය වෙයි: ස්පර්ශය හා සම්ප්රයුක්ක වූයේ යි.
ද්විප්රකාරයෙකින් විඥානස්කන්ධය වෙයි: සහේතුක වූයෙක් ඇත, අහේතුක වූයෙක් ඇති.
ත්රිප්රකාරයෙකින් විඥානස්කන්ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්යාකෘත වූයෙක් ඇති.
චතුෂ්ප්රකාරයෙකින් විඥානස්කන්ධය වෙයි: කාමාවචර වූයෙක් ඇත. රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇති.
පඤ්චප්රකාරයෙකින් විඥානස්කන්ධය වෙයි: සුඛින්ද්රිය හා සම්ප්රයුක්ත වූයෙක් ඇත, දුක්ඛින්ද්රිය හා සම්ප්රයුක්ත වූයෙක් ඇත, සෝමනස්සින්ද්රිය හා සම්ප්රයුක්ත වූයෙක් ඇත, දෝමනස්සින්ද්රිය හා සම්ප්රයුක්ත වූයෙක් ඇත, උපෙක්ඛින්ද්රිය හා සම්ප්රයුක්ත වූයෙක් ඇති. මෙසේ පඤ්චප්රකාරයෙන් විඥානස්කන්ධය වේ.
ෂට්ප්රකාරයෙකින් විඥානස්කන්ධය වෙයි: චක්ෂුර්විඥාන ය, ශ්රෝත්ර විඥානය, ඝ්රාණ විඥානය, ජිව්හා විඥානය, කාය විඥානය, මනෝ විඥානයි. මෙසේ ෂට්ප්රකාරයෙන් විඥානස්කන්ධය වේ.
සප්තප්රකාරයෙන් විඥානස්කන්ධය වෙයි: චක්ෂුර්විඥානය, ශ්රෝත්ර විඥානය, ඝ්රාණ විඥානය, ජිව්හා විඥානය, කාය විඥානය, මනෝ ධාතු ය, මනෝ විඥාන ධාතු යි. මෙසේ සප්තප්රකාරයෙන් විඥානස්කන්ධය වේ.
අෂ්ටප්රකාරයෙකින් විඥානස්කන්ධය වෙයි: චක්ෂුර්විඥාන ය, ශ්රෝත්රවිඥාන ය, ඝ්රාණවිඥාන ය, ජිව්හාවිඥාන ය, කායවිඥානය සුඛ සහගත වූයෙක් ඇත, දුක්ඛ සහගත වූයෙක් ඇති, මනෝධාතු ය, මනෝ විඥානධාතු යි. මෙසේ අෂ්ටප්රකාරයෙන් විඥානස්කන්ධය වේ.
නවප්රකාරයෙකින් විඥානස්කන්ධය වෙයි: චක්ෂුර්විඥානය, ශ්රෝත්රවිඥානය, ඝ්රාණවිඥානය, ජිව්හාවිඥානය, කායවිඥානය, මනෝධාතුය, මනෝවිඥානධාතුව කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්යාකෘත වූයෙක් ඇති. මෙසේ නවප්රකාරයෙන් විඥානස්කන්ධය වේ.
දශප්රකාරයෙකින් විඥානස්කන්ධය වෙයි: චක්ෂුර්විඥානය, ... කායවිඥානය සුඛසහගත වූයෙක් ඇත, දුඃඛසහගත වූයෙක් ඇත, මනෝධාතුය, මනෝ විඥානධාතුව කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්යාකෘත වූයෙක් ඇති. මෙසේ දශප්රකාරයෙන් විඥානස්කන්ධය වේ.
172. එක් ප්රකාරයෙකින් විඥානස්කන්ධය වෙයි: ස්පර්ශය හා සම්ප්රයුක්ත වූයේ යි.
ද්විප්රකාරයෙකින් විඥානස්කන්ධය වෙයි: සහේතුක වූයෙක් ඇත, අහේතුක වූයෙක් ඇති.
ත්රිප්රකාරයෙකින් විඥානස්කන්ධය වෙයි: සුඛ වේදනාව හා සම්ප්රයුක්ත වූයෙක් ඇත, දුඃඛවේදනාව හා සම්ප්රයුක්ත වූයෙක් ඇත, උපේක්ෂා වේදනාව හා සම්ප්රයුක්ත වූයෙක් ඇති.
විපාක වූයෙක් ඇත, විපාක ධර්ම ස්වභාව වූයෙක් ඇත, නො මැ විපාක වූ විපාක ධර්ම ස්වභාව නො වූයෙක් ඇති.
උපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්න අනුපාදානිය වූයෙක් ඇති.
සංක්ලිෂ්ටසාංක්ලේශික වූයෙක් ඇත, අසංක්ලිෂ්ට වූ සාංක්ලේශික වූයෙක් ඇත, අසංක්ලිෂ්ට - අසාංක්ලේශික වූයෙක් ඇති.
සවිතර්ක සවිචාර වූයෙක් ඇත, අවිතර්ක විචාරමාත්ර වූයෙක් ඇත, අවිතර්ක - අවිචාර වූයෙක් ඇති.
ප්රීතිසහගත වූයෙක් ඇත, සුඛසහගත වූයෙක් ඇත, උපේක්ෂා සහගත වූයෙක් ඇති.
දර්ශනයෙන් ප්රහාතව්ය වූයෙක් ඇත, භාවනායෙන් ප්රහාතව්ය වූයෙක් ඇත, නො මැ දර්ශනයෙන් නො ද භාවනායෙන් ප්රහාතව්ය වූයෙක් ඇති.
දර්ශනයෙන් ප්රහාතව්ය හේතු ඇතියෙක් ඇත, භාවනායෙන් ප්රහාතව්ය හේතු ඇතියෙක් ඇත, නො මැ දර්ශනයෙන් නො ද භාවනායෙන් ප්රහාතව්ය හේතු ඇතියෙක් ඇති.
ආචයගාමී වූයෙක් ඇත, අපචයගාමී වූයෙක් ඇත, නො මැ ආචයගාමී නො ද අපචයගාමී වූයෙක් ඇත.
ශෛක්ෂ වූයෙක් ඇත, අශෛක්ෂ වූයෙක් ඇත, නො මැ ශෛක්ෂ වූ අශෛක්ෂ නො වූයෙක් ඇති.