9. 10.
න යථාචිත්තස්ස කායකම්මන්ති කථා
[යම් හෙයෙකින් අන් තැනෙක යමියි අන් තැනෙක යන යම් මැ කෙනෙක් ඇත්තාහු වෙත් ද, එහෙයින් කායකර්‍ම චිත්තානුගතික නො වෙයි, චිත්තයෙන් වෙන් වැ ද පවත්නේ’ යයි ලබ්ධි ගත් පූර්‍වශෛලියයන්ගේ වාද බිඳුනට ‘න යථාචිත්තස්ස කායකම්මන්ති කථා’ එයි.]
1. ස. පු: කායකර්‍ම චිත්තානුගතික නො වන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අඵස්සකයාගේ කායකර්‍ම … අචිත්තකයාගේ කායකර්‍ම වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: සඵස්සකයාගේ කායකර්‍ම නො? … සචිත්තකයාගේ කායකර්‍ම නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් සඵස්සකයාගේ කායකර්‍ම වේ නම් … සචිතයක්හුගේ කායකර්‍ම වේ නම්,
අනු. පා: භවත, ‘යථාචිත්ත කායකර්‍ම නො වෙති’යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: යථාචිත්ත කායකර්‍ම නො වන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ආවර්‍ජනා නො කරන්නහුගේ කායකර්‍ම වේ ද? ප්‍රණිධාන නො කරන්නහුගේ කායකර්‍ම වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: ආවර්‍ජනා කරන්නහුගේ කායකර්‍ම නො? ප්‍රණිධාන කරන්නහුගේ කායකර්‍ම නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ආවර්‍ජනා කරන්නහුගේ කායකර්‍ම වේ නම් … ප්‍රණිධාන කරන්නහුගේ කායකර්‍ම වේ නම්,
අනු. පා: භවත, ‘යථාචිත්ත කායකර්‍ම නො වෙති’යි නො කියැයුතු යැ.
3. ස. පු: යථාචිත්ත කායකර්‍ම නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කායකර්‍මය චිත්තසමුත්‍ථාන, චිත්තසහජාත, චිත්තය හා ඒකෝත්පාද නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් කායකර්‍මය චිත්තසමුත්‍ථාන චිත්තසහජාත චිත්තය හා ඒකෝත්පාද වේ නම්,
අනු. පා: භවත, ‘යථාචිත්ත කායකර්‍ම නො වේ’ යයි නො කියැයුතු මැ යැ.
4. ස. පු: යථාචිත්ත කායකර්‍ම නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පෙරට නො යනු කැමැත්තේ පෙරට යේ ද, පෙරළා නො එනු කැමැත්තේ පෙරළා ඒ ද, ඉදිරි නො බලනු කැමැත්තේ ඉදිරි බලා ද, අවට නො බලනු කැමැත්තේ අවට බලාද, අත්පා නො හකුළනු කැමැත්තේ අත්පා හකුළා ද, අත්පා දික් නො කරනු කැමැත්තේ අත්පා දික් කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: පෙරට යනු කැමැත්තේ පෙරට යන්නේ නො, පෙරළා එනු කැමැත්තේ පෙරළා යේ නො, ඉදිරි බලනු කැමැත්තේ ඉදිරි බලනුයේ නො, අවට බලනු කැමැත්තේ අවට බලා නො, අත්පා හකුළනු කැමැත්තේ අත්පා හකුළා නො, අත්පා දික් කරනු කැමැත්තේ අත්පා දික් කෙරේ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් පෙරට යනු කැමැත්තේ පෙරට යේ නම් … අත්පා දික් කරනු කැමැත්තේ අත්පා දික් කෙරේ නම්,
අනු. පා: භවත, ‘යථාචිත්ත කායකර්‍ම නො වේ’ යයි නො කියැයුතු මැ යැ.