7. 5.
පරිභෝගමයපුඤ්ඤකථා
[“තෙසං දිවා ච රත්තො ච සදා පුඤ්ඤං පවඩ්ඪති” ආදි සූත්ර නුනුවණින් ගෙන ‘පරිභෝගමය’ නම් පුණ්යයෙක් ඇතැයි රාජගිරික සිද්ධත්ථික සම්මිතිය නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට පරිභෝගමය පුණ්යකථා එයි.]
1. ස. පු: පරිභෝගමය පුණ්යය (තෙමේම) වැඩේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පරිභෝගමය ස්පර්ශය වැඩේ ද, වේදනා වැඩේ ද, සංඥා වැඩේ ද, චේතනා වැඩේ ද, චිත්තය වැඩේ ද, ශ්රද්ධා වැඩේ ද, වීර්ය්ය වැඩේ ද, ස්මෘති වැඩේ ද, සමාධි වැඩේ ද, ප්රඥා වැඩේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: පරිභෝගමය පුණ්යය වැඩේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ලතාවක් සෙයින් වැඩේ ද, මාලුවා ලතාවක් සෙයින් වැඩේ ද, වෘක්ෂයක් මෙන් වැඩේ ද, තෘණ සෙයින් වැඩේ ද, මෘදුතෘණ පුඤ්ජයක් සෙයින් වැඩේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: පරිභෝගමය පුණ්යය වැඩේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දායකයා දන් දී ආවර්ජනා නො කෙරෙයි. පුණ්ය වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (දන් දී, දානචේතනායෙහි භවාඞ්ග සිත) නො පෙරළනුවහට වේ ද, ආභෝග නො කරනුවහට වේ ද, ආවර්ජන නො කරනුවහට වේ ද, මනසිකාර නො කරනුවහට වේ ද, නො සිතනුවහට වේ ද, නො පතනුවහට වේ ද, ප්රණිධාන නො කරනුවහට වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: (දානචේතනායෙහි භවාඞ්ග සිත) ආවර්තන කරනුවහට, ආභෝග කරනුවහට, ආවර්ජන කරනුවහට, මෙනෙහි කරනුවහට, සිතනුවහට, පතනුවහට සිත පිහිටුවනුවහට, (පුණ්ය) වේ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ආවර්තන කරනුවහට, ආභෝග කරනුවහට, ආවර්ජන කරනුවහට, මෙනෙහි කරනුවහට, සිතනුවහට, පතනුවහට, සිත පිහිටුවනුවහට, (පුණ්ය) වේ නම්,
අනු. පා: භවත, ‘පරිභෝගමය පුණ්ය වැඩේ’ යයි නො කියැයුතු මැ යැ.
4. ස. පු: පරිභෝගමය පුණ්ය වැඩේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දායකයා දන් දී කාමවිතර්ක කෙරෙයි, ව්යාපාද විතර්ක කෙරෙයි, විහිංසාවිතර්ක කෙරෙයි. පුණ්ය වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්පර්ශයන් දෙදෙනකුන්ගේ … චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුශලාකුශල, සාවද්යානවද්යා, හීනප්රණීත, කෘෂ්ණශුක්ලසප්රතිභාගධර්මයෝ සම්මුඛීභාවයට එත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: කුශලාකුශල, සාවද්යානවද්යා, හීනප්රණීත, කෘෂ්ණශුක්ලසප්රතිභාගධර්මයෝ සම්මුඛීභාවයට පැමිණෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්යවතුන් වහන්සේ විසින් වදාරනලද නො? “මහණෙනි, මේ සුවිදූරවිදූරස්ථානයෝ සතර දෙනෙක් වෙති. කවර සතර දෙනෙක යත්: මහණෙනි, අහස හා පොළොව හා මෙදෙක පළමු සුවිදූරවිදූරස්ථාන යැ. මහණෙනි, සමුද්රයාගේ මෙතෙර හා එතෙර හා මෙදෙක දෙවැනි සුවිදූරවිදූරස්ථාන යැ. මහණෙනි, යම් තැනෙකින් හිරු උදාවේ ද, යම් තැනෙක්හි අස්තයට යේ ද, මේ තුන් වැනි සුවිදූරවිදූරස්ථාන යැ. මහණෙනි, සත්පුරුෂයන්ගේ ධර්ම හා අසත්පුරුෂයන්ගේ ධර්ම හා මෙදෙක සතර වැනි සුවිදූරවිදූරස්ථාන යැ. මහණෙනි, මොහු සතර දෙන සුවිදූරවිදූරස්ථානයෝ යි.