54. ස්කන්ධයෝ පස්දෙනෙකි: රූපස්කන්ධ යැ, වේදනාස්කන්ධ යැ, සංඥාස්කන්ධ යැ, සංස්කාරස්කන්ධ යැ, විඥානස්කන්ධ යි.
55. එහි රූපස්කන්ධය කවරේ යත්:
එක් අයුරෙකින් රූපස්කන්ධය වෙයි. හැම රූපය හේතු නො වෙයි, අහේතුක යැ, හේතු විප්රයුක්ත යැ, ප්රත්යය සහිත යැ, සඞ්ඛත යැ, (රුප්පනාර්ත්ථයෙන්) රූප යැ, ලෞකික යැ, සාස්රව යැ, සංයෝජනයන්ට හිත යැ, ග්රන්ථයන්ට හිත යැ, ඕඝයන්ට හිත යැ, යෝගයන්ට හිත යැ, නීවරණයන්ට හිත යැ, පරාමෘෂ්ට යැ, උපාදානයන්ට හිත ය, සාංක්ලේශික ය, අව්යාකෘත ය, අනාලම්බන ය, අචෛතසික යැ, චිත්ත විප්රයුක්ත යැ, නො ම විපාක වූ විපාකස්වභාවධර්ම නො වූයේ යැ, අසංක්ලිෂ්ට සාංක්ලේශික යැ, සවිතර්ක සවිචාර නො වූයේ යැ, අවිතර්ක විචාරමාත්ර නො වූයේ යැ, අවිතර්ක අවිචාර යැ, ප්රීති සහගත නො වූයේ යැ, සුඛ සහගත නො වූයේ යැ, උපේක්ෂා සහගත නො වූයේ යැ, නො ම දර්ශනයෙන් නො ද භාවනායෙන් ප්රහාතව්ය යැ, නො ම දර්ශනයෙන් නො ද භාවනායෙන් ප්රහාතව්ය හේතු ඇත්තේ යැ, නො ම ආචයගාමී නො ද අපචයගාමී යැ, නො ම ශෛක්ෂ නො ද අශෛක්ෂ යැ, පරිත්ත යැ, කාමාවචර යැ, රූපාවචර නො වූයේ යැ, අරූපාවචර නො වූයේ යැ, පර්ය්යාපන්න යැ, අපර්ය්යාපන්න නො වූයේ යැ, අනියත යැ, අනෛර්ය්යාණික යැ, උත්පන්න යැ, ෂඩ් විඥානයන් විසින් දත යුත්තේ යැ, අනිත්ය යැ, ජරාවෙන් මඩනා ලදි. මෙසේ එක් අයුරෙකින් රූපස්කන්ධය වේ.
56. ද්වීප්රකාරයෙකින් රූපස්කන්ධය වෙයි: උපාදා රූපයෙක් ඇත, උපාදා නොවූ රූපයෙක් ඇති. උපාදින්න රූපයෙක් ඇත, අනුපාදින්න රූපයෙක් ඇති. උපාදින්නෝපාදානීය රූපයෙක් ඇත, අනුපාදින්නෝපාදානීය රූපයෙක් ඇති. සනිදර්ශන රූපයෙක් ඇත, අනිදර්ශන රූපයෙක් ඇති. සප්රතිඝ රූපයෙක් ඇත, අප්රතිඝ රූපයෙක් ඇති. ඉන්ද්රිය රූපයෙක් ඇත, ඉන්ද්රිය නො වූ රූපයෙක් ඇති. මහා භූත රූපයෙක් ඇත, මහා භූත නො වූ රූපයෙක් ඇති. විඥප්ති රූපයෙක් ඇත, විඥප්ති නො වූ රූපයෙක් ඇති. ච්ත්ත සමුත්ථාන රූපයෙක් ඇත, ච්ත්ත සමුත්ථාන නො වූ රූපයෙක් ඇති. චිත්ත සහභූ (සිත සමග උපන්) රූපයෙක් ඇත, චිත්ත සහභූ නො වූ රූපයෙක් ඇති. චිත්තානුපරිවර්තී (සිත අනුව පෙරළෙන සුලු) රූපයෙක් ඇත, චිත්තානුපරිවර්තී නො වූ රූපයෙක් ඇති. ආධ්යාත්මික රූපයෙක් ඇත, බාහිර රූපයෙක් ඇති. ඖදාරික රූපයෙක් ඇත, සූක්ෂ්ම රූපයෙක් ඇති. දූරේ රූපයෙක් ඇත, සන්තිකේ රූපයෙක් ඇති. ... කවලීකාරාහාර රූපයෙක් ඇත, කවලීකාරාහාර නො වූ රූපයෙක් ඇති. මෙසේ ද්විප්රකාරයෙන් රූපස්කන්ධය වේ. (ධම්සඟුණු රූප කාණ්ඩයෙහි විභාග කළ පරිද්දෙන් විභාග කළ යුතු.)
57. ත්රිප්රකාරයෙකින් රූපස්කන්ධය වෙයි: යම් රූපයෙක් අධ්යාත්මික ද ඒ උපාදා වෙයි. යම් රූපයක් බාහිර ද ඒ උපාදා වූයෙක් ඇත, උපාදා නො වූයෙක් ඇති. යම් රූපයක් ආධ්යාත්මික ද ඒ උපාදින්න වෙයි. යම් රූපයක් බාහිර ද ඒ උපාදින්න වූයෙක් ඇත, අනුපාදින්න වූයෙක් ඇති. යම් රූපයක් ආධ්යාත්මික ද ඒ උපාදින්නෝපාදානිය වෙයි. යම් රූපයක් බාහිර ද ඒ උපාදින්නෝපාදානිය වූයෙක් ඇත, අනුපාදින්නෝපාදානිය වූයෙක් ඇති. ... යම් රූපයක් ආධ්යාත්මික ද ඒ කවලීකාරාහාර නො වෙයි. යම් රූපයක් බාහිර ද ඒ කවලීකාරාහාර වූයෙක් ඇත, කවලීකාරාහාර නො වූයෙක් ඇති. මෙසේ ත්රිප්රකාරයෙන් රූපස්කන්ධය වේ.
58. චතුෂ්ප්රකාරයෙකින් රූපස්කන්ධය වෙයි: යම් රූපයක් උපාදා වේ ද, ඒ උපාදින්න වූයෙක් ඇත, අනුපාදින්න වූයෙක් ඇති. යම් රූපයෙක් උපාදා නො වූයේ ද ඒ උපාදින්න වූයෙක් ඇත, අනුපාදින්න වූයෙක් ඇති. යම් රූපයක් උපාදා වූයේ ද ඒ උපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්නනෝපාදානීය වූයෙක් ඇති. යම් රූපයක් උපාදා නො වූයේ ද ඒ උපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්නෝපාදානීය වූයෙක් ඇති. යම් රූපයෙක් උපාදා වූයේ ද ඒ සප්රතිඝ වූයෙක් ඇත, අප්රතිඝ වූයෙක් ඇති. යම් රූපයෙක් උපාදා වූයේ ද ඒ ඖදාරික වූයෙක් ඇත, සූක්ෂ්ම වූයෙක් ඇති. යම් රූපයෙක් උපාදා නො වූයේ ද ඒ ඖදාරික වූයෙක් ඇත, සූක්ෂ්ම වූයෙක් ඇති. යම් රූපයෙක් උපාදා වූයේ ද ඒ දුරැ වූයෙක් ඇත, ළඟ වූයෙක් ඇති. යම් රූපයෙක් උපාදා නො වූයේ ද, ඒ දුරැ වූයෙක් ඇත, ළඟ වූයෙක් ඇති. ... දෘෂ්ට (රූපායතන) ය ශ්රැත (ශබ්දායතන)ය මුත(ගන්ධ, රසස්ප්රෂ්ටව්යායතන)ය විඥාත(ධර්මායතන) රූප යි. මෙසේ චතුෂ්ප්රකාරයෙන් රූපස්කන්ධය වේ.
59. පඤ්චප්රකාරයෙකින් රූපස්කන්ධ වෙයි: පෘථිවි ධාතු යැ, අබ් ධාතු යැ, තේජෝ ධාතු යැ, වායු ධාතු යැ, යම් උපාදා රූපයෙක්තු වේ ද එය යි. මෙසේ පඤ්චප්රකාරයෙන් රූපස්කන්ධය වේ.
60. ෂට්ප්රකාරයෙකින් රූපස්කන්ධය වෙයි: චක්ෂුර්විඥානයෙන් දතයුතු රූප යැ, ශ්රෝත්ර විඥානයෙන් දතයුතු රූප යැ, ඝ්රාණවිඥානයෙන් දතයුතු රූප යැ, ජිව්හාවිඥානයෙන් දතයුතු රූප යැ, කායවිඥානයෙන් දතයුතු රූප යැ, මනෝවිඥානයෙන් දතයුතු රූප යි. මෙසේ ෂට්ප්රකාරයෙන් රූපස්කන්ධය වේ.
61. සප්තප්රකාරයෙකින් රූපස්කන්ධය වෙයි: චක්ෂුර්විඥානයෙන් දතයුතු රූප යැ, ශ්රෝත්රවිඥානයෙන් දතයුතු රූප යැ, ඝ්රාණවිඥානයෙන් දතයුතු රූප යැ, ජිව්හාවිඥානයෙන් දතයුතු රූප යැ, කායවිඥානයෙන් දතයුතු රූප යැ, මනෝධාතුයෙන් දතයුතු රූප යැ, මනෝවිඥානධාතුයෙන් දතයුතු රූප යි. මෙසේ සප්තප්රකාරයෙන් රූපස්කන්ධය වේ.
62. අෂ්ටප්රකාරයෙකින් රූපස්කන්ධය වෙයි: චක්ෂුර්විඥානයෙන් දතයුතු රූප යැ, ශ්රෝත්ර විඥානයෙන් දතයුතු රූප යැ, ඝ්රාණවිඥානයෙන් දතයුතු රූප යැ, ජිව්හාවිඥානයෙන් දතයුතු රූප යැ, කායවිඥානයෙන් දතයුතු රූපය සුවපහස් වූයෙක් ඇත, දුක්පහස් වූයෙක් ඇති, මනෝධාතුයෙන් දතයුතු රූප යැ, මනෝවිඥානයෙන් දතයුතු රූප යි. මෙසේ අෂ්ටප්රකාරයෙන් රූපස්කන්ධය වේ.
63. නවප්රකාරයෙකින් රූපස්කන්ධය වෙයි: චක්ෂුරින්ද්රිය යැ, ශ්රෝත්රේන්ද්රිය යැ, ඝ්රාණේන්ද්රිය යැ, ජිව්හේනද්රිය යැ, කායේන්ද්රිය යැ, ස්ත්රීන්ද්රිය යැ, පුරුෂේන්ද්රිය යැ, ජීවිතේන්ද්රිය යැ, ඉන්ද්රිය නො වූ යම් රූපයෙකුත් වේ ද, ඒ දැ යි මෙසේ නවප්රකාරයෙන් රූපස්කන්ධය වේ.
64. දශප්රකාරයෙකින් රූපස්කන්ධය වෙයි: චක්ෂුරින්ද්රිය යැ, ශ්රෝත්රේන්ද්රිය යැ, ඝ්රාණේන්ද්රිය යැ, ජිව්හේනද්රිය යැ, කායේන්ද්රිය යැ, ස්ත්රීන්ද්රිය යැ, පුරුෂේන්ද්රිය යැ, ජීවිතේන්ද්රිය යැ, ඉන්ද්රිය නො වූ රූපය සප්රතිඝ වූයෙක් ඇත, අප්රතිඝ වූයෙක් ඇති. මෙසේ දශප්රකාරයෙන් රූපස්කන්ධය වේ.
65. ඒකාදශප්රකාරයෙකින් රූපස්කන්ධය වෙයි: චක්ෂුරායතන යැ, ශ්රෝත්රායතන යැ, ඝ්රාණායතන යැ, ජිව්හායතන යැ, කායායතන යැ, රූපායතන යැ, ශබ්දායතන යැ, ගන්ධායතන යැ, රසායතන යැ, ස්ප්රෂ්ටව්යායතන යැ, අනිදර්ශන අප්රතිඝ වූ ධර්මායතන පර්ය්යාපන්න වූ යම් රූපයකුත් වේ ද, ඒ දැ යි මෙසේ ඒකාදශප්රකාරයෙන් රූපස්කන්ධය වේ. මේ රූපස්කන්ධ යි කියනු ලැබේ.
රූපස්කන්ධය යි.