9. 3.
රූපං සාරම්මණන්ති කථා
[රූපය සප්‍රත්‍යයාර්‍ත්‍ථයෙන් සාරම්මණ වෙයි. අනෙකක් අරමුණු නො කෙරේ යයි ආලම්බන ප්‍රත්‍යය වශයෙන් සාරම්මණ නො වෙයි. ඒ වෙනස නො ගෙන ‘රූපය සාරම්මණ යැ’ යි කියන උත්තරාපථකයන්ගේ වාද බිඳුනට ‘රූපං සාරම්මණන්ති කථා’ එයි.]
1. ස. පු: රූපය සාලම්බන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඊට ආවර්‍ජනා, ආභෝග, සමන්‍වාහාර, මනස්කාර, චේතනා, ප්‍රාර්‍ත්‍ථනා, ප්‍රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: ඊට ආවර්‍ජනා, ආභෝග, … ප්‍රණිධි නැත්තේ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඊට ආවර්‍ජනා, ආභෝග … ප්‍රණිධි නැත් නම්,
අනු. පා: ‘රූපය සාලම්බන යැ’ යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: ස්පර්‍ශය සාලම්බන යැ. ඊට ආවර්‍ජනා ආභෝග … ප්‍රණිධි ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපය සාලම්බන යැ. ඊට ආවර්‍ජනා, ආභෝග … ප්‍රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: වේදනා … සංඥා … චේතනා … චිත්ත … ශ්‍රද්ධා … වීර්‍ය්‍ය … ස්මෘති සමාධි … ප්‍රඥා … රාග … ද්වේෂ … මෝහ … මාන … දෘෂ්ටි … විචිකිත්සා … සත්‍යාන … ඖද්ධත්‍ය … අහ්‍රීක … අනපත්‍රපා සාලම්බන යැ. ඊට ආවර්‍ජනා ආභෝග … ප්‍රණිධි ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපය සාලම්බනය. ඊට ආවර්‍ජනා ආභෝග … ප්‍රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: රූපය සාලම්බන යැ. ඊට ආවර්‍ජනා, ආභෝග … ප්‍රණිධි නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්පර්‍ශ සාලම්බන යැ. ඊට ආවර්‍ජනා, ආභෝග, … ප්‍රණිධි නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: රූපය සාලම්බන යැ. ඊට ආවර්‍ජනා, ආභෝග, … ප්‍රණිධි නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: වේදනා … සංඥා … අනපත්‍රපා සාලම්බන යැ. ඊට ආවර්‍ජනා, ආභෝග, … ප්‍රණිධි නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ප. පු: ‘රූපය සාලම්බන යැ’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: රූපය සප්‍රත්‍යය නො වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් රූපය සප්‍රත්‍යය වේ නම්,
අනු. පා: භවත, එකරුණින් ‘රූපය සාලම්බන යැ’ යි කියැයුතු මැ යැ.
රූපං සාරම්මණන්තිකථා නිමි.