8. 11.
කම්මහේතු කථා
[‘යම් රහත් කෙනෙක් අතීත භවයෙහි දී රහත්හට අභ්‍යාඛ්‍යාන කළාහු වෙත් ද, ඔව්හු තත් හේතුයෙන් රහත් බැවින් පිරිහෙති’ යි ලබ්ධි ගත්තාහු ඇති. පූර්‍වශෛලීය සම්මිතීය නිකාය වාසීන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට ‘කම්මහෙතුකථා’ එයි.]
1. ස. පු: කර්‍මහේතුයෙන් රහත් රහත් බැවින් පිරිහී යේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කර්‍මහේතුයෙන් සොවන්පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහී යේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: කර්‍මහේතුයෙන් රහත් රහත් බැවින් පිරිහී යේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කර්‍මහේතුයෙන් සෙදගැමි පුඟුල් … අනගැමි පුඟුල් අනගැමි ඵලයෙන් පිරිහී යේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: කර්‍මහේතුයෙන් ශ්‍රෝතාපන්න පුද්ගල ශ්‍රෝතාපත්තිඵලයෙන් පිරිහී නො යේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කර්‍මහේතුයෙන් අර්‍හත්පුද්ගල අර්‍හත්ත්‍වයෙන් පිරිහී නො යේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: කර්‍මහේතුයෙන් සකෘදාගාමී පුද්ගල … අනාගාමී පුද්ගල අනාගාමී ඵලයෙන් පිරිහී නො යේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කර්‍මහේතුයෙන් අර්‍හත් පුද්ගල අර්‍හත්ත්‍වයෙන් පිරිහී නො යේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: කර්‍මහේතුයෙන් අර්‍හත්පුද්ගල අර්‍හත්ත්‍වයෙන් පිරිහී යේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ප්‍රාණඝාතකර්‍මහේතුයෙන් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: අදත්තාදානකර්‍මහෙතුයෙන් වේ ද … කාමමිථ්‍යාචාර කර්‍ම හේතුයෙන් වේ ද … මෘෂාවාදකර්‍මහේතුයෙන් වේ ද, … පිශුනවචනකර්‍මහෙතුයෙන් වේ ද, … පරුෂවචනකර්‍මහේතුයෙන් වේ ද, … සම්ඵප්‍රලාපකර්‍මහේතුයෙන් වේ ද, … මාතෘඝාතකර්‍මහෙතුයෙන් වේ ද, … පිතෘඝාතකර්‍මහේතුයෙන් වේ ද, … අර්‍හත්ඝාතකර්‍ම හේතුයෙන් වේ ද … රුධිරොත්පාදකර්‍මහේතුයෙන් වේ ද, … සඞ්ගභෙදකර්‍මහෙතුයෙන් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: කවර කර්‍මයක්හුගේ හේතුයෙන් වේ ද ?
ප. වි: රහත්හට අභ්‍යාඛ්‍යාන කෙරේ ද, එහෙයිනැ යි.
6. ස. පු: රහත්හට අභ්‍යාඛ්‍යාන කර්‍ම හේතුයෙන් අර්‍හත්පුද්ගල අර්‍හත්ත්‍වයෙන් පිරිහී යේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: යම් කෙනෙක් රහත්හට අභ්‍යාඛ්‍යාන කෙරෙත් ද, එ හැම දෙනා අර්‍හත්ත්‍වය ප්‍රත්‍යක්‍ෂ කෙරෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
කම්මහෙතුකථා නිමි.
අටවන වග නිමි.
එහි උද්දානය:
ගතිකථා යැ අන්තරාභවකථා යැ කාමගුණකථා යැ කාමකථා යැ රූපධාතුකථා යැ අරූපධාතු කථා යැ රූපධාතුයා ආයතන කථා යැ ආරුප්පෙ රූපකථා යැ රූපං කම්මන්ති කථා යැ ජීවිතින්‍ද්‍රියකථා යැ කම්මහේතු කථා යි.