8. 9.
රූපං කම්මන්ති කථා
[මහිංසාසක සම්මිතීය නිකායවාසීහු කායවාග්විඥප්ති සඞ්ඛ්යාත රූපය මැ කායකර්ම වාක්කර්ම යයි ද, එ ද කුශල සමුත්ථාන ඇතියේ ‘කුශලකර්ම’ යයි ද, අකුශල සමුත්ථාන ඇතියේ ‘අකුශලකර්ම’ යයි ද ගනිති. උන්ගේ වාද බිඳුනට ‘රූපං කම්මන්ති කථා’ එයි.]
1. ස. පු: කුශල චිත්තයා විසින් සමුත්ථිත (නගන ලද) කායකර්මරූප කුශල වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සාරම්මණ වේ ද? ඒ කුශලරූපයට ආවර්තනා, ආභෝග, සමන්වාහාර, මනසිකාර, ප්රාර්ත්ථනා - ප්රණිධි සඞ්ඛ්යාත චේතනා ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: අනාරම්මණ නො වේ ද? ඒ කුශල රූපයට ආවර්තනා, ආභෝග, සමන්වාහාර, මනසිකාර, ප්රාර්ත්ථනා-ප්රණිධි සඞ්ඛ්යාත චේතනා නැත්තේ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අනාරම්මණ වේ නම්, ඒ කුශලරූපයට ආවර්තනා, … ප්රාර්ත්ථනා - ප්රණිධි සඞ්ඛ්යාත චේතනා නැත් නම්,
අනු. පා: භවත,’කුශලචිත්තයා විසින් සමුත්ථිත කායකර්මරූප කුශල වේ ය’ යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්ථිත ස්පර්ශ කුශල වේ ද? සාරම්මණ වේ ද? එයට ආවර්තනා, … ප්රණිධි ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්ථිත කායකර්මරූප සාරම්මණකුසල වේ ද? එයට ආවර්තනා … ප්රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්ථිත වේදනා … සංඥා - චේතනා- ශ්රද්ධා - වීර්ය්ය - ස්මෘති - සමාධි … ප්රඥා - සාලම්බන කුශල වේ ද? එයට ආවර්තනා … ප්රණිධි ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්ථිත කායකර්මරූප සාලම්බන කුශල වේ ද? එයට ආවර්තනා … ප්රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්ථිත කායකර්මරූප අනාලම්බන කුශල වේ ද? එයට ආවර්තනා, … ප්රණිධි නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්ථිත ස්පර්ශ අනාලම්බන කුශල වේ ද? එයට ආවර්තනා … ප්රණිධි නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්ථිත කායකර්මරූප අනාලම්බන කුශල වේ ද? එයට ආවර්තනා … ප්රණිධි නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්ථිත වේදනා … සංඥා - චේතනා … ශ්රද්ධා … වීර්ය්ය … ස්මෘති … සමාධි … ප්රඥා අනාලම්බන කුශල වේ ද? එයට ආවර්තනා … ප්රණිධි නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්ථිත කායකර්මරූප කුශල වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්ථිත යම් මැ රූපයෙක් ඇත් නම්, ඒ හැම කුශල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්ථිත කායකර්මරූප කුශල වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්ථිත රූපායතන කුශල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්ථිත වූ කායකර්මරූපය කුශල වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.