4. චතුෂ්ක මාතෘකා
1. අසත්පුරුෂ යැ, අසත්පුරුෂයාට වඩා අසත්පුරුෂතර යැ, සත්පුරුෂ යැ, සත්පුරුෂයාට වඩා සත්පුරුෂතර යි.
2. පාප යැ, පාපියාට වඩා පාපතර යැ, කල්‍යාණ යැ, කල්‍යාණයාට වඩා කල්‍යාණතර යි.
3. පාපධර්‍ම යැ, පාපධර්‍මයාට වඩා පාපධර්‍මතර යැ, කල්‍යාණධර්‍ම යැ, කල්‍යාණධර්‍මයාට වඩා කල්‍යාණධර්‍මතර යි.
4. සාවද්‍ය යැ, වද්‍ය බහුල යැ, අල්පවද්‍ය යැ, අනවද්‍ය යි.
5. උග්ඝටිතඥ යැ, විපඤ්චිතඥ යැ, නේය යැ, පදපරම යි.
6. මුක්තප්‍රතිභාන නො වූ යුක්තප්‍රතිභාන යැ, යුක්තප්‍රතිභාන නො වූ මුක්තප්‍රතිභාන යැ, යුක්තප්‍රතිභාන ද මුක්තප්‍රතිභාන ද වූයේ යැ, යුක්තප්‍රතිභාන නො ද වූ මුක්ත ප්‍රතිභාන නො වූයේ යි.
7. ධර්‍මකථික පුද්ගලයෝ සතර දෙනෙකි.
8. වලාහකයට බඳු පුද්ගලයෝ සතර දෙනෙකි.
9. මූෂිකෝපම පුද්ගලයෝ සතර දෙනෙකි.
10. අම්බූපම (අඹයට බඳු) පුද්ගලයෝ සතර දෙනෙකි.
11. කුම්භූපම (කළය බඳු) පුද්ගලයෝ සතර දෙනෙකි.
12. උදකරහදුපම (ජලාශය බඳු) පුද්ගලයෝ සතර දෙනෙකි.
13. බලිවර්‍දොපම (ගවයා බඳු) පුද්ගලයෝ සතර දෙනෙකි.
14. ආශිර්විෂෝපම (සර්‍පයාට බඳු) පුද්ගලයෝ සතර දෙනෙකි,
15. තුලනය නො කොට නුවණින් ගුණයට නො බැස නුගුණ කියයුත්තාගේ ගුණ කියන කිසි පුද්ගලයෙක් ඇත,
තුලනය නො කොට නුවණින් ගුණයට නො බැස ගුණ කියයුත්තාගේ නුගුණ කියන්නේ වේ ද (එබඳු) ඇතැම් පුද්ගලයෙක් ඇත,
තුලනය නො කොට නුවණින් ගුණයට නො බැස නො පැහැදිය යුතු තැන ප්‍රසාදය උපදවන්නේ වේ ද (එබඳු) කිසි පුද්ගලයෙක් ඇත,
තුලනය නො කොට නුවණින් ගුණයට නො බැස පැහැදිය යුතු තැන අප්‍රසාදය උපදවන්නේ වේ ද (එබඳු) කිසි පුද්ගලයෙක් ඇති.
16. තුලනය කොට නුවණින් ගුණයට බැස නුගුණ කිය යුත්තාගේ නුගුණ කියන්නේ වේ ද (එබඳු) ඇතැම් පුද්ගලයෙක් ඇත,
තුලනය කොට නුවණින් ගුණයට බැස ගුණ කිය යුත්තාගේ ගුණ කියන්නේ වේ ද (එබඳු) ඇතැම් පුද්ගලයෙක් ඇත,
තුලනය කොට නුවණින් ගුණයට බැස නො පැහැදිය යුතු තැන අප්‍රසාදය උපදවන්නේ වේ ද (එබඳු) ඇතැම් පුද්ගලයෙක් ඇත.
තුලනය කොට නුවණින් ගුණයට බැස පැහැදිය යුතු තැන ප්‍රසාදය උපදවන්නේ වේ ද (එබඳු) කිසි පුද්ගලයෙක් ඇති.
17. නුගුණ කියයුත්තාගේ විද්‍යමාන වූ සත්‍ය වූ නුගුණ සුදුසු කල්හි කියන්නේ වේ ද, එතෙකුදු වුවත් ගුණ කිය යුත්තාගේ විද්‍යමාන වූ සත්‍ය වූ ගුණ සුදුසු කල්හි නො කියන්නේ වේ ද (එබඳු) කිසි පුද්ගලයෙක් ඇත.
ගුණ කියයුත්තාගේ විද්‍යමාන වූ සත්‍ය වූ ගුණ සුදුසු කල්හි කියන්නේ වේ ද, එතෙකුදු වුවත් නුගුණ කියයුත්තාගේ විද්‍යමාන වූ සත්‍ය වූ නුගුණ සුදුසු කල්හි නො කියන්නේ වේ ද, (එබඳු) ඇතැම් පුද්ගල දෙයක් ඇත.
නුගුණ කිය යුත්තාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ නුගුණ සුදුසු කල්හි කියන්නේ වේ ද, ගුණකියයුත්තාගේ (ද) විද්‍යමාන වූ තථ්‍ය වූ ගුණ සුදුසු කල්හි කියන්නේ වේ ද (එබඳු) ඇතැම් පුද්ගලයෙක් ඇත.
නුගුණ කියයුත්තාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ නුගුණ සුදුසු කාලයෙහි නො මැ කියන්නේ වේ ද, ගුණ කියයුත්තාගේ ද විද්‍යමාන වූ තථ්‍ය වූ ගුණ සුදුසු කල්හි නො කියන්නේ වේ ද (එබඳු) පුද්ගලයෙක් ඇති.