8. 10.
ජීවිතින්‍ද්‍රිය කථා
[ජීවිතේන්‍ද්‍රිය නම් චිත්තවිප්‍රයුක්ත අරූපධර්‍මයෙකැයි ද, එයින් ‘රූපජීවිතේන්‍ද්‍රිය නැත’ යනු ද පූර්‍වශෛලීය සමමිතීය නිකායවාසින්ගේ ලබ්ධියෙකි. උන්ගේ වාද බිඳුනට ජීවිතින්‍ද්‍රිය කථා එයි.]
1. ස. පු: රූපජීවිතේන්‍ද්‍රිය නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපීධර්‍මයන්ගේ ආයු, ස්ථිති, යපන, යාපන, ඉරියන, වර්‍තන, පාලන නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: රූපීධර්‍මයන්ගේ ආයු, ස්ථිති, යපන, යාපන, ඉරියන, වර්‍තන, පාලන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් රූපීධර්‍මයන්ගේ ආයු, ස්ථිති, යපන, යාපන, ඉරියන, වර්‍තන, පාලන ඇත් නම්,
අනු. පා: භවත,’රූපජීවිතේන්‍ද්‍රිය නැති’ යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: අරූපීධර්‍මයන්ගේ ආයු, ස්ථිති, යපන, යාපන, ඉරියන, වර්‍තන, පාලන ඇත. අරූපජීවිතෙන්‍ද්‍රිය ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඉදින් රූපීධර්‍මයන්ගේ ආයු, ස්ථිති, යපන, යාපන, ඉරියන, වර්‍තන, පාලන ඇත. රූපජීවිතේන්‍ද්‍රිය ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: රූපීධර්‍මයන්ගේ ආයු, ස්ථිති, යපන, යාපන, ඉරියන, වර්‍තන, පාලන ඇත. රූපජීවිතේන්‍ද්‍රිය නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අරූපීධර්‍මයන්ගේ ආයු, ස්ථිති, යපන, යාපන, ඉරියන, වර්‍තන, පාලන ඇත. අරූපජීවිතෙන්‍ද්‍රිය නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: අරූපී ධර්‍මයන්ගේ ආයු අරූප ජීවිතේන්‍ද්‍රිය වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපීධර්‍මයන්ගේ ආයු රූපජීවිතේන්‍ද්‍රිය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: රූපීධර්‍මයන්ගේ ආයු රූපජීවිතේන්‍ද්‍රිය යයි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අරූපීධර්‍මයන්ගේ ආයු අරූපජීවිතෙන්‍ද්‍රිය යයි නො කියැයුතු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: රූපීධර්‍මයන්ගේ ආයු අරූපජීවිතෙන්‍ද්‍රිය වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අරූපීධර්‍මයන්ගේ ආයු අරූපජීවිතෙන්‍ද්‍රිය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: අරූපීධර්‍මයන්ගේ ආයු රූපජීවිතේන්‍ද්‍රිය යයි නො කියැ යුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපීධර්‍මයන්ගේ ආයු අරූපජීවිතෙන්‍ද්‍රිය යයි නො කියැයුතු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: රූපී වූත් අරූපී වූත් ධර්‍මයන්ගේ ආයු අරූපජීවිතෙන්‍ද්‍රිය වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපී වූත් අරූපී වූත් ධර්‍මයන්ගේ ආයු රූපජීවිතේන්‍ද්‍රිය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ස. පු: රූපී වූත් අරූපී වූත් ධර්‍මයන්ගේ ආයු රූපජීවිතේන්‍ද්‍රිය යයි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපී වූත් අරූපී වූත් ධර්‍මයන්ගේ ආයු අරූපජීවිතෙන්‍ද්‍රිය යයි නො කියැයුතු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …