3. ත්‍රික මාතෘකා
1. ප්‍රාර්‍ත්‍ථනා නැත්තේ යැ, ප්‍රාර්‍ත්‍ථනා ඇත්තේ යැ, පහ වූ ප්‍රාර්‍ත්‍ථනා ඇත්තේ යි,
2. ගිලනාට බඳු උපමා ඇති පුද්ගලයෝ තිදෙනෙකි.
3. කායසාක්‍ෂී යැ, දෘෂ්ටප්‍රාප්ත යැ, ශ්‍රද්ධාවිමුක්ත යැ.
4. ගුථයට බඳු වචන ඇත්තේ යැ, පුෂ්පයට බඳු වචන ඇත්තේ යැ, මී බඳු වචන ඇත්තේ යි.
5. පැරණි ව්‍රණයට බඳු සිත් ඇති පුද්ගල යැ, විදුලියට බඳු සිත් ඇති පුද්ගල යැ, වජ්‍රයට බඳු සිත් ඇති පුද්ගල යි.
6. අන්‍ධ යැ, එකැස් ඇතියේ යැ, දෑස් ඇතියේ යි.
7. යැටිකුරු වූ ප්‍රඥා ඇති පුද්ගල යැ, ඇකයෙහි ලූවක් බඳු ප්‍රඥා ඇති පුද්ගල යැ, පතළා වූ ප්‍රඥා ඇති පුද්ගල යි.
8. (පඤ්ච) කාමයන්හි ද, (රූපාරූප) භවයන්හි ද නො පහ වූ රාග ඇති ඇතැම් පුද්ගලයෙක් ඇත, කාමයන්හි පහ වූ රාග ඇති භවයන්හි නො පහ වූ රාග ඇති ඇතැම් පුද්ගලයෙක් ඇත, කාමයන්හි ද භවයන්හි ද පහ වූ රාග ඇති ඇතැම් පුද්ගලයෙක් ඇති.
9. ගලෙහි ඇඳි හිර බඳු පුද්ගල යැ, පොළොවෙහි ඇඳි හිරබඳු පුද්ගල යැ, දියෙහි ඇඳි හිර බඳු පුද්ගල යි.
10. සණවැහැරි කඩමාලු බඳු පුද්ගලයෝ තිදෙනෙකි,
11. කසීවත් බඳු පුද්ගලයෝ තිදෙනෙකි,
12. සුවසේ මිනිය හැක්කේ යැ, දුකසේ මිනියැ හැක්කේ යැ, නො මිනියැ හැක්කේ යි.
13. සේවනය නො කළ යුතු භජනය නො කළ යුතු පර්‍ය්‍යුපාසනය නො කළ යුතු කිසි පුද්ගලයෙක් ඇත,
සේවනය කළ යුතු භජනය කළ යුතු පර්‍ය්‍යුපාසනය කළ යුතු කිසි පුද්ගලයෙක් ඇත, සත්කාර කොට ගරුකාර කොට සේවනය කළයුතු භජනය කළයුතු පර්‍ය්‍යුපාසනය කළයුතු කිසි පුද්ගලයෙක් ඇති.
14. පිළිකුල් කටයුතු වූ සේවනය නොකළ යුතු වූ භජනය නො කළ යුතු වූ පර්‍ය්‍යුපාසනය නො කළ යුතු වූ ඇතැම් පුද්ගලයෙක් ඇත,
උපේක්‍ෂා කටයුතු වූ සේවනය නො කළයුතු වූ භජනය නො කළ යුතු වූ පර්‍ය්‍යුපාසනය නො කළ යුතු වූ කිසි පුද්ගලයෙක් ඇත,
සේවනය කළ යුතු වූ භජනය කළ යුතු වූ පර්‍ය්‍යුපාසනය කළ යුතු වූ කිසි පුද්ගලයෙක් ඇති.
15. ශීලයන්හි සපුරා කරන සුලු වූ, සමාධියෙහි එක්දෙසක් කරනසුලු වූ, ප්‍රඥායෙහි එක්දෙසක් කරන සුලු වූ ඇතැම් පුද්ගලයෙක් ඇත,
ශීලයන්හි ද සපුරා කරනසුලු වූ, සමාධියෙහි දු සපුරා කරනසුලු වූ, ප්‍රඥායෙහි එක්දෙසක් කරනසුලු වූ ඇතැම් පුද්ගලයෙක් ඇත.
ශීලයන්හි දු සපුරා කරන සුලු වූ, සමාධියෙහි දු සපුරා කරනසුලු වූ, ප්‍රඥායෙහි දු සපුරා කරනසුලු වූ කිසි පුද්ගලයෙක් ඇති.
16. ශාස්තෲහු තිදෙනෙක, අන්‍ය වූ ද ශාස්තෲහු තිදෙනෙකි.
ත්‍රික මාතෘකා නිමි.
4. චතුෂ්ක මාතෘකා
1. අසත්පුරුෂ යැ, අසත්පුරුෂයාට වඩා අසත්පුරුෂතර යැ, සත්පුරුෂ යැ, සත්පුරුෂයාට වඩා සත්පුරුෂතර යි.
2. පාප යැ, පාපියාට වඩා පාපතර යැ, කල්‍යාණ යැ, කල්‍යාණයාට වඩා කල්‍යාණතර යි.
3. පාපධර්‍ම යැ, පාපධර්‍මයාට වඩා පාපධර්‍මතර යැ, කල්‍යාණධර්‍ම යැ, කල්‍යාණධර්‍මයාට වඩා කල්‍යාණධර්‍මතර යි.
4. සාවද්‍ය යැ, වද්‍ය බහුල යැ, අල්පවද්‍ය යැ, අනවද්‍ය යි.
5. උග්ඝටිතඥ යැ, විපඤ්චිතඥ යැ, නේය යැ, පදපරම යි.
6. මුක්තප්‍රතිභාන නො වූ යුක්තප්‍රතිභාන යැ, යුක්තප්‍රතිභාන නො වූ මුක්තප්‍රතිභාන යැ, යුක්තප්‍රතිභාන ද මුක්තප්‍රතිභාන ද වූයේ යැ, යුක්තප්‍රතිභාන නො ද වූ මුක්ත ප්‍රතිභාන නො වූයේ යි.
7. ධර්‍මකථික පුද්ගලයෝ සතර දෙනෙකි.
8. වලාහකයට බඳු පුද්ගලයෝ සතර දෙනෙකි.
9. මූෂිකෝපම පුද්ගලයෝ සතර දෙනෙකි.
10. අම්බූපම (අඹයට බඳු) පුද්ගලයෝ සතර දෙනෙකි.
11. කුම්භූපම (කළය බඳු) පුද්ගලයෝ සතර දෙනෙකි.
12. උදකරහදුපම (ජලාශය බඳු) පුද්ගලයෝ සතර දෙනෙකි.
13. බලිවර්‍දොපම (ගවයා බඳු) පුද්ගලයෝ සතර දෙනෙකි.
14. ආශිර්විෂෝපම (සර්‍පයාට බඳු) පුද්ගලයෝ සතර දෙනෙකි,