9. 6.
අතීතානාගතාරම්මණකථා
[යම් හෙයෙකින් අතීත අනාගත ආරම්මණ නැද්ද, එහෙයින් අතීතාරාම්මණ චිත්තයෙන් වේවයි අනාගතාරම්මණ චිත්තයෙන් වේවයි ගත් ආරම්මණයෙක් නැත් නුයි ‘අතීතානාගතාරම්මණ චිත්තය අනාරම්මණ වියයුතු යැ’ යන උත්තරාපථකයන්ගේ වාද බිඳුනට ‘අතීතානාගතාරම්මණකථා’ එයි.]
1. ස. පු: අතීතාලම්බන චිත්තය අනාලම්බන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීතාලම්බන ඇත්තේ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අතීතාලම්බන ඇත්තේ වේ නම්,
අනු. පා: භවත, අතීතාලම්බන චිත්තය අනාලම්බන යැ’ යි නො කියැයුතු යැ …
අනු. ආ: ‘අනාලම්බනචිත්තය අතීතාලම්බන යැ’ යනු මිථ්යා යැ.
පටි. ඨ: ඉදින් අනාලම්බන හෝ වේ නම්,
පටි. පා: භවත, ‘අතීතාලම්බන යැ’ යි නො කියැයුතු නු යි,
පටි. ආ: ‘අනාලම්බනචිත්තය අතීතාලම්බන යැ’ යනු මිථ්යා යි.
2. ස. පු: අතීතාලම්බනචිත්තය අනාලම්බන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීතය ඇරැබැ ආවර්ජනා … ප්රණිධි ඇත්තේ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අතීතය ඇරැබැ ආවර්ජනා … ප්රණිධි ඇත් නම්,
අනු. පා: භවත, අතීතාලම්බනචිත්තය අනාලම්බන යැ’ යනු නො කියැයුතු මැ යැ.
3. ස. පු: අනාගතාලම්බන චිත්තය අනාලම්බන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාගතාලම්බන ඇත්තේ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අනාගතාලම්බන ඇත්තේ වේ නම්,
අනු. පා: භවත, ‘අනාගතාලම්බන චිත්තය අනාලම්බන යැ’ යි නො කියැයුතු යැ මැ යි.
අනු. ආ: ‘අනාගතාලම්බන චිත්තය අනාලම්බන යැ’ යනු මිථ්යා යි,
පටි. ඨ: ඉදින් අනාලම්බන හෝ වේ නම්,
පටි. පා: භවත, ‘අනාලම්බන යැ’ යි නො කියැයුතු මැ යි,
පටි. ආ: ‘අනාලම්බන චිත්තය අනාගතාලම්බන යැ’ යනු මිථ්යායි.
4. ස. පු: අනාගතාලම්බන චිත්තය අනාලම්බන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාගතය ඇරැබැ ආවර්ජනා … ප්රණිධි ඇත්තේ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අනාගතය ඇරැබැ ආවර්ජනා … ප්රණිධි ඇත් නම්,
අනු. පා: භවත, අනාගතාලම්බන චිත්තය අනාලම්බන යැ යි නො කියැයුතු මැ යැ.
5. ස. පු: ප්රත්යුත්පන්නය ඇරැබැ ආවර්ජනා … ප්රණිධි ඇත. ප්රත්යුත්පන්නාලම්බන චිත්තය සාලම්බන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීතය අරභයා ආවර්ජනා … ප්රණිධි ඇත් නු’ යි අතීතාලම්බන චිත්තය සාලම්බන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …