2. ද්වික මාතෘකා
1. ක්‍රෝධ ඇත්තේ ද, බද්ධවෛර ඇත්තේ ද,
2. ගුණමකු වූයේ ද, යුගග්‍රාහ (තමා අනුන් හා සම කිරීම) ඇත්තේ ද,
3. ඊර්‍ෂ්‍යා ඇත්තේ ද, මාත්සර්‍ය්‍ය (මසුරු බව) ඇත්තේ ද,
4. කෛරාටික වූයේ ද, මායා ඇත්තේ ද,
5. (පාපයෙහි) ලජ්ජා නැත්තේ ද, (උපවාදයෙහි) බිය නැත්තේ ද,
6. දුර්වචස්ක වූයේ ද, පාපමිත්‍රයන් ඇත්තේ ද,
7. ඉඳුරන්හි නො පියන ලද දොර ඇත්තේ ද,වැළැඳීමෙහි පමණ නො දන්නේ ද,
8. මුළා වූ සිහි ඇත්තේ ද, නුවණ නැත්තේ ද,
9. ශීලවිපත්තියට පැමිණියේ ද, දෘෂ්ටිවිපත්තියට පැමිණියේ ද,
10. අධ්‍යාත්ම සංයෝජන ඇත්තේ ද, බාහ්‍ය සංයෝජන ඇත්තේ ද,
11. ක්‍රෝධ නැත්තේ ද, බද්ධවෛර නැත්තේ ද,
12. ගුණමකු නො වූයේ ද, යුගග්‍රාහ (තමා අනුන් හා සම කොට ගැනුම්) නැත්තේ ද,
13. ඊර්‍ෂ්‍යා නැත්තේ ද, මාත්සර්‍ය්‍ය (මසුරුබව) නැත්තේ ද,
14. කෛරාටික නොවූයේ ද, මායා නැත්තේ ද,
15. (පාපයෙහි) ලජ්ජා ඇත්තේ ද, (උපවාදයෙහි) බිය ඇත්තේ ද,
16. සුවච වූයේ ද, කල්‍යාණ මිත්‍රයන් ඇත්තේ ද,
17. ඉන්‍ද්‍රියයන්හි පියන ලද දොරඇත්තේද, වැළැඳීමෙහි පමණ දන්නේ ද,
18. එළඹ සිටි සිහි ඇත්තේ ද, නුවණ ඇත්තේ ද,
19. ශීල සම්පන්න වූයේ ද, දෘෂ්ටි සම්පන්න වූයේ ද, (වෙති.)
20. ලෝකයෙහි දුර්‍ලභ පුද්ගලයෝ දෙදෙනෙකි,
21. පිණවීමට දුෂ්කර පුද්ගලයෝ දෙදෙනෙකි,
22. පිණවීමට සුකර පුද්ගලයෝ දෙදෙනෙකි,
23. පුද්ගලයන් දෙදෙනකුන්ගේ ආස්‍රවයෝ වැඩෙත්,
24. පුද්ගලයන් දෙදෙනකුන්ගේ ආස්‍රවයෝ නො වැඩෙත්,
25. හීනාධිමුක්ත වූයේ ද, ප්‍රණීතාධිමුක්ත වූයේ ද,
26. තෘප්ත වූයේ ද, තෘප්තිකාරක වූයේ ද (යන මොහු ය.)
ද්වික මාතෘකා නිමි.
3. ත්‍රික මාතෘකා
1. ප්‍රාර්‍ත්‍ථනා නැත්තේ යැ, ප්‍රාර්‍ත්‍ථනා ඇත්තේ යැ, පහ වූ ප්‍රාර්‍ත්‍ථනා ඇත්තේ යි,
2. ගිලනාට බඳු උපමා ඇති පුද්ගලයෝ තිදෙනෙකි.
3. කායසාක්‍ෂී යැ, දෘෂ්ටප්‍රාප්ත යැ, ශ්‍රද්ධාවිමුක්ත යැ.
4. ගුථයට බඳු වචන ඇත්තේ යැ, පුෂ්පයට බඳු වචන ඇත්තේ යැ, මී බඳු වචන ඇත්තේ යි.
5. පැරණි ව්‍රණයට බඳු සිත් ඇති පුද්ගල යැ, විදුලියට බඳු සිත් ඇති පුද්ගල යැ, වජ්‍රයට බඳු සිත් ඇති පුද්ගල යි.
6. අන්‍ධ යැ, එකැස් ඇතියේ යැ, දෑස් ඇතියේ යි.
7. යැටිකුරු වූ ප්‍රඥා ඇති පුද්ගල යැ, ඇකයෙහි ලූවක් බඳු ප්‍රඥා ඇති පුද්ගල යැ, පතළා වූ ප්‍රඥා ඇති පුද්ගල යි.
8. (පඤ්ච) කාමයන්හි ද, (රූපාරූප) භවයන්හි ද නො පහ වූ රාග ඇති ඇතැම් පුද්ගලයෙක් ඇත, කාමයන්හි පහ වූ රාග ඇති භවයන්හි නො පහ වූ රාග ඇති ඇතැම් පුද්ගලයෙක් ඇත, කාමයන්හි ද භවයන්හි ද පහ වූ රාග ඇති ඇතැම් පුද්ගලයෙක් ඇති.
9. ගලෙහි ඇඳි හිර බඳු පුද්ගල යැ, පොළොවෙහි ඇඳි හිරබඳු පුද්ගල යැ, දියෙහි ඇඳි හිර බඳු පුද්ගල යි.
10. සණවැහැරි කඩමාලු බඳු පුද්ගලයෝ තිදෙනෙකි,
11. කසීවත් බඳු පුද්ගලයෝ තිදෙනෙකි,
12. සුවසේ මිනිය හැක්කේ යැ, දුකසේ මිනියැ හැක්කේ යැ, නො මිනියැ හැක්කේ යි.
13. සේවනය නො කළ යුතු භජනය නො කළ යුතු පර්‍ය්‍යුපාසනය නො කළ යුතු කිසි පුද්ගලයෙක් ඇත,
සේවනය කළ යුතු භජනය කළ යුතු පර්‍ය්‍යුපාසනය කළ යුතු කිසි පුද්ගලයෙක් ඇත, සත්කාර කොට ගරුකාර කොට සේවනය කළයුතු භජනය කළයුතු පර්‍ය්‍යුපාසනය කළයුතු කිසි පුද්ගලයෙක් ඇති.
14. පිළිකුල් කටයුතු වූ සේවනය නොකළ යුතු වූ භජනය නො කළ යුතු වූ පර්‍ය්‍යුපාසනය නො කළ යුතු වූ ඇතැම් පුද්ගලයෙක් ඇත,
උපේක්‍ෂා කටයුතු වූ සේවනය නො කළයුතු වූ භජනය නො කළ යුතු වූ පර්‍ය්‍යුපාසනය නො කළ යුතු වූ කිසි පුද්ගලයෙක් ඇත,
සේවනය කළ යුතු වූ භජනය කළ යුතු වූ පර්‍ය්‍යුපාසනය කළ යුතු වූ කිසි පුද්ගලයෙක් ඇති.