9. 4.
අනුසයා අනාරම්මණා’ති කථා
[‘අනුශයධර්‍මයෝ නම් චිත්තවිප්‍රයුක්ත අහේතුක අව්‍යාකෘතයෝ වෙත් නුයි අනාලම්බනයහ’ යි ලබ්ධි ගත් අන්‍ධකාදීන්ගේ වාද බිඳුනට ‘අනුසයා අනාරම්මණා’ ති කථා එයි.]
1. ස. පු: අනුශය ධර්‍මයෝ අනාලම්බන වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූප වේ ද, නිර්‍වාණ වේ ද, චක්‍ෂුරායතන වේ ද … ස්පර්‍ශායතන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: කාමරාගානුශය අනාලම්බන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කාමරාගය, කාමරාගපර්‍ය්‍යුත්‍ථානය, කාමරාග සඤ්ඤෝජනය, කාමෝඝය, කාමයෝගය, කාමච්ඡන්‍දනීවරණය අනාලම්බන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: කාමරාගය, කාමරාගපර්‍ය්‍යුත්‍ථානය, කාමරාග සංයෝජනය, කාමෝඝය, කාමයෝගය, කාමච්ඡන්‍දනීවරණය සාලම්බන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කාමරාගානුශය සාලම්බන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: කාමරාගානුශය අනාලම්බන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පු: කවර ස්කන්‍ධයෙක්හි ඇතුළු වේ ද?
ප. වි: සංස්කාරස්කන්‍ධයෙහි ඇතුළු වෙයි.
ස. අනු: සංස්කාරස්කන්‍ධය අනාලම්බන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: සංස්කාරස්කන්‍ධය අනාලම්බන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: වේදනාස්කන්‍ධය, සංඥාස්කන්‍ධය, විඥානස්කන්‍ධය අනාලම්බන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: කාමරාගානුශය සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ අනාලම්බන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කාමරාගය සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ අනාලම්බන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: කාමරාගය සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ සාලම්බන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කාමරාගානුශය සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ සාලම්බන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: (තොප මතයෙහි) කාමරාගානුශය සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ අනාලම්බන වෙයි. කාමරාගය සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ සාලම්බන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සංස්කාරස්කන්‍ධය එකදෙශයක් සාලම්බන වූයේ එකදෙශයක් අනාලම්බන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: සංස්කාරස්කන්‍ධය එකදෙශයක් සාලම්බන වූයේ එකදෙශයක් අනාලම්බන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: වේදනාස්කන්‍ධය, සංඥාස්කන්‍ධය, විඥානස්කන්‍ධය එකදෙශයක් සාලම්බන වූයේ එකදෙශයක් අනාලම්බන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ස. පු: ප්‍රතිඝානුශය මානානුශය දෘෂ්ට්‍යානුශය විචිකිත්සානුශය භවරාගානුශය අවිද්‍යානුශය අනාලම්බන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අවිද්‍යාව, අවිද්‍යෞඝය, අවිද්‍යායෝගය, අවිද්‍යානුශය, අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථානය, අවිද්‍යාසංයෝජනය, අවිද්‍යානීවරණය අනාලම්බන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …