8. 3.
කාමගුණකථා
[පඤ්චිමෙ භික්ඛවේ කාමගුණා’ යි වදාළ වචන නිසා ‘පස්කම්ගුණයෝ මැ කාමධතුයහ’ යි විවාද ගත් පූර්‍වශෛලීය ආදි නිකාය වාසීන්ගේ වාද බිඳුනට කාමගුණකථා එයි.]
1. ස. පු: පස්කම්ගුණ මැ කාමධාතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: තත්ප්‍රතිසංයුක්ත ඡන්‍දය ඇත්තේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් තත්ප්‍රතිසංයුක්ත ඡන්‍දය ඇත් නම්,
අනු. පා: භවත, ‘පස්කම්ගුණ මැ කාමධාතු’යයි නො කියැයුතු මැ යැ
2. ස. අනු: තත්ප්‍රතිසංයුක්ත රාගය, තත්ප්‍රතිසංයුක්ත ඡන්‍දය, තත්ප්‍රතිසංයුක්ත ඡන්‍දරාගය, තත්ප්‍රතිසංයුක්ත සංකල්පය, තත්ප්‍රතිසංයුක්ත රාගය, තත්ප්‍රතිසංයුක්ත සංකල්පරාගය, තත්ප්‍රතිසංයුක්ත ප්‍රීතිය, තත්ප්‍රතිසංයුක්ත සෞමනස්‍යය, තත්ප්‍රතිසංයුක්ත ප්‍රීතිසෞමනස්‍යය ඇත්තේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් තත්ප්‍රතිසංයුක්ත ප්‍රීතිසෞමනස්‍යය ඇත් නම්,
අනු. පා: භවත, ‘පස්කම්ගුණ මැ කාමධාතු’යයි නො කියැයුතු මැ යැ.
3. ස. පු: පස්කම්ගුණ මැ කාමධාතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මිනිසුන්ගේ ඇස කාමධාතු නො වන්නේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: මිනිසුන්ගේ කන … මිනිසුන්ගේ නැහැය … මිනිසුන්ගේ දිව … මිනිසුන්ගේ කය … මිනිසුන්ගේ මනස කාමධාතු නො වන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: මිනිසුන්ගේ මනස කාමධාතු නො වන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නො:
“ලෝකයෙහි මනස සවැනි කොට ඇති පඤ්චකාමගුණයෝ දන්නාලදහ. එහි ඡන්‍දය පහා මෙසේ දුකින් මිදේ” යයි
වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එකරුණින් ‘මිනිසුන්ගේ මනස කාමධාතු වෙති’ යි නො කියැයුතු යැ.
5. ස. පු: පස්කම්ගුණ මැ කාමධාතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කාමගුණ භව, ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, විඥානස්ථිති, ආත්මභාවප්‍රතිලාභ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: කාමගුණෝපග කර්‍ම ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: කාමගුණෝපග සත්ත්‍වයෝ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: කාමගුණයෙහි සත්ත්‍වයෝ ජාතිවශයෙන් දනත් ද, ජරාවශයෙන් දිරත් ද, මරණවශයෙන් මියත් ද, ච්‍යුතිවශයෙන් සැව යෙත් ද, ප්‍රතිසන්‍ධිවශයෙන් උපදිත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: කාමගුණයෙහි රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: කාමගුණ පඤ්චවෝකාරභව වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: කාමගුණයෙහි සම්‍යක්සම්බුද්ධයෝ උපදිත් ද, ප්‍රත්‍යෙකසම්බුද්ධයෝ උපදිත් ද, ශ්‍රාවකයුගමය උපදී ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. .ස. පු: කාමධාතු වනාහි භව, ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, විඥානස්ථිති, ආත්මභාවප්‍රතිලාභ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.