7. 4.
දානකථා
[ත්‍යාගචේතනා යැ විරති යැ දේයධර්‍ම යැ යි දානයෝ තුන් දෙනෙකි. තුලුහු අර්‍ත්‍ථවශයෙන් චෛතසිකධර්‍ම යැ දේයධර්‍ම යැ යි දෙපරිදි වෙති. රාජගිරික සිද්ධත්‍ථික නිකායවාසීහු චෛතසිකධර්‍මය මැ දාන විසින් ගනිති, දේයධර්‍මය නො ගනිති. උන්ගේ වාද බිඳුනට දානකථා එයි.]
1. ස. පු: ‘දාන’ යනු චෛතසිකධර්‍ම වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චෛතසිකධර්‍මය මෙරමාහට දෙන්නට හැකි වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. පු: චෛතසිකධර්‍මය මෙරමාහට දෙන්නට හැකි වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ. (ප්‍රාණවධ පරිත්‍යාගයෙන් වන විරතිය මෙරමාහට අභයදාන වේ නු යි කළ පිළින යි.)
ස. අනු: ස්පර්‍ශය මෙරමාහට දෙන්නට හැකි වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: වේදනා … සංඥා … චේතනා … ශ්‍රද්ධා … වීර්‍ය්‍ය … ස්මෘති … සමාධි … ප්‍රඥාචෛතසික මෙරමාහට දෙන්නට හැකි වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ප. පු: ‘චෛතසිකධර්‍මය දාන’ යයි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: දානය අනිටුඵල, අමිහිරිඵල, නොමනාඵල, සේචනකඵල, දුක් උදා දෙනු, දුක්විවා දෙනු වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ …
ප. අනු: දානය ඉෂ්ටඵල, කාන්තඵල, මනෝඥඵල, අසේචනකඵල, සුඛුද්‍රය සුඛවිපාක වන්නේ නො වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් දානය ඉෂ්ටඵල, කාන්තඵල, මනෝඥඵල, අසේචනකඵල, සුඛුද්‍රය, සුඛවිපාක වේ නම්,
අනු. පා: භවත, එකරුණින් ‘චෛතසිකධර්‍ම දාන වේ’ යයි කියැයුතු මැ යැ.
3. ප. පු: භාග්‍යවතුන් වහන්සේ විසින් දානය ඉෂ්ටඵල යයි වදාරන ලදි. චීවරය දානයෙක් වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: චීවරය ඉෂ්ටඵල, කාන්තඵල, මනෝඥඵල, අසේචනකඵල, සුඛුද්‍රය, සුඛවිපාක වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ …
ප. පු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘දානය ඉෂ්ටඵල’ යයි වදාරන ලදි. පිණ්ඩපාත … ශයනාසන … ගිලන්පස බෙහෙත් පිරිකර යන මේ දාන වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ගිලන්පස බෙහෙත්පිරිකර ඉෂ්ටඵල, කාන්තඵල, මනෝඥඵල, අසේචනකඵල, සුඛුද්‍රය, සුඛවිපාක වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ …
4. ප. පු: ‘චෛතසිකධර්‍මය දාන’ යයි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො:
“ශ්‍රද්ධා යැ, හ්‍රී යැ, කුශල වූ චේතනා යැ යන තෙල ධර්‍මයෝ සත්පුරුෂානුගත ධර්‍මයෝ යැ. තෙල ත්‍යාගචේතනාඛ්‍ය දානය වනාහි දිව්‍ය කොට කියත්. තෙල ත්‍යාගචේතනා දානයෙන් දෙව්ලෝ යෙයි.”
වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. නිග: එකරුණින් චෛතසිකධර්‍ම දාන වෙයි.
5. ප. පු: චෛතසිකධර්‍මය ‘දාන’ යයි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, අග්‍ර යයි දතයුතු, බොහෝ කල් පැවැත්තහ යි දතයුතු, වංශයහ යි දතයුතු, පෞරාණ වූ, පෙර සිට නො හරනලද, (පෙර බුදුවරුන් විසිනුදු ‘මින් කිමැ’ යි) අනපනීත වූ, දැනුදු අනපනීත වූ, මතුයෙහිදු අනපනීත වන, ශ්‍රමණ බ්‍රාහ්මණ විඥයන් විසින් අනින්‍දිත වූ මේ මහාදානයෝ පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්: