8. 4.
කාමකථා
[‘රූපායතනාදි පඤ්චායතනයෝ මැ කාමයහ’ යි ලබ්ධි ගත් පූර්වශෛලිය ආදි නිකායවාසීන්ගේ වාද බිඳුනට කාමකථා එයි.]
1. ස. පු: රූපාදි පඤ්චායතනයෝ මැ කාම වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: තත්ප්රතිසංයුක්ත ඡන්දය ඇත්තේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඉදින් තත්ප්රතිසංයුක්ත ඡන්දය ඇත් නම්,
අනු. පා: භවත ‘පඤ්චායතනයෝ මැ කාමයහ’ යි නො කියැයුතු යැ.
2. ස. පු: තත්ප්රතිසංයුක්ත රාගය, තත්ප්රතිසංයුක්ත ඡන්දය, තත්ප්රතිසංයුක්ත ඡන්දරාගය, තත්ප්රතිසංයුක්ත සංකල්පය, තත්ප්රතිසංයුක්තරාගය, තත්ප්රතිසංයුක්ත සංකල්පරාගය, තත්ප්රතිසංයුක්ත ප්රීතිය, තත්ප්රතිසංයුක්ත සෞමනස්යය, තත්ප්රතිසංයුක්ත ප්රීතිසෞමනස්යය ඇත්තේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් තත්ප්රතිසංයුක්ත ප්රීතිසෞමනස්යය ඇත් නම්,
අනු. පා: භවත, ‘පඤ්චායතනයෝ මැ කාමයහ’ යි කියැයුතු යැ.
3. ප. පු: ‘පඤ්චායතනයෝ මැ කාමයහ’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: භාග්යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, මේ කාමගුණයෝ පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්: ඉෂ්ට කාන්ත මනාප ප්රියස්වරූප කාමෝපසංහිත රඤ්ජනාර්හ චක්ෂුර්විඥේය රූපයෝ යැ, ශ්රෝත්රවිඥේය ශබ්දයෝ යැ …
ඝ්රාණවිඥේය ගන්ධයෝ යැ … ජිහ්වාවිඥේය රසයෝ යැ … ඉෂ්ට කාන්ත මනාප ප්රියරූප කාමෝපසංහිත රඤ්ජනාර්හ කායවිඥේය ස්පර්ශයෝ යි. මහණෙනි, මොහු පස්දෙන කාමගුණයහ” යි වදාළ සූත්රාන්තයෙක් ඇත්තේ මැ නු?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. නිග: එකරුණින් ‘පඤ්චායතනයෝ මැ කාමයහ’.
4. ස. පු: පඤ්චායතනයෝ මැ කාම වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “මහණෙනි, මේ කාමගුණයෝ පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්: චක්ෂුර්විඥේය රූපයෝ යැ … ඉෂ්ට කාන්ත මනාප ප්රියරූප කාමෝපසංහිත රඤ්ජනාර්හ කායවිඥේය ස්පර්ශයෝ යැ. වැළිදු මහණෙනි, තුලුහු කාමයෝ නො වෙති. ආර්ය්යවිනයෙහි තුලුහු ‘කාමගුණයහ’ යි කියනු ලැබෙත්.
පුරුෂයාගේ සංකල්පරාගය කාම වෙයි. ලෝකයෙහි යම් චිත්රාලම්බනයෝ ඇද්ද, ඔහු කාම නො වෙති. පුරුෂයාගේ සංකල්පරාගය කාම වෙයි. ලෝකයෙහි ඒ චිත්රාලම්බනයෝ එ සැටි මැ සිටිති. වැළි මෙහිලා ධීරයෝ ඡන්දය හැර පියති” යි
වදාළ සූත්රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
පටි. ආ: එකරුණින් ‘පඤ්චායතනයෝ මැ කාමයහ’ යි නො කියැයුතු යැ.
කාමකථා නිමි.