5. පඤ්චක මාතෘකා
1. ඇවතට පැමිණෙයි, (සිකපද මඬී) විපිළිසර ද වෙයි, ඒ චිත්තවිමුක්තියත් ප්රඥාවිමුක්තියත් ඇතිසැටියෙන් නො දනී. යම් තැනක ඔහුගේ ඒ උපන් ලාමක වූ අකුශලධර්මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම්, ඒ චිත්තවිමුක්තියත් ප්රඥාවිමුක්තියත් ඇති සැටියෙන් නො දනී.
එක් පුද්ගලයෙක් ඇත: (හෙතෙම) ඇවතට පැමිණෙයි එතෙකුදු වත් විපිළිසර නො වෙයි. යම් තැනක ඔහුගේ ඒ උපන් ලාමක වූ අකුශලධර්මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ චිත්ත විමුක්තියත්, ප්රඥාවිමුක්තියත් ඇති සැටියෙන් නො දනි.
එක් පුද්ගලයෙක් ඇත: (හෙතෙම) ඇවැතට නො පැමිණෙයි, විපිළිසරත් වෙයි. ඒ චිත්ත විමුක්තියත් ප්රඥාවිමුක්තියත් ඇතිසැටියෙන් නො දනි. යම් තැනක ඔහුගේ ඒ උපන් ලාමක වූ අකුශලධර්මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ චිත්තවිමුක්තියත් ප්රඥාවිමුක්තියත් ඇති සැටියෙන් නො දනි.
එක් පුද්ගලයෙක් ඇත: (හෙතෙම) ඇවැතට නො පැමිණෙයි. විපිළිසර නො වෙයි. යම් තැනෙක ඔහුගේ ඒ උපන් ලාමක වූ අකුශල ධර්මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම්, ඒ චිත්තවිමුක්තියත් ප්රඥාවිමුක්තියත් ඇති සැටියෙන් නො දනි.
එක් පුද්ගලයෙක් ඇත: (හෙතෙම) ඇවැතට නො පැමිණෙයි. විපිළිසර නො වෙයි. යම් තැනෙක ඔහුගේ ඒ උපන් ලාමක වූ අකුශලධර්මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම්, ඒ චිත්තවිමුක්තියත් ප්රඥාවිමුක්තියත් ඇති සැටියෙන් දන්නේ වේ,
2. දී අවමන් කරන්නේ යැ, එක් වැ වැස අවමන් කරන්නේ යැ, ආදිවචනය ම අදහාගන්නේ යැ, ලොල් වූයේ යැ, බාල වූයේ අතිශයින් මුළා වූයේ වේ.
3. යෝධාජීවූපම (යුද්ධයෙන් දිවිරක්නවුන් බඳු) පුද්ගලයෝ පස් දෙනෙකි.
4. පිණඩපාතිකයෝ පස්දෙනෙකි.
5. ඛලුපච්ඡාභත්තිකයෝ (බතින් පසු නො වළඳන පුද්ගලයෝ) පස්දෙනෙකි.
6. ඒකාසනිකයෝ පස්දෙනෙකි.
7. පංශුකූලිකයෝ පස්දෙනෙකි.
8. තෙචීවරිකයෝ පස්දෙනෙකි.
9. ආරඤ්ඤිකයෝ පස්දෙනෙකි.
10. රුක්ඛමූලිකයෝ පස්දෙනෙකි.
11. අබ්භෝකාසිකයෝ පස්දෙනෙකි.
12. නෙසජ්ජිකයෝ පස්දෙනෙකි.
13. යථාසන්ථතිකයෝ පස්දෙනෙකි.
14. සෝසානිකයෝ පස්දෙනෙකි.
පඤ්චක මාතෘකා නිමි.
6. ෂට්ක මාතෘකා
1. එක් පුද්ගලයෙක් ඇත: (හෙතෙම) පෙර නො ඇසූ ධර්මයන්හි තෙමේ ම සිව්සස් අවබෝධ කෙරෙයි, එහි සර්වඥත්වයට ද පැමිණෙයි, බලධර්මයන්හි ද වශීභාවයට පැමිණේ.
එක් පුද්ගලයෙක් ඇත: (හෙතෙම) පෙර නො ඇසූ දහම්හි තෙමේ ම සිව්සස් අවබෝධ කෙරෙයි, එහි සර්වඥත්වයට නො ද පැමිණෙයි, බලධර්මයන්හි වගීභාවයට නො ද පැමිණේ.
එක් පුද්ගලයෙක් ඇත: (හෙතෙම) පෙර නො ඇසූ දහම්හි තෙමේ ම සිව්සස් අවබෝධ නො කෙරෙයි, මෙ අත්බැව්හි ම දුක් කෙළවර කරන්නේ වෙයි, ශ්රාවකපාරමිතාවට ද පැමිණේ.
එක් පුද්ගලයෙක් ඇත: (හෙතෙම) පෙර නො ඇසූ දහම්හි තෙමේම සිව්සස් අවබෝධ නො කෙරෙයි, මෙ අත්බැව්හි ම දුක් කෙළවර කරන්නේ වෙයි, ශ්රාවකපාරමිතාවට නො ද පැමිණේ.
එක් පුද්ගලයෙක් ඇත: (හෙතෙම) පෙර නො ඇසූ දහම්හි තෙමේ ම සිව්සස් අවබෝධ නො කෙරෙයි, මෙ අත්බැව්හි ම දුක් කෙළවර කරන්නේ නො ද වෙයි, මේ කාමධාතුවට නො එන්නේ අනාගාමී වේ.
එක් පුද්ගලයෙක් ඇත: (හෙතෙම) පෙර නො ඇසූ දහම්හි තෙමේ ම සිව්සස් අවබෝධ නො කෙරෙයි, මෙ අත්බැව්හි ම දුක් කෙළවර කරන්නේ නො ද වෙයි, මේ කාමධාතුවට එන්නේ ආගාමී වේ.
ෂට්ක මාතෘකා නිමි.
7. සප්තක මාතෘකා
1. උදකෝපම පුද්ගලයෝ සත්දෙනෙකි: වරක් ගිලුණේ ගිලුණේ මැ, වෙයි. ඉල්පැ ගිලෙයි, ඉල්පැ සිටියේ වෙයි, ඉල්පැ අවට විමසයි බලයි, ඉල්ප පිහිනයි, ඉල්පැ නො ගැඹුරට පැමිණියේ වෙයි, ඉල්ප තරණය කෙළේ වෙයි ඒ බ්රාහ්මණ පරතෙර ගියේ ගොඩ සිටී.
2. උභතෝභාගවිමුක්ත යැ, ප්රඥාවිමුක්ත යැ, කායසාක්ෂී යැ, දෘෂ්ටිප්රාප්ත යැ, ශ්රද්ධාවිමුක්ත යැ, ධර්මානුසාරී යැ, ශ්රද්ධානුසාරී යි.
සප්තක මාතෘකා නිමි.