7. 7.
පඨවීකම්මවිපාකොති කථා
[‘පෘථිවිය කර්මවිපාකයකැ’ අන්ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘පඨවී කම්මවිපාකො’ ති කථා එයි.]
1. ස. පු: පෘථිවිය කර්මවිපාක වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (පෘථිවිය) සුඛවේදනාවට නිසි වේ ද, දුඃඛවෙදනාවට නිසි වේ ද, උපේක්ෂාවේදනාවට නිසි වේ ද, සුඛවේදනායෙන් සම්ප්රයුක්ත වේ ද, දුඃඛවේදනායෙන් සම්ප්රයුක්ත වේ ද, උපේක්ෂා වේදනායෙන් සම්ප්රයුක්ත වේ ද, ස්පර්ශයෙන් සම්ප්රයුක්ත වේ ද, වේදනායෙන් සම්ප්රයුක්ත වේ ද, සංඥායෙන් සම්ප්රයුක්ත වේ ද, චේතනායෙන් සම්ප්රයුක්ත වේ ද, චිත්තයෙන් සම්ප්රයුක්ත වේ ද, සාරම්මණ වේ ද, එයට පුරේචාරික ආවර්තන සඞ්ඛ්යාත ආවර්ජනා ඇද්ද, ආභෝග ඇද්ද, සමන්වාහාර ඇද්ද, මනසිකාර ඇද්ද, කර්මප්රත්යයභුත චේතනා ඇද්ද, ඉෂ්ටවිපාක ප්රාර්ත්ථනා ඇද්ද, ප්රණිධි වශයෙන් පැවැති මූලතෘෂ්ණා ඇද්ද, (කිම, තොප ගත් පෘථිවිය මෙ බඳු වේ ද?)
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: සුඛවේදනීය නො වනු වේ ද, දුක්ඛවෙදනිය නො වනු වේ ද, උපේක්ෂාවේදනාවට නිසි නො වනු වේ ද, සුඛවේදනායෙන් සම්ප්රයුක්ත නො වනු වේ ද, දුඃඛවේදනායෙන් සම්ප්රයුක්ත නො වනු වේ ද, උපේක්ෂාවේදනායෙන් සම්ප්රයුක්ත නො වනු වේ ද, ස්පර්ශයෙන් සම්ප්රයුක්ත නො වනු වේ ද, වේදනායෙන් සම්ප්රයුක්ත නො වනු වේ ද, සංඥායෙන් සම්ප්රයුක්ත නො වනු වේ ද, චේතනායෙන් සම්ප්රයුක්ත නො වනු වේ ද, චිත්තයෙන් සම්ප්රයුක්ත නො වනු වේ ද,අනාරම්මණ නො වේ ද, එයට ආවර්තනායෙක් ආභෝගයෙක් සමන්වාහාරයෙක් මනසිකාරයෙක් නැත්තේ වේ ද, චේතනායෙක් ප්රාර්ත්ථනායෙක් ප්රණිධියෙක් නැත්තේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් සුඛවේදනාවට නිසි නොවේ නම්, දුඃඛවෙදනාවට නිසි නොවේ නම් … අනාරම්මණ වේ නම්, එයින් ආවර්තනායෙක් නැත් නම් … ප්රණිධියෙක් නැත් නම්,
අනු. පා: භවත, ‘පෘථිවිය කර්මවිපාක’ යයි නො කියැයුතු මැ යැ.
2. ස. පු: ස්පර්ශය කර්මවිපාක යැ. ස්පර්ශය සුඛවේදනාවට නිසි වේ ද, දුඃඛවෙදනාවට නිසි වේ ද, උපේක්ෂාවේදනාවට නිසි වේ ද, සුඛවේදනායෙන් සම්ප්රයුක්ත වේ ද, … උපේක්ෂාවේදනායෙන් සම්ප්රයුක්ත වේ ද, ස්පර්ශයෙන් සම්ප්රයුක්ත වේ ද, වේදනායෙන් සම්ප්රයුක්ත වේ ද, සංඥායෙන් සම්ප්රයුක්ත වේ ද, චේතනායෙන් සම්ප්රයුක්ත වේ ද, චිත්තයෙන් සම්ප්රයුක්ත වේ ද, සාරම්මණ වේ ද, ඒ ස්පර්ශයට ආවර්තනායෙක් ඇද්ද … ප්රණිධියෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පෘථිවිය කර්මවිපාක යැ. පෘථිවිය සුඛවේදනාවට නිසි වේ ද, දුඃඛවෙදනාවට නිසි වේ ද, උපේක්ෂාවේදනාවට නිසි වේ ද, සුඛවේදනායෙන් සම්ප්රයුක්ත වේ ද, දුඃඛවේදනායෙන් සම්ප්රයුක්ත වේ ද, උපේක්ෂාවේදනායෙන් සම්ප්රයුක්ත වේ ද, ස්පර්ශයෙන් සම්ප්රයුක්ත වේ ද, වේදනායෙන් සම්ප්රයුක්ත වේ ද, සංඥායෙන් සම්ප්රයුක්ත වේ ද, චේතනායෙන් සම්ප්රයුක්ත වේ ද, චිත්තයෙන් සම්ප්රයුක්ත වේ ද, සාරම්මණ වේ ද, එයට ආවර්තනායෙක් ආභෝගයෙක් සමන්වාහාරයෙක් මනසිකාරයෙක් චේතනායෙක් ප්රාර්ත්ථනායෙක් ප්රණිධියෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: (තොප මතයෙහි) පෘථිවිය කර්මවිපාක වෙයි. පෘථිවිය සුඛවේදනීය නො වේ ද, දුක්ඛවෙදනිය නො වේ ද … අනාරම්මණ වේ ද, එයට ආවර්තනා නැද්ද … ප්රණිධි නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්පර්ශය කර්මවිපාක යැ. ස්පර්ශය සුඛවේදනීය නො වේ ද, දුක්ඛවෙදනිය නො වේ ද … අනාරම්මණ වේ ද, එයට ආවර්තනා නැද්ද … ප්රණිධියෙක් නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: පෘථිවිය කර්මවිපාක වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පෘථිවිය ප්රග්රහ නිග්රහ දෙකට පැමිණියා ඡෙදනභෙදනගත වූවා වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කර්මවිපාකය ප්රග්රහ නිග්රහයට පැමිණියේ ඡේදනභේදනයට පැමිණියේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …