7. 9.
අරියධම්මවිපාක කථා
[ශ්‍රාමණ්‍යඵලය චිත්තචෛතසිකධර්‍ම නො වැ ක්ලේශප්‍රහාණමාත්‍ර යයි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අරියධම්මවිපාකකථා’ එයි.]
1. ස. පු: (මාර්‍ග සඞ්ඛ්‍යාත) ආර්‍ය්‍යධර්‍මයාගේ විපාක නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (මාර්‍ග සඞ්ඛ්‍යාත) ශ්‍රාමණ්‍යය මහත්ඵල නො වේ ද? (මාර්‍ග සඞ්ඛ්‍යාත) බ්‍රාහ්මණ්‍යය මහත්ඵල නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ශ්‍රාමණ්‍යය මහත්ඵල වේ නම්, බ්‍රාහ්මණ්‍යය මහත්ඵල වේ නම්,
අනු. පා: භවත, ‘ආර්‍ය්‍යධර්‍මයාගේ විපාක නැතැ’ යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: ආර්‍ය්‍යධර්‍මයාගේ විපාක නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෝවත්ඵල ඇත්තේ මැ නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් සෝවත්ඵල ඇත් නම්,
අනු. පා: භවත, ‘ආර්‍ය්‍යධර්‍මයාගේ විපාක නැතැ’ යි නො කියැයුතු මැ යැ.
ස. අනු: සෙදගැමිඵල … අනගැමිඵල … රහත්ඵල ඇත් නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් රහත්ඵල ඇත් නම්,
අනු. පා: භවත, ‘ආර්‍ය්‍යධර්‍මයාගේ විපාක නැතැ’ යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: සෝවත්ඵල විපාක නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දානඵල විපාක නො වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: සෝවත්ඵල විපාක නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සීලඵලය … භාවනාඵලය විපාක නො වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: සෙදගැමිඵලය … අනගැමිඵලය … රහත්ඵලය විපාක නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දානඵල විපාක නො වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: රහත්ඵලය විපාක නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සීලඵලය … භාවනාඵලය විපාක නො වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: දානඵල විපාක වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෝතාපත්තිඵල විපාක වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: දානඵල විපාක වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සකෘදාගාමිඵල … අනාගාමිඵල … අර්‍හත්ත්‍වඵල විපාක වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: සීලඵල … භාවනාඵල විපාක වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෝතාපත්තිඵල විපාක වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ස. පු: භාවනාඵල විපාක වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සකෘදාගාමිඵල … අනාගාමිඵල … අර්‍හත්ත්‍වඵල විපාක වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
11. ස. පු: කාමාවචර කුසලය සවිපාක වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.