9. 9.
න යථාචිත්තස්ස වාචාතිකථා
[යම් හෙයෙකින් යමෙක් ‘අනෙකක් කියමි’ යි අනෙකක් කියා ද, එහෙයින් ‘යථාචිත්තයාගේ වචන හෙවත් චිත්තානුගතික ව්‍යවහාර නො වේ යයි ද, චිත්තයෙන් තොර වචන ඇති’ යි ද ලබ්ධි ගත් පූර්‍වශෛලියනිකායවාසීන්ගේ වාද බිඳුනට ‘න යථාචිත්තස්ස වාචානි කථා’ එයි.]
1. ස. පු: වචන චිත්තානුගතික නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (එකෙණෙහි) ස්පර්‍ශ රහිතයක්හුගේ වචන, අවේදකයක්හුගේ වචන, අසංඥයක්හුගේ වචන, අචේතනයක්හුගේ වචන, අචිත්තකයක්හුගේ වචන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: ස්පර්‍ශ සහිතයක්හුගේ වාක්, වේදනා සහිතයක්හුගේ වාක්, සංඥා සහිතයක්හුගේ වාක්, චේතනා සහිතයක්හුගේ වාක්, චිත්ත සහිතයක්හුගේ වාක් නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ස්පර්‍ශ සහිතයක්හුගේ වාක් … සචිත්තයක්හුගේ වාක් වේ නම්,
අනු. පා: භවත, චිත්තානුගතික වාක් නො වෙතියි නො කියයුතු මැ යැ.
2. ස. පු: වචන චිත්තානුගතික නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ආවර්‍ජනා නො කරන්නහුගේ වාක් … ආභෝග නැතියහුගේ වාක් … ප්‍රණිධාන නැතියහුගේ වාක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: ආවර්‍ජනා කරන්නහුගේ වාක් … ආභෝග ඇතියහුගේ වාක් … ප්‍රණිධාන ඇතියහුගේ වාක් නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ආවර්‍ජනා කරන්නහුගේ වාක් … ආභෝග ඇතියහුගේ වාක් … ප්‍රණිධාන කරන්නහුගේ වාක් වේ නම්,
අනු. පා: භවත, චිත්තානුරූප වාක් නො වෙති’යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: යථාචිත්ත වාක් නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: වාචා තොමෝ චිත්තසමුත්‍ථාන වූවා චිත්තය හා සහජාත වූවා චිත්තය හා ඒකෝත්පාද ඇත්තී නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් වාචා තොමෝ චිත්තසමුත්‍ථාන වූවා චිත්තය හා සහජාත වූවා චිත්තය හා ඒකෝත්පාද ඇත්තී වූ නම්,
අනු. පා: භවත, ‘චිත්තානුගත වාක් නො වෙති’ යි නො කියැයුතු මැ යැ.
4. ස. පු: යථාචිත්ත වාක් නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: බණනු කැමැති වැ නො බෙණේ ද, කියනු කැමැති වැ නො කියා ද, අමතනු කැමැති වැ නො අමතා ද, ව්‍යවහාර කරනු කැමැති වැ ව්‍යහාර නො කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: බණනු කැමැතිවැ බණන්නේ නො වේ ද, කියනු කැමැති වැ කියන්නේ නො වේ ද, අමතනු කැමැති වැ අමතන්නේ නො වේ ද, ව්‍යවහාර කරනු කැමැති වැ ව්‍යවහාර කරන්නේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් බණනු කැමැතිවැ බෙණේ නම්, කියනු කැමැති වැ කියා නම්, අමතනු කැමැති වැ අමතා නම්, වහරනු කැමැති වැ ව්‍යවහාර කෙරේ නම්,
අනු. පා: භවත, ‘යථාචිත්ත වාක් නො වෙති’ යි නො කියැයුතු මැ යැ.
5. ස. පු: ‘යථාචිත්ත වාක් නො වෙති’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘අනෙකක් කියමි’ අනෙකක් කියන, ‘අනෙකක් බෙණෙමි’ යි අනෙකක් බණන ‘අනෙකකු අමතමි’ යි අනෙකකු අමතන, ‘අනෙකක් වහරමි’ යි අනෙකක් වහරන කිසිවෙක් ඇත්තේ නො වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ‘අනෙකක් බෙණෙමි’ යි අනෙකක් බණන ‘අනෙකක් වහරමි’ යි අනෙකක් වහරන කිසිවෙක් ඇත් නම්,
අනු. පා: භවත, එකරුණින් ‘වාක් චිත්තානුගතික නො වේ ය’ යි කියැයුතු වෙයි.
න යථාචිත්තස්ස වාචාතිකථා නිමි.