135. එහි සංස්කාරස්කන්ධය කවරේ යත්:
එක් ප්රකාරයෙකින් සංස්කාරස්කන්ධය වෙයි: චිත්තය හා සම්ප්රයුක්ත වූයේ යි.
ද්වි ප්රකාරයෙකින් සංස්කාරස්කන්ධය වෙයි: හේතු වූ (සංස්කාරස්කන්ධ)යෙක් ඇත, හේතු නො වූ (සංස්කාරස්කන්ධ)යෙක් ඇති.
ත්රිප්රකාරයෙකින් සංස්කාරස්කන්ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්යාකෘත වූයෙක් ඇති.
චතුෂ්ප්රකාරයෙකින් සංස්කාරස්කන්ධය වෙයි: කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇති.
පඤ්චප්රකාරයෙකින් සංස්කාරස්කන්ධය වෙයි: සුඛේන්ද්රිය හා සම්ප්රයුක්ත වූයෙක් ඇත, දුඃඛේන්ද්රිය හා සම්ප්රයුක්ත වූයෙක් ඇත, සෝමනස්සින්ද්රිය හා සම්ප්රයුක්ත වූයෙක් ඇත, දෝමනස්සින්ද්රිය හා සම්ප්රයුක්ත වූයෙක් ඇත, උපෙක්ඛින්ද්රිය හා සම්ප්රයුක්ත වූයෙක් ඇති. මෙසේ පඤ්චප්රකාරයෙන් සංස්කාරස්කන්ධය වේ.
ෂට්ප්රකාරයෙකින් සංස්කාරස්කන්ධය වෙයි: චක්ඛුසම්ඵස්සයෙන් උපන් චේතනා ය, සෝතසම්ඵස්සයෙන් උපන් චේතනා ය, ඝානසම්ඵස්සයෙන් උපන් චේතනා ය, ජිව්හාසම්ඵස්සයෙන් උපන් චේතනා ය, කායසම්ඵස්සයෙන් උපන් චේතනා ය, මනෝසම්ඵස්සයෙන් උපන් චේතනා යි. මෙසේ ෂට්ප්රකාරයෙන් සංස්කාරස්කන්ධය වේ.
සප්තප්රකාරයෙකින් සංස්කාරස්කන්ධය වෙයි: චක්ඛුසම්ඵස්සයෙන් උපන් චේතනා ය, සෝතසම්ඵස්සයෙන් උපන් චේතනා ය, ඝානසම්ඵස්සයෙන් උපන් චේතනා ය, ජිව්හාසම්ඵස්සයෙන් උපන් චේතනා ය, කායසම්ඵස්සයෙන් උපන් චේතනා ය, මනෝසම්ඵස්සයෙන් උපන් චේතනා ය, මනෝවිඤ්ඤාණධාතුසම්ඵස්සයෙන් උපන් චේතනා යි. මෙසේ සප්තප්රකාරයෙන් සංස්කාරස්කන්ධය වේ.
අෂ්ටප්රකාරයෙන් සංස්කාරස්කන්ධය වේ: චක්ඛුසම්ඵස්සයෙන් උපන් චේතනා ය, ... කායසම්ඵස්සයෙන් උපන් චේතනාව සුඛසහගත වූයෙක් ඇත, දුක්ඛසහගත වූයෙක් ඇත, මනෝධාතුසම්ඵස්සයෙන් උපන් චේතනා ය, මනෝවිඤ්ඤාණධාතුසම්ඵස්සයෙන් උපන් චේතනා යි. මෙසේ අෂ්ටප්රකාරයෙන් සංස්කාරස්කන්ධය වේ.
නවප්රකාරයෙකින් සංස්කාරස්කන්ධය වෙයි: චක්ඛුසම්ඵස්සයෙන් උපන් චේතනා ය, ... මනෝධාතුසම්ඵස්සයෙන් උපන් චේතනා ය, මනෝවිඤ්ඤාණධාතුසම්ඵස්සයෙන් උපන් චේතනාව කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්යාකෘත වූයෙක් ඇති. මෙසේ නවප්රකාරයෙන් සංස්කාරස්කන්ධය වේ.
දශප්රකාරයෙන් සංස්කාරස්කන්ධය වෙයි: චක්ඛුසම්ඵස්සයෙන් උපන් චේතනා ය, ... කායසම්ඵස්සයෙන් උපන් චේතනාව සුඛසහගත වූයෙක් ඇත, දුක්ඛසහගත වූයෙක් ඇති, මනෝධාතුසම්ඵස්සයෙන් උපන් චේතනා ය, මනෝවිඤ්ඤාණධාතුසම්ඵස්සයෙන් උපන් චේතනාව කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්යාකෘත වූයෙක් ඇති. මෙසේ දශප්රකාරයෙන් සංස්කාරස්කන්ධය වේ.
136. එක් ප්රකාරයෙකින් සංස්කාරස්කන්ධය වෙයි: චිත්තය හා සම්ප්රයුක්ත වූයේ යි.
ද්විප්රකාරයෙකින් සංස්කාරස්කන්ධය වෙයි: හේතු වූයෙක් ඇත, හේතු නො වූයෙක් ඇති.
ත්රිප්රකාරයෙකින් සංස්කාරස්කන්ධය වෙයි: සුඛවේදනාව හා සම්ප්රයුක්ත වූයෙක් ඇත, දුක්ඛ වේදනාව හා සම්ප්රයුක්ත වූයෙක් ඇත, උපෙක්ඛා වේදනාව හා සම්ප්රයුක්ත වූයෙක් ඇති.
විපාක වූයෙක් ඇත, විපාක ධර්මස්වභාව වූයෙක් ඇත, නො මැ විපාක වූ විපාක ධර්මස්වභාව නො වූයෙක් ඇති.
උපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්න අනුපාදානිය වූයෙක් ඇති.
සඞ්කිලිට්ඨසඞ්කිලේසික වූයෙක් ඇත, අසඞ්කිලිට්ඨසඞ්කිලේසික වූයෙක් ඇත, අසඞ්කිලිට්ඨඅසඞ්කිලේසික වූයෙක් ඇති.
සවිතර්කසවිචාර වූයෙක් ඇත, අවිතර්කවිචාරමාත්ර වූයෙක් ඇත, අවිතර්ක අවිචාර වූයෙක් ඇති.
ප්රීතිසහගත වූයෙක් ඇත, සුඛසහගත වූයෙක් ඇත, උපේක්ෂාසහගත වූයෙක් ඇති.
දර්ශනයෙන් ප්රහාතව්යෙයක් ඇත, භාවනාවෙන් ප්රහාතව්යෙයක් ඇත, නො මැ දර්ශනයෙන් නො ද භාවනායෙන් ප්රහාතව්යෙයක් ඇති.
දර්ශනයෙන් ප්රහාතව්යහේතු ඇතියෙක් ඇත, භාවනායෙන් ප්රහාතව්යහේතු ඇතියෙක් ඇත, නො මැ දර්ශනයෙන් නො ද භාවනායෙන් ප්රහාතව්යහේතු ඇතියෙක් ඇති.
ආචයගාමී වූයෙක් ඇත, අපචයගාමී වූයෙක් ඇත, නො මැ ආචයගාමී නො ද අපචයගාමී වූයෙක් ඇති.
ශෛක්ෂ වූයෙක් ඇත, අශෛක්ෂ වූයෙක් ඇත, නො මැ ශෛක්ෂ වූ අශෛක්ෂ නො වූයෙක් ඇති.
පරිත්ත වූයෙක් ඇත, මහද්ගත වූයෙක් ඇත, අප්රමාණ වූයෙක් ඇති.
පරිත්තාලම්බන වූයෙක් ඇත, මහද්ගතාලම්බන වූයෙක් ඇත, අප්රමාණාලම්බන වූයෙක් ඇති.
හීන වූයෙක් ඇත, මධ්යම වූයෙක් ඇත, ප්රණීත වූයෙක් ඇති.
මිත්ථ්යාත්වනියත වූයෙක් ඇත, සම්යක්ත්වනියත වූයෙක් ඇත, අනියත වූයෙක් ඇති.
මාර්ගාලම්බන වූයෙක් ඇත, මාර්ගහේතුක වූයෙක් ඇත, මාර්ගාධිපති වූයෙක් ඇති.
උත්පන්න වූයෙක් ඇත, අනුත්පන්න වූයෙක් ඇත, උපදනාසුලු වූයෙක් ඇති.
අතීත වූයෙක් ඇත, අනාගත වූයෙක් ඇත, ප්රත්යුත්පන්න වූයෙක් ඇති.
අතීතාලම්බන වූයෙක් ඇත, අනාගතාලම්බන වූයෙක් ඇත, ප්රත්යුත්පන්නාලම්බන වූයෙක් ඇති.
අධ්යාත්ම වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇත, අධ්යාත්ම - බාහිර වූයෙක් ඇති.
අධ්යාත්මාලම්බන වූයෙක් ඇති, බාහිරාලම්බන වූයෙක් ඇති, අධ්යාත්මබාහිරාලම්බන වූයෙක් ඇති ... මෙසේ දශප්රකාරයෙන් සංස්කාරස්කන්ධය වේ.
137. එක් ප්රකාරයෙකින් සංස්කාරස්කන්ධය වෙයි: චිත්තය හා සම්ප්රයුක්ත වූයේ යි.
ද්විප්රකාරයෙකින් සංස්කාරස්කන්ධය වෙයි: සහේතුක වූයෙක් ඇත, අහේතුක වූයෙක් ඇති.
හේතු සම්ප්රයුක්ත වූයෙක් ඇත, හේතු විප්රයුක්ත වූයෙක් ඇති.
හේතු ද වූ සහේතුක ද වූයෙක් ඇත, සහේතුක ද වූ නො ද හේතු වූයෙක් ඇති.
හේතු ද වූ හේතු සම්ප්රයුක්ත ද වූයෙක් ඇත, හේතු සම්ප්රයුක්ත ද වූ නො ද හේතු වූයෙක් ඇති.