9. 11.
අතීතානාගතෙහි සමන්නාගතකථා
[අෂ්ටසමාපත්තිලාභීහුගේ සමවත්හු ඒකක්‍ෂණයෙහි නො පවත්නාහු නමුදු අතීත වශයෙනුදු අනාගත වශයෙනුදු ප්‍රත්‍යුත්පන්න වශයෙනුදු පවතිත්. ප්‍රතිවේධ කොට අපරිහීන වන හෙයින් ‘සමාපත්ති ලාභීහ’ යි කියනු ලැබේ. යම් කෙනෙක් විභාගවශයෙන් මෙසේ නො ගෙන ‘ධ්‍යානලාභීන්ගේ අතීතානාගත ධ්‍යානයෝ ද ඇත් නු යි ඔහු අතීතානාගත ධ්‍යානයෙනුදු සමන්‍වාගතයහ’ යි ලබ්ධි ගනිත් ද, ඒ අන්‍ධකනිකාය ආදීන්ගේ වාද බිඳුනට ‘අතීතානාගතෙහි සමන්නාගත කථා’ එයි.]
1. ස. පු: අතීතය හා සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීතය නිරුද්ධ වූයේ පහව ගියේ විපරිණත වූයේ අස්තයට ගියේ මැනැවින් අස්තයට ගියේ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අතීතය නිරුද්ධ වී නම්, විගත වී නම්, විපරිණත වී නම්, අස්තඞ්ගත වී නම්, අභ්‍යස්තඞ්ගත වී නම්,
අනු. පා: භවත, ‘අතීතය හා සමන්‍වාගත වේ’ යයි නො කියැයුතු මැ යැ.
2. ස. පු: අනාගතය හා සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාගතය නූපන්නේ, නො වූයේ, නො හටගත්තේ, නො නිපන්නේ, වෙසෙසින් නො නිපන්නේ, නො පහළ වූයේ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අනාගතය නූපන්නේ නො වූයේ නො හැටුනේ නො නිපන්නේ වෙසෙසින් නො නිපන්නේ, නො පහළ වූයේ වී නම්,
අනු. පා: භවත, ‘අනාගතය හා සමන්‍වාගත වෙති’යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: අතීත රූපස්කන්‍ධය හා සමන්‍වාගත වේ ද, අනාගත රූපස්කන්‍ධය හා සමන්‍වාගත වේ ද, ප්‍රත්‍යුත්පන්න රූපස්කන්‍ධය හා සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: තුන් රූපස්කන්‍ධයෙකින් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: අතීත පඤ්චස්කන්‍ධයෙන් සමන්‍වාගත වේ ද, අනාගත පඤ්චස්කන්‍ධයෙන් සමන්‍වාගත වේ ද, ප්‍රත්‍යුත්පන්න පඤ්චස්කන්‍ධයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පසළොස් ස්කන්‍ධයෙකින් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: අතීත චක්‍ෂුරායතනයෙන් සමන්‍වාගත වේ ද, අනාගත චක්‍ෂුරායතනයෙන් සමන්‍වාගත වේ ද, ප්‍රත්‍යුත්පන්න චක්‍ෂුරායතනයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: තුන් චක්‍ෂුරායතනයෙකින් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: අතීත ද්වාදශායතනයෙන් සමන්‍වාගත වේ ද, අනාගත ද්වාදශායතනයෙන් සමන්‍වාගත වේ ද, ප්‍රත්‍යුත්පන්න ද්වාදශායතනයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සතිස් ආයතනයෙකින් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: අතීත චක්‍ෂුර්ධාතුයෙන් සමන්‍වාගත වේ ද, අනාගත චක්‍ෂුර්ධාතුයෙන් සමන්‍වාගත වේ ද, ප්‍රත්‍යුත්පන්න චක්‍ෂුර්ධාතුයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: තුන් චක්‍ෂුර්ධාතුයෙකින් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: අතීත අටළොස් ධාතුයෙන් සමන්‍වාගත වේ ද, අනාගත අටළොස් ධාතුයෙන් සමන්‍වාගත වේ ද, ප්‍රත්‍යුත්පන්න අටළොස් ධාතුයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සියුපනස් ධාතුයෙකින් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …