100. එහි සංඥාස්කන්‍ධය කවරේ යත්:
එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා යෙදුණේ යි.
ද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: සහේතුක වූයෙක් ඇත, අහේතුක වූයෙක් ඇති.
ත්‍රිප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති.
චතුෂ් ප්‍රකාරයෙකින් සංඥාස්කධය වෙයි: කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇති.
පඤ්චප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: සුඛේන්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුඃඛේන්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, සෝමනස්සින්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දෝමනස්සින්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපෙක්ඛින්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇති. මෙසේ පඤ්චප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
ෂට් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, සෝත සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, ඝාන සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, ජිව්හා සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, කාය සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, මනෝ සම්ඵස්සයෙන් උපන් සංඥා යි. මෙසේ ෂට් ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
සප්ත ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්සයෙන් උපන් සංඥා ය, සෝත සම්ඵස්සයෙන් උපන් සංඥා ය, ඝාන සම්ඵස්සයෙන් උපන් සංඥා ය, ජිව්හා සම්ඵස්සයෙන් උපන් සංඥා ය, කාය සම්ඵස්සයෙන් උපන් සංඥා ය, මනෝ ධාතු සම්ඵස්සයෙන් උපන් සංඥා ය, මනෝ විඤ්ඤාණ ධාතු සම්ඵස්සයෙන් උපන් සංඥා යි. මෙසේ සප්ත ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
අෂ්ට ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්සයෙන් උපන් සංඥා ය, ... කාය සම්ඵස්සයෙන් උපන් සංඥා සුඛ සහගත වූයේ ඇත, දුක්ඛ සහගත වූයේ ඇති, මනෝ ධාතු සම්ඵස්සයෙන් උපන් සංඥා ය, මනෝ විඤ්ඤාණ ධාතු සම්ඵස්සයෙන් උපන් සංඥා යි. මෙසේ අෂ්ට ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
නව ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්සයෙන් උපන් සංඥා ය, ... කාය සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, මනෝ ධාතු සම්ඵස්සයෙන් උපන් සංඥා ය, මනෝ විඤ්ඤාණ ධාතු සම්ඵස්සයෙන් උපන් සංඥාව කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. මෙසේ නව ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
දශ ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, ... කාය සම්ඵස්සජ සංඥාව සුඛ සහගත වූයේ ඇත, දුක්ඛ සහගත වූයේ ඇති, මනෝ ධාතු සම්ඵස්සජ සංඥා යැ, මනෝ විඤ්ඤාණ ධාතු සම්ඵස්සජ සංඥාව කුශල වූයේ ඇත, අකුශල වූයේ ඇත, අව්‍යාකෘත වූයේ ඇති. මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
101. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත් වූයේ යි.
ද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: සහේතුක වූයෙක් ඇත, අහේතුක වූයෙක් ඇති.
ත්‍රිප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුක්ඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, අදුක්ඛම සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
102. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: සහේතුක වූයෙක් ඇත, අහේතුක වූයෙක් ඇති.
ත්‍රිප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: විපාක වූයෙක් ඇත, විපාක ධර්‍ම ස්වභාව වූයෙක් ඇත, නො මැ විපාක වූ විපාක ධර්‍ම ස්වභාව නො වූයෙක් ඇති.
උපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්න අනුපාදානිය වූයෙක් ඇති.
සඞ්කිලිට්ඨ සඞ්කිලේසික වූයෙක් ඇත, අසඞ්කිලිට්ඨ සඞ්කිලේසික වූයෙක් ඇත, අසඞ්කිලිට්ඨ - අසඞ්කිලේසික වූයෙක් ඇති.
සවිතර්‍ක සවිචාර වූයෙක් ඇත, අවිතර්‍ක විචාර මාත්‍ර වූයෙක් ඇත, අවිතර්‍ක - අවිචාර වූයෙක් ඇති.
ප්‍රීති සහගත වූයෙක් ඇත, සුඛ සහගත වූයෙක් ඇත, උපේක්‍ෂා සහගත වූයෙක් ඇති.