9. 7.
විතක්කානුපතිතකථා
[‘අවිශේෂයෙන් හැම සිත මැ විතර්‍කානුපතිත යැ’ යි ලබ්ධි ගත් උත්තරාපථකයන්ගේ වාද බිඳුනට ‘විතක්කානුපතිතකථා’ එයි.]
1. ස. පු: හැම සිත් විතර්‍කානුපතිත (විතර්‍කානුගත වේ ද?)
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: හැම සිත් විචාරානුපතිත, ප්‍රීත්‍යනුපතිත, සුඛානුපතිත, දුඃඛානුපතිත, සෞමනස්‍යානුපතිත, දෞර්‍මනස්‍යානුපතිත, උපේක්‍ෂානුපතිත, ශ්‍රද්ධානුපතිත, වීර්‍ය්‍යානුපතිත, ස්මෘත්‍යනුපතිත, සමාධ්‍යනුපතිත, ප්‍රඥානුපතිත, රාගානුපතිත, ද්වේෂානුපතිත, … අනපත්‍රපානුපතිත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: හැම සිත් විතර්‍කානුපතිත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අවිතර්‍කවිචාරමාත්‍ර සමාධියෙක් ඇත්තේ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අවිතර්‍කවිචාරමාත්‍ර සමාධියෙක් ඇත් නම්,
අනු. පා: භවත, ‘හැම සිත විතර්‍කානුපතිත යැ’ යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: හැම සිත් විතර්‍කානුපතිත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අවිතර්‍කවිචාරමාත්‍ර සමාධියෙක් ඇත්තේ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අවිතර්‍කඅවිචාරමාත්‍ර සමාධියෙක් ඇත් නම්,
අනු. පා: භවත, ‘හැම සිත විතර්‍කානුපතිත යැ’ යි නො කියැයුතු යැ.
4. ස. පු: හැම සිත් විතර්‍කානුපතිත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘සවිතර්‍කසවිචාරසමාධි යැ අවිතර්‍කවිචාරමාත්‍ර සමාධි යැ අවිතර්‍කඅවිචාර සමාධි යැ’ යි සමාධීහු තුන් දෙනෙක් වදාරනලද්දාහු නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් “සවිතර්‍කසවිචාරසමාධි යැ අවිතර්‍කවිචාරමාත්‍ර සමාධි යැ අවිතර්‍කඅවිචාර සමාධි යැ’ යි සමාධීහු තුන් දෙනෙක් වදාරන ලද්දාහු වෙත් නම්,
අනු. පා: භවත, ‘හැම සිත විතර්‍කානුපතිත යැ’ යි නො කියැයුතු මැ යැ.
විතක්කානුපතිතකථා නිමි.
9. 8.
විතක්කවිප්ඵාරසද්දකථා
[‘විතර්‍කවිචාර වාක්සංස්කාරයහ’ යි වදාළෙන් විතර්‍කණය කරන්නහුගේ විතර්‍කවිස්ථාරය ශබ්ද වේ’ යයි ලබ්ධි ගත් පූර්‍වශෛලියයන්ගේ වාද බිඳුනට ‘විතක්කවිප්ඵාරසද්දකථා’ එයි.]
1. ස. පු: සර්‍වප්‍රකාරයෙන් විතර්‍කවිචාර කරන්නහුගේ විතර්‍ක විස්ඵාරය ශබ්ද වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සර්‍වප්‍රකාරයෙන් ස්පර්‍ශ කරන්නහුගේ ස්පර්‍ශවිස්ඵාරය ශබ්ද වේ ද, සර්‍වප්‍රකාරයෙන් වේදනා විඳුනහුගේ වේදනාවිප්ඵාරය ශබ්ද වේ ද, සර්‍වප්‍රකාරයෙන් සඤ්ජානන කරන්නහුගේ සඤ්ඤාවිප්ඵාරය ශබ්ද වේ ද, සර්‍වප්‍රකාරයෙන් චේතනා කරන්නහුගේ චේතනාවිප්ඵාරය ශබ්ද වේ ද? සර්‍වප්‍රකාරයෙන් චින්තන කරන්නහුගේ චිත්තවිප්ඵාරය ශබ්ද වේ ද, සර්‍වප්‍රකාරයෙන් ස්මරණය කරන්නහුගේ සතිවිප්ඵාරය ශබ්ද වේ ද, සර්‍වප්‍රකාරයෙන් ප්‍රජානන කරන්නහුගේ පඤ්ඤාවිප්ඵාරය ශබ්ද වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: සර්‍වප්‍රකාරයෙන් විතර්‍කවිචාර කරන්නහුගේ විතර්‍කවිස්ඵාරය ශබ්ද වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: විතර්‍කවිස්ඵාර ශබ්දය ශ්‍රෝත්‍රවිඥේය වේ ද, ශ්‍රෝත්‍රයෙහි ගැටේ ද, ශ්‍රෝත්‍රයාගේ ආපාථයට පැමිණේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: විතර්‍කවිස්ඵාරශබ්දය ශ්‍රෝත්‍රවිඥේය නො වූයේ ශ්‍රෝත්‍රයෙහි නො හැනෙන්නේ ශ්‍රෝත්‍රයාගේ ආපාථයට නො පැමිණෙන්නේ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් විතර්‍කවිස්ඵාරශබ්දය ශ්‍රෝත්‍රවිඥේය නො වේ නම්, ශ්‍රෝත්‍රයෙහි නො හැනෙන්නේ නම්, ශ්‍රෝත්‍රයාගේ ආපාථයට නො පැමිණෙන්නේ නම්,
අනු. පා: භවත, ‘සර්‍වප්‍රකාරයෙන් විතර්‍කවිචාර කරන්නහුගේ විතර්‍කවිස්ඵාරය ශබ්දයෙකි’ යි නො කියැයුතු මැ යැ.
විතක්කවිප්ඵාරසද්දකථා නිමි.