66. එහි වේදනාස්කන්‍ධය කවරේ යත්:
එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ද්වීප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: සහේතුක වූයේ ඇත, අහේතුක වූයේ ඇති.
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: කුශල වූ වේදනාස්කන්‍ධයෙක් ඇත, අකුශල වූයේ ඇත, අව්‍යාකෘත වූයේ ඇති.
චතුෂ්ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: කාමාවචර වූ වේදනාස්කන්‍ධයෙක් ඇත, රූපාවචර වූයේ ඇත, අරූපාවචර වූයේ ඇත, අපර්‍ය්‍යාපන්න වූයේ ඇති.
පඤ්චප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: සුඛීන්‍ද්‍රියයෙක් ඇත, දුක්ඛීන්‍ද්‍රියයෙක් ඇත, සෝමනස්සින්‍ද්‍රියයෙක් ඇත, දෝමනස්සින්‍ද්‍රියයෙක් ඇත, උපෙක්ඛින්‍ද්‍රියයෙක් ඇති. මෙසේ පඤ්චප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
ෂට්ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, සෝතසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, ඝානසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, ජිව්හා සම්ඵස්සයෙන් උපන් වේදනා යැ, කාය සම්ඵස්සයෙන් උපන් වේදනා යැ, මනෝ සම්ඵස්සයෙන් උපන් වේදනා යි. මෙසේ ෂට්ප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
සප්තප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: : චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, සෝතසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, ඝානසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, ජිව්හා සම්ඵස්සයෙන් උපන් වේදනා යැ, කාය සම්ඵස්සයෙන් උපන් වේදනා යැ, මනෝ ධාතු සම්ඵස්සයෙන් උපන් වේදනා යැ, මනෝ විඤ්ඤාණධාතු සම්ඵස්සයෙන් උපන් වේදනා යි. මෙසේ සප්තප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
අෂ්ටප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, සෝතසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, ඝානසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, ජිව්හා සම්ඵස්සයෙන් උපන් වේදනා යැ, කාය සම්ඵස්සයෙන් උපන් වේදනා සුඛ වූයේ ඇත, දුක් වූයේ ඇති. මනෝ ධාතු සම්ඵස්සයෙන් උපන් වේදනා යැ, මනෝ විඤ්ඤාණ ධාතු සම්ඵස්සයෙන් උපන් වේදනා යි. මෙසේ අෂ්ටප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
නවප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, සෝතසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, ඝානසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, ජිව්හා සම්ඵස්සයෙන් උපන් වේදනා යැ, කාය සම්ඵස්සයෙන් උපන් වේදනා යැ, මනෝ ධාතු සම්ඵස්සයෙන් උපන් වේදනායැ, මනෝ විඤ්ඤාණ ධාතු සම්ඵස්සයෙන් උපන් වේදනා කුශල වේදනායෙක් ඇත, අකුශල වේදනායෙක් ඇත, අව්‍යාකෘත වේදනායෙක් ඇති. මෙසේ නවප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
දශප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, සෝතසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, ඝානසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, ජිව්හා සම්ඵස්සයෙන් උපන් වේදනා යැ, කාය සම්ඵස්සයෙන් උපන් වේදනා සුව වූයේ ඇත, දුක් වූයේ ඇත, මනෝ ධාතු සම්ඵස්සයෙන් උපන් වේදනා යැ, මනෝ විඤ්ඤාණ ධාතු සම්ඵස්සයෙන් උපන් වේදනා කුශල වේදනායෙක් ඇත, අකුශල වේදනායෙක් ඇත, අව්‍යාකෘත වේදනායෙක් ඇති. මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
67. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
ද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: සහේතුක වේදනාස්කන්‍ධය ඇත, අහේතුක වූයේ ඇති.
ත්‍රි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: විපාක වූයෙක් ඇත, විපාක ස්වභාවධර්‍ම වූයේ ඇත, නො මැ විපාක වූ විපාක ස්වභාව ධර්‍ම නො වූයෙක් ඇති.
උපාදින්නුපාදානීය වූයෙක් ඇත, අනුපාදින්නුපාදානීය වූයෙක් ඇත, අනුපාදින්න අනුපාදානිය වූයෙක් ඇති.
සංක්ලිෂ්ට සාංක්ලේශික වූයෙක් ඇත, අසංක්ලිෂ්ට සාංක්ලේශික වූයෙක් ඇත, අසංක්ලිෂ්ට - අසාංක්ලේශික වූයෙක් ඇති.
සවිතර්‍ක සවිචාර වූයෙක් ඇත, අවිතර්‍ක විචාරමාත්‍ර වූයෙක් ඇත, අවිතර්‍ක අවිචාර වූයෙක් ඇති.
දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යයෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍යයෙක් ඇත, නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යයෙක් ඇති.
දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතුකයෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇත්තෙක් ඇත, නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇත්තෙක් ඇති.
ආචයගාමී වූයෙක් ඇත, අපචයගාමී වූයෙක් ඇත, නො ම ආචයගාමී නාපචයගාමී වූයෙක් ඇති.
ශෛක්‍ෂ වූයෙක් ඇත, අශෛක්‍ෂ වූයෙක් ඇත, නො ම ශෛක්‍ෂ වූ අශෛක්‍ෂ නො වූයෙක් ඇති.
පරිත්ත වූයෙක් ඇත, මහද්ගත වූයෙක් ඇත, අප්‍රමාණ වූයෙක් ඇති.
පරිත්තාලම්බන වූයෙක් ඇත, මහද්ගතාලම්බන වූයෙක් ඇත, අප්‍රමාණාලම්බන වූයෙක් ඇති.
හීන වූයෙක් ඇත, මධ්‍යම වූයෙක් ඇත, ප්‍රණීත වූයෙක් ඇති.
මිථ්‍යාත්‍වනියත වූයෙක් ඇත, සම්‍යක්ත්‍වනියත වූයෙක් ඇත, අනියත වූයෙක් ඇති.
මාර්‍ගාලම්බන වූයෙක් ඇත, මාර්‍ගහේතුක වූයෙක් ඇත, මාර්‍ගාධිපති වූයෙක් ඇති.
උත්පන්න වූයෙක් ඇත, අනුත්පන්න වූයෙක් ඇත, උත්පාදී (උපදනාසුලු) වූයෙක් ඇති.
අතීත වූයෙක් ඇත, අනාගත වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්න වූයෙක් ඇති.
අතීතාලම්බන වූයෙක් ඇත, අනාගතාලම්බන වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්නාලම්බන වූයෙක් ඇති.
අධ්‍යාත්ම වූයෙක් ඇත, බාහ්‍ය වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහ්‍ය වූයෙක් ඇති.
අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහ්‍යාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහ්‍යාලම්බන වූයෙක් ඇති. මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.