15-16. කවර පුද්ගලයෙක් නියත වේ ද යත්: ආනන්තර්ය්ය කර්ම සමඞ්ගී පුද්ගලයෝ පස් දෙනා ද නියත මිථ්යාදෘෂ්ටික වූ යම් කෙනෙක් වෙත් නම් ඔහු ද, ආර්ය්ය පුද්ගලයෝ අටදෙනා ද නියතයෝ යැ, අවශේෂ පුද්ගලයෝ අනියතයෝ යි.
17-18. කවර පුද්ගලයෙක් ප්රතිපන්නක වේ ද යත්: මාර්ග සමඞ්ගී පුද්ගලයෝ සතර දෙන ප්රතිපන්නකයෝ යැ, ඵලසමඞ්ගී පුද්ගලයෝ සතර දෙන ඵලයෙහි සිටියෝ යි.
19. කවර පුද්ගලයෙක් සමසීසී වේ ද යත්: යම් පුද්ගලයක්හුගේ පෙර පසු නො වැ ආස්රවක්ෂයත් ජීවිතක්ෂයත් වේ ද, මේ පුද්ගල සමසීසී යැ යි කියනු ලැබේ.
20. කවර පුද්ගලයෙක් ස්ථිතකල්පී වේ ද යත්: මේ පුද්ගලයාත් සෝවාන් ඵලය පසක් කරන්නට පිළිපන්නේ වේ නම් කල්පය තමාත් දැවෙන වේලාව වේ නම් යම්තාක් මේ පුද්ගල සෝවාන්ඵලය සාක්ෂාත් නො කෙරෙයි ද, ඒ තාක් කල්පය තෙමේ නො දැවේ මැ යි. මේ පුද්ගල ස්ථිතකල්පී යැ යි කියනු ලැබේ. මාර්ගස්ථ වූ සියලු මැ පුද්ගලයෝ ස්ථිතකල්පීහු යි.
21-22. කවර පුද්ගලයෙක් ‘ආර්ය්ය’ වේ ද යත්: අෂ්ටාර්ය්ය පුද්ගලයෝ ආර්ය්යයෝ යැ, සෙසු පුද්ගලයෝ අනාර්ය්යයෝ යි.
23-25. කවර පුද්ගලයෙක් ‘ශෛක්ෂ’ වේ ද යත්: මාර්ගස්ථ පුද්ගලයෝ සතර දෙනා යැ, ඵලස්ථ පුද්ගලයෝ තිදෙනා යැ යන මොහු ශෛක්ෂයෝ යැ, අර්හත් තෙමේ අශෛක්ෂ යැ, සෙසු පුද්ගලයෝ ශෛක්ෂත් අශෛක්ෂත් නො වූවෝ යි.
26. කවර පුද්ගලයෙක් තේවිජ්ජ වේ ද යත්: ත්රිවිද්යායෙන් යුක්ත වූ පුද්ගල තේවිජ්ජ නම් වෙයි.
27. කවර පුද්ගලයෙක් ‘ජළභිඤ්ඤ’ වේ ද යත්: සවැදෑරුම් අභිඥායෙන් යුක්ත වූ පුද්ගල ‘ඡළභිඤ්ඤ’ නම් වෙයි.
28. කවර පුද්ගලයෙක් ‘සම්මාසම්බුද්ධ’ වේ ද යත්: මෙලොවැ එක් පුද්ගලයෙක් පෙර නො ඇසූ විරූ ධර්මයන්හි සත්යයන් තෙමේ අවබෝධ කොට ගනියි, යළි එහි සර්වඥ බවට පැමිණෙයි, (දශ) බලඥානයෙහි ද වශීභාවයට පැමිණෙයි. මේ පුද්ගල ‘සම්මාසම්බුද්ධ’ යැයි කියනු ලැබේ.
29. කවර පුද්ගලයෙක් ‘පච්චේකසම්බුද්ධ’ වේ ද යත්: මෙලොවැ එක් පුද්ගලයෙක් පෙර නො ඇසූ විරූ ධර්මයන්හි සත්යයන් තෙමේ අවබෝධ කොට ගනි. එතෙකුදුවත් එහි සර්වඥභාවයට නො පැමිණෙයි. (දශ) බලඥානයෙහි වශීභාවයට ද නො පැමිණෙයි. මේ පුද්ගල ‘පව්චේකසම්බුද්ධ’ යැයි කියනු ලැබේ.
30. කවර පුද්ගලයෙක් ‘උභතෝභාග විමුක්ත’ වේ ද යත්: මෙලොව එක් පුද්ගලයෙක් අෂ්ටවිමෝක්ෂයන් (නාම) කයින් ස්පර්ශ කොට වාස කරයි. (විදර්ශනා - මාර්ග) ප්රඥායෙන් දැක මොහුගේ ආස්රවයෝ ක්ෂය වූවාහු ද වෙත්. මේ පුද්ගල ‘උභතෝභාගවිමුක්ත’ යැයි කියනු ලැබේ.