8. 8.
අරූපෙ රූපකථා
[‘අරූපභවයෙහිදු සියුම් රූප ඇති’ යි අන්ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අරූපෙ රූපකථා’ එයි.]
1. ස. පු: අරූපභවයෙහි රූප ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ, (ඕළාරිකරූපයෙන් වෙන් වූ සියුම්රූප ඇත යන ලබ්ධියෙන් කළ ප්රතිඥා යි.)
ස. අනු: රූපභව, රූපගති, රූපසත්ත්වාවාස, රූපසංසාර, රූපයෝනි, රූපආත්මභාවප්රතිලාභ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: අරූපභව, අරූපගති, අරූපසත්ත්වාවාස, අරූපසංසාර, අරූපයෝනි, අරූපආත්මභාවප්රතිලාභ වන්නේ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අරූපභව … අරූප ආත්මභාවප්රතිලාභ වේ නම්,
අනු. පා: භවත,‘අරූපභවයෙහි රූප ඇති’ යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: අරූපභවයෙහි රූප ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පඤ්චවෝකාරභව, ගති, සත්ත්වාවාස, සංසාර, යෝනි, විඥානස්ථිති, ආත්මභාවප්රතිලාභ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: චතුවෝකාරභව … ආත්මභාවප්රතිලාභ වන්නේ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් චතුවෝකාරභව, ගති, … ආත්මභාවප්රතිලාභ වේ නම්,
අනු. පා: භවත,‘අරූපභවයෙහි රූප ඇති’ යි නො කියැයුතු මැ යැ.
5. ස. පු: රූපධාතුයෙහි රූප ඇත. එ ද රූපභව, රූපගති, රූපසත්ත්වාවාස, රූපසංසාර, රූපයෝනි, රූපආත්මභාවප්රතිලාභ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (තොප මතයෙහි) අරූපභවයෙහි රූප ඇත. එ ද රූපභව, රූපගති … රූපාත්මභාවප්රතිලාභ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: රූපධාතුයෙහි රූප ඇත. එ ද පඤ්චවෝකාරභව, ගති ... ආත්මභාවප්රතිලාභ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අරූපභවයෙහි රූප ඇත. එ ද පඤ්චවෝකාරභව, ගති … ආත්මභාවප්රතිලාභ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: අරූපභවයෙහි රූප ඇත. එ ද අරූපභව, අරූපගති, අරූපසත්ත්වාවාස, අරූපසංසාර, අරූපයෝනි, අරූපආත්මභාවප්රතිලාභ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අරූපධාතුයෙහි රූප ඇත. එ ද අරූපභව, අරූපගති … අරූපආත්මභාවප්රතිලාභ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: අරූපභවයෙහි රූප ඇත. එ ද චතුවෝකාරභව, ගති … ආත්මභාවප්රතිලාභ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අරූපධාතුයෙහි රූප ඇත. එ ද චතුවෝකාරභව, ගති, … ආත්මභාවප්රතිලාභ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: අරූපභවයෙහි රූප ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්යවතුන් වහන්සේ විසින් ‘රූපයන්ගේ නිස්සරණය (බැහැර කිරීම) අරූප’ යයි වදාරන ලද්දේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් භාග්යවතුන් වහන්සේ විසින් ‘රූපයන්ගේ නිස්සරණය අරූප’ යයි වදාරන ලද්දේ වී නම්,
අනු. පා: භවත, ‘අරූපභවයෙහි රූප ඇති’ යි නො කියැයුතු මැ යැ.