9. 2.
අමතාරම්මණකථා
[“නිබ්බානං මඤ්ඤති” යනාදිය නුනුවණින් ගෙන ‘අමතාරම්මණය සංයෝජන වෙති’ යි පූර්වශෛලියයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අමතාරම්මණකථා’ එයි.]
1. ස. පු: අමෘතාලම්බනය සංයෝජන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නිවන සංයෝජනයට නිසි වේ ද, ග්රන්ථයන් විසින් ග්රථනය කළයුතු වේ ද, ඕඝයන් විසින් ගැලියයුතු වේ ද, යෝගයන් විසින් යෙදියයුතු වේ ද, නීවරණයට හිත වේ ද, පරාමර්ශයන් විසින් පරාමර්ශ කළයුතු වේ ද, උපදානයනට හිත වේ ද, සංක්ලේශයනට හිත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: නිවන අසංයෝජනිය අගන්ථනීය … අසංකිලෙසිය නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් නිවන අසංයෝජනිය … අසංකිලෙසිය වේ නම්,
අනු. පා: භවත ‘අමෘතාලම්බනය (නිවන) සංයෝජනය’ යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: අමෘතය අරභයා රාගය උපදනේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අමෘතය රාගකාරණයට හිත වේ ද, රඤ්ජනයට යුතු වේ ද, කාමනා කළයුතු වේ ද, (කුලමදාදි) මද ඉපැදවියයුතු වේ ද, බන්ධනීය වේ ද, මූර්ඡනීය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: අමෘතය රාගකාරණයට හිත නො වන්නේ රජනීය නො වන්නේ කමනීය නො වන්නේ මදනීය නො වන්නේ බන්ධනීය නො වන්නේ මූර්ඡනීය නො වන්නේ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අමෘතය රාගස්ථානිය නො වේ නම්, රජනීය නො වේ නම්, කමනීය නො වේ නම්, මදනීය නො වේ නම්, බන්ධනීය නො වේ නම්, මූර්ඡනීය නො වේ නම්,
අනු. පා: භවත, ‘අමෘතය අරභයා රාගය උපදී’ යයි නො කියැයුතු යැ.
3. ස. පු: අමෘතය (නිවන) ඇරැබ (අරමුණු කොට) ද්වේෂය උපදනේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අමෘතය ද්වේෂකාරණයට හිත වේ ද? කොපකාරණයට හිත වේ ද? ප්රතිඝකාරණයට හිත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: අමෘතය ද්වේෂකාරණයට හිත නො වන්නේ කොපකාරණයට හිත නො වන්නේ ප්රතිඝකාරණයට හිත නො වන්නේ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අමෘතය ද්වේෂකාරණයට හිත නො වන්නේ කොපකාරණයට හිත නො වන්නේ ප්රතිඝකාරණයට හිත නො වන්නේ වේ නම්,
අනු. පා: භවත, ‘අමෘතය ඇරැබ ද්වේෂය උපදි’ යයි නො කියැයුතු යැ.
4. ස. පු: නිවන් ඇරැබ මෝහය උපදනේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නිවන මෝහකාරණයට හිත වේ ද? අඥාන කරණ වේ ද, අචක්ෂුෂ්කරණ වේ ද, ප්රඥා නිරෝධයට හිත වේ ද, විඝාතපාක්ෂික වේ ද? අනිර්වාණසංවර්තනිය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: නිවන මෝහස්ථානිය නො වන්නේ අඥාන කරණ නො වන්නේ අචක්ෂුෂ්කරණ නො වන්නේ ප්රඥාවර්ධනයට හිත වනුයේ යේ මැ විඝාතපාක්ෂික නො වන්නේ නිර්වාණ සංවර්තනික වන්නේ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් නිවන මෝහස්ථානිය නො වන්නේ අඥාන කරණ නො වන්නේ … නිර්වාණ සංවර්තනික වන්නේ වේ නම්,
අනු. පා: භවත, ‘නිවන් ඇරැබැ මෝහය උපදී’ යයි නො කියැයුතු මැ යැ.
5. ස. පු: රූපය අරමුණු කොට සංයෝජනයෝ උපදිති. රූපය සංයෝජනිය ග්රන්ථනීය … සාංක්ලේශික වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.