8. 7.
රූපධාතුයා ආයතනකථා
[‘බ්‍රහ්මකායික දෙවියන්ගේ ඝ්‍රාණාදි නිමිත්තයෝත් ආයතනයහ’ යි සලකා උන්ගේ ආත්මභාවය ෂඩායතනිකයැ’යි අන්‍ධක සම්මිතීය නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘රූපධාතුයා ආයතනකථා’ එයි.]
1. ස. පු: රූපධාතුයෙහි ෂඩායතනික ආත්මභාව ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එහි ඝ්‍රාණායතන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එහි ගන්‍ධායතන ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: එහි ජිහ්වායතන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එහි රසායතන ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: එහි කායායතන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එහි ස්ප්‍රෂ්ටව්‍යායතන ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: එහි ගන්‍ධායතන නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එහි ඝ්‍රාණායතන නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: එහි රසායතන නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එහි ජිහ්වායතන නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: එහි ස්ප්‍රෂ්ටව්‍යායතන නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එහි කායායතන නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: එහි චක්‍ෂුරායතන ඇත. රූපායතන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එහි ඝ්‍රාණායතන ඇත. ගන්‍ධායතන ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: එහි චක්‍ෂුරායතන ඇත, රූපායතන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එහි ජිහ්වායතන ඇත, රසායතන ඇද්ද … එහි කායායතන ඇත, ස්ප්‍රෂ්ටව්‍යායතන ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: එහි ශ්‍රෝතායතන ඇත. ශබ්දායතන ඇද්ද? … එහි මනායතන ඇත, ධර්‍මායතන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එහි ඝ්‍රාණායතන ඇත, ගන්‍ධායතන ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ස. පු: එහි මනායතන ඇත. ධර්‍මායතන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එහි ජිහ්වායතන ඇත, රසායතන ඇද්ද? එහි කායායතන ඇත, ස්ප්‍රෂ්ටව්‍යායතන ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
11. ස. පු: ඝ්‍රාණායතන ඇත. ගන්‍ධායතන නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එහි චක්‍ෂුරායතන ඇත. රූපායතන නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
12. ස. පු: ඝ්‍රාණායතන ඇත. ගන්‍ධායතන නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එහි ශ්‍රෝත්‍රායතන ඇත. ශබ්දායතන නැද්ද … එහි මනායතන ඇත. ධර්‍මායතන නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …