7. 2.
සම්පයුත්තකථා
[යම් හෙයකින් තලයෙහි පැතිර සිටුනා තෙල සෙයින් වේදනාදි ධර්‍මයෝ සංඥාදි ධර්‍මයෙහි අනුප්‍රවිෂ්ට වූවාහු නො වෙත් ද, එහෙයින් කිසි ධර්‍ම කෙනෙකුන් හා සම්ප්‍රයුක්ත වූ කිසි ධර්‍ම කෙනෙක් නැත. එසේ වත් මැ ‘ඥාන සම්ප්‍රයුක්ත යනාදිය නිරර්‍ත්‍ථක වෙති’යි රාජගිරික සිද්ධත්‍ථික ආදි නිකායවාසීන් සෙයින් වාද ගත්තවුන්ගේ වාද බිඳුනට සම්ප්‍රයුක්තකථා එයි.]
1. ස. පු: කිසි ධර්‍ම කෙනෙකුන් සම්ප්‍රයුක්ත වූ කිසි ධර්‍ම කෙනෙක් නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කිසි ධර්‍ම කෙනකුන් හා සහගත, සහජාත, සසට, ඒකෝත්පාද, ඒකනිරෝධ, ඒකවස්තුක, ඒකාලම්බන කිසි ධර්‍ම කෙනෙක් ඇත්තාහු නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් කිසි ධර්‍ම කෙනෙකුන් හා සහගත, සහජාත, සංසෘෂ්ට, ඒකෝත්පාද, ඒකනිරෝධ, ඒකවස්තුක, ඒකාලම්බන සැහැවි ඇති කිසි ධර්‍ම කෙනෙක් ඇත් නම්,
අනු. පා: භවත, ‘කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වූ කිසි ධර්‍ම කෙනෙක් නැති’ යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: වේදනාස්කන්‍ධය සංඥාස්කන්‍ධය හා සහජාත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් වේදනාස්කන්‍ධය සංඥාස්කන්‍ධය හා සහජාත වේ නම්,
අනු. පා: භවත, එකරුණින් ‘වේදනාස්කන්‍ධය සංඥාස්කන්‍ධය හා සම්ප්‍රයුක්ත වේ’ යයි කියැයුතු මැ යැ.
ස. අනු: වේදනාස්කන්‍ධය සංස්කාරස්කන්‍ධ විඥානස්කන්‍ධ දෙක හා සහජාත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් වේදනාස්කන්‍ධය විඥානස්කන්‍ධය හා සහජාත වේ නම්,
අනු. පා: භවත, එකරුණින් ‘වේදනාස්කන්‍ධය විඥානස්කන්‍ධය හා සම්ප්‍රයුක්ත වේ’ යයි කියැයුතු මැ යැ.
ස. අනු: සංඥා සංස්කාර විඥානස්කන්‍ධ තුන වේදනා සංඥා සංස්කාරස්කන්‍ධයන් හා සහජාත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් විඥානස්කන්‍ධය සංස්කාරස්කන්‍ධය හා සහජාත වේ නම්,
අනු. පා: භවත, එකරුණින් ‘විඥානස්කන්‍ධය සංස්කාරස්කන්‍ධය හා සම්ප්‍රයුක්ත වේ’ යයි කියැයුතු මැ යැ.
ප. පු: යම්සේ තලයෙහි තෙල අනුගත වැ අනුප්‍රවිෂ්ට වැ ඇද්ද, උගුයෙහි රස අනුගත වැ අනුප්‍රවිෂ්ට වැ ඇද්ද, එපරිදි මැ ඒ දහම්හු ඒ දහමුන් හා අනුගත වැ අනුප්‍රවිෂ්ට වැ ඇත්තාහු වෙත් ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ.
සම්පයුත්තකථා නිමි.
7. 3.
චේතසිකකථා
[‘චෛතසිකධර්‍ම නැති’ යි රාජගිරික සිද්ධත්‍ථික නිකායවාසීන් සෙයින් වාද ගත්තවුන්ගේ වාද බිඳුනට චෛතසික කථා එයි.]
1. ස. පු: චෛතසිකධර්‍ම නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චිත්තයා හා සහගත, සහජාත, හැනීගිය, සම්ප්‍රයුක්ත, එක්ව උපත් ඇති, ඒකනිරෝධ, ඒකවස්තුක, ඒකාලම්බන සැහැවි ඇති, කිසි ධර්‍ම කෙනෙක් ඇත්තාහු නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් චිත්තයා හා සහගත, සහජාත, සංසෘෂ්ට, සම්ප්‍රයුක්ත, ඒකෝත්පාද, ඒකනිරෝධ, ඒකවස්තුක, ඒකාලම්බන සැහැවි ඇති, කිසි ධර්‍ම කෙනෙක් ඇත් නම්,
අනු. පා: භවත, ‘චෛතසික ධර්‍ම නැති’ යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: ස්පර්‍ශය චිත්තය හා සහජාත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ස්පර්‍ශය චිත්තය හා සහජාත වේ නම්,
අනු. පා: භවත, එකරුණින් ‘ස්පර්‍ශය චෛතසික යැ’යි කියැයුතු මැ යැ.
3. ස. පු: වේදනා … සංඥා … චේතනා … ශ්‍රද්ධා වීර්‍ය්‍ය … ස්මෘති … සමාධි … ප්‍රඥා … රාග … ද්වේෂ … මෝහ … අනපත්‍රපා චිත්තය හා සහජාත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අනපත්‍රපා චිත්තය හා සහජාත වේ නම්,
අනු. පා: භවත, එකරුණින් ‘අනපත්‍රපා චෛතසික යැ’ යි කියැයුතු මැ යැ.
4. ප. පු: ‘චිත්තය හා සහජාතයහ’ යි හේතු කොට ගෙන චෛතසිකයෝ වෙත් ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ‘ස්පර්‍ශය හා සහජාතයහ’ යි හේතු කොට ගෙන ස්පාර්ශිකයෝ වෙත් ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.