7. 8.
ජරාමරණං විපාකොති කථා
[අන්‍ධකනිකායවාසීන් සෙයින් ‘ජරාමරණ දෙක කර්‍මවිපාක වෙති’ යි ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ජරා මරණං විපාකො’ ති කථා එයි.]
1. ස. පු: ජරාමරණ විපාක වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (ජරාමරණ) සුඛවේදනාවට නිසි වේ ද, දුඃඛවෙදනාවට නිසි වේ ද, උපේක්‍ෂාවේදනාවට නිසි වේ ද, සුඛවේදනාවෙන් සම්ප්‍රයුක්ත වේ ද, දුඃඛවෙදනාවෙන් සම්ප්‍රයුක්ත වේ ද, උපේක්‍ෂා වේදනාවෙන් සම්ප්‍රයුක්ත වේ ද, ස්පර්‍ශයෙන් සම්ප්‍රයුක්ත වේ ද, වේදනායෙන් සම්ප්‍රයුක්ත වේ ද, සංඥායෙන් සම්ප්‍රයුක්ත වේ ද, චේතනායෙන් සම්ප්‍රයුක්ත වේ ද, චිත්තයෙන් සම්ප්‍රයුක්ත වේ ද, සාරම්මණ වේ ද, එයට ආවර්‍තනා, ආභෝග, සමන්‍වාහාර, මනසිකාර, චේතනා, ප්‍රාර්‍ත්‍ථනා, ප්‍රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: සුඛවේදනාට නිසි නො වනු වේ ද, දුඃඛ වේදනාවට නිසි නො වනු වේ ද, ... අනාරම්මණ වේ ද, එයට ආවර්‍තනා … ප්‍රණිධි නැත්තේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් සුඛවේදනාවට නිසි නො වනු වේ නම්, දුඃඛවෙදනාවට නිසි නො වනු වේ නම් … අනාරම්මණ වේ නම්, එයට ආවර්‍තනා … ප්‍රණිධි නැත්තේ වේ නම්,
අනු. පා: භවත, ‘ජරාමරණ විපාකයහ’ යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: ස්පර්‍ශය විපාක වෙයි. ස්පර්‍ශය සුඛවේදනාවට නිසි වේ ද, දුඃඛවෙදනාවට නිසි වේ ද … සාරම්මණ වේ ද, එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇත්තේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (තොප මතයෙහි) ජරාමරණ විපාක වෙයි. ජරාමරණ සුඛවේදනාවට නිසි වේ ද, දුඃඛවෙදනාවට නිසි වේ ද, … සාරම්මණ වේ ද, එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇත්තේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: (තොප මතයෙහි) ජරාමරණ විපාක වෙයි. ජරාමරණ සුඛවේදනාවට නිසි නො වේ ද, දුඃඛවෙදනාවට නිසි නො වේ ද … අනාරම්මණ වේ ද, එයට ආවර්‍තනා … ප්‍රණිධි නැත්තේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්පර්‍ශය විපාක වෙයි. ස්පර්‍ශය සුඛවේදනාවට නිසි නො වේ ද, දුඃඛවෙදනාවට නිසි නො වේ ද, අනාරම්මණ වේ ද, එයට ආවර්‍තනා … ප්‍රණිධි නැත්තේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: අකුශලධර්‍මයන්ගේ ජරාමරණ අකුශලධර්‍මයන්ගේ විපාක වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුශලධර්‍මයන්ගේ ජරාමරණ කුශලධර්‍මයන්ගේ විපාක වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: කුශලධර්‍මයන්ගේ ජරාමරණ ‘කුශලධර්‍මයන්ගේ විපාක’ යැයි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අකුශලධර්‍මයන්ගේ ජරාමරණ ‘අකුශලධර්‍මයන්ගේ විපාක’ යැයි නො කියැයුතු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: කුශලධර්‍මයන්ගේ ජරාමරණ අකුශලධර්‍මයන්ගේ විපාක වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අකුශලධර්‍මයන්ගේ ජරාමරණ කුශලධර්‍මයන්ගේ විපාක වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: අකුශලධර්‍මයන්ගේ ජරාමරණ ‘කුශලධර්‍මයන්ගේ විපාක’ යයි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුශලධර්‍මයන්ගේ ජරාමරණ ‘අකුශලධර්‍මයන්ගේ විපාක’ යයි නො කියැයුතු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …