8. 6.
අරූපධාතුකථා
[‘අරූපීධර්මයෝ මැ අරූපධාතු නම්හ’ යි අන්ධක නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට අරූපධාතුකථා එයි.]
1. ස. පු: අරූපී ධර්මයෝ අරූපධාතු වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: වේදනාව වනාහි භව, ගති, සත්ත්වාවාස, සංසාර, යෝනි, විඥානස්ථිති, ආත්මභාවප්රතිලාභ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: වේදනෝපග කර්ම ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: වේදනෝපග සත්ත්වයෝ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: වේදනායෙහි ලා සත්ත්වයෝ දනත් ද, දිරත් ද, මියත් ද, සැව යෙත් ද, උපදිත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: වේදනායෙහි ලා වේදනා සංඥා සංස්කාර විඥාන ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: වේදනාව චතුවෝකාරභව වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: අරූපධාතු භව, ගති … ආත්මභාවප්රතිලාභ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: වේදනාව භව, ගති … ආත්මභාවප්රතිලාභ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. පු: අරූපධාතූපග කර්ම ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: වේදනෝපග කර්ම ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. පු: අරූපධාතූපගසත්ත්වයෝ ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: වේදනෝපග සත්ත්වයෝ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: අරූපධාතුයෙහි සත්ත්වයෝ දනත් ද, දිරත් ද, මියත් ද, සැව යෙත් ද, උපදිත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: වේදනායෙහි ලා සත්ත්වයෝ දනත් ද, දිරත් ද, මියත් ද, සැව යෙත් ද, උපදිත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: අරූපධාතුයෙහි වේදනා, සංඥා, සංස්කාර, විඥාන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: වේදනායෙහි වේදනා, සංඥා, සංස්කාර, විඥාන ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: අරූපධාතු චතුවෝකාරභව වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: වේදනාව චතුවෝකාරභව වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: (තොප මතයෙහි) අරූපී ධර්මයෝ අරූපධාතු වෙති. කාමධාතුයෙහි වේදනා, සංඥා, සංස්කාර, විඥාන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එ කාමධාතු මැ ඒ අරූපධාතු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …