8. 2.
අන්තරාභවකථා
[‘අන්තරාපරිනිබ්බායී’ යන සූත්‍රපද නුනුවණින් හෙන අන්තරාභවයෙක් ඇතැයි පූර්‍වශෛලීය - සම්මිතියනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට අන්තරාභවකථා එයි.]
1. ස. පු: අන්තරාභවයෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (තොප මතයෙහි අන්තරාභවය) කාමභව වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: අන්තරාභවයෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඒ රූපභව වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: අන්තරාභවයෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඒ අරූපභව වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: අන්තරාභවයෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කාමභවයටත් රූපභවයටත් අතුරෙහි අන්තරා භවයෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: අන්තරාභවයෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපභවයටත් අරූපභවයටත් අතුරෙහි අන්තරා භවයෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. අනු: කාමභවයටත් රූපභවයටත් අතුරෙහි අන්තරා භවයෙක් නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් කාමභවයටත් රූපභවයටත් අතුරෙහි අන්තරාභවයෙක් නැත් නම්,
අනු. පා: භවත, ‘අන්තරාභවයෙක් ඇතැ’ යි නො කියැයුතු මැ යැ.
7. ස. අනු: රූපභවයටත් අරූපභවයටත් අතුරෙහි අන්තරා භවයෙක් නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් රූපභවයටත් අරූපභවයටත් අතුරෙහි අන්තරාභවයෙක් නැත් නම්,
අනු. පා: භවත, ‘අන්තරාභවයෙක් ඇතැ’ යි නො කියැයුතු මැ යැ.
8. ස. පු: අන්තරාභවයෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඒ පස්වැනි යෝනි වේ ද, ඒ සවැනි ගති වේ ද; ඒ අටවැනි විඥානස්ථිති වේ ද, ඒ දසවැනි සත්ත්‍වාවාස වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: අන්තරාභවයෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අන්තරාභවය ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, විඥානස්ථිති, ආත්මභාවප්‍රතිලාභ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ස. පු: අන්තරාභවයට (ප්‍රතිසන්‍ධි විසින්) පැමිණෙන කර්‍මයෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. පු: අන්තරාභවයට (ප්‍රතිසන්‍ධි විසින්) පැමිණි සත්ත්‍වයෝ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: අන්තරාභවයෙහි සත්ත්‍වයෝ හටගනිත් ද, දිරත් ද, මියෙත් ද, ච්‍යුත වෙත් ද, උපදිත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: අන්තරාභවයෙහි රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …