7. 1.
සඞ්ගහිතකථා
[දාමාදියෙන් බලවර්‍දයන් සෙයින් කිසි ධර්‍ම කෙනෙකුන් විසින් සඞ්ගෘහීත වූ කිසි ධර්‍ම කෙනෙක් නැත. එසේ වත් මැ ‘ඒකවිධෙන රූපසඞ්ගහො’ යනාදිය නිරර්‍ත්‍ථක යැ යි රාජගිරිකයන් සිද්ධාර්ත්‍ථිකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට සඞ්ගහිතකථා එයි.]
1. ස. පු: කිසි ධර්‍ම කෙනකුන් විසින් සඞ්ගෘහීත වූ කිසි ධර්‍ම කෙනෙක් නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කිසි ධර්‍ම කෙනකුන් විසින් ගණනයට යන, උද්දේසයට යන, පර්‍ය්‍යාපන්න වූ කිසි ධර්‍ම කෙනෙක් ඇත් මැ නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් කිසි ධර්‍ම කෙනකුන් විසින් ගණනයට යන, උද්දේසයට යන, පර්‍ය්‍යාපන්න වූ කිසි ධර්‍ම කෙනෙක් ඇත් නම්,
අනු. පා: භවත, ‘කිසි ධර්‍ම කෙනකුන් විසින් සඞ්ගෘහීත වූ කිසි ධර්‍ම කෙනෙක් නැතැ’ යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: චක්ඛායතනය කවර ස්කන්‍ධගණනාවකට යේ ද?
ප. පටිඤ්ඤා: රූපස්කන්‍ධගණනාවට (සඞ්ඛ්‍යාවට) යෙයි.
අනු. ඨ: ඉදින් චක්ඛායතනය රූපස්කන්‍ධ සඞ්ඛ්‍යාවට යේ නම්,
අනු. පා: භවත, එ කරුණින් ‘චක්ඛායතනය රූපස්කන්‍ධ විසින් සඞ්ගෘහීත වෙයි’ යනු කියැයුතු මැ යැ.
ස. පු: සෝතායතන … ඝානායතන … ජිව්හායතන … කායායතන කවර ස්කන්‍ධසඞ්ඛ්‍යාවකට යේ ද?
ප. පටිඤ්ඤා: රූපස්කන්‍ධසඞ්ඛ්‍යාවට යෙයි.
අනු. ඨ: ඉදින් කායායතන රූපස්කන්‍ධසඞ්ඛ්‍යාවට යේ නම්,
අනු. පා: භවත, එකරුණින් ‘කායායතනය රූපස්කන්‍ධ විසින් සඞ්ගෘහීත වෙයි’ යනු කියැයුතු මැ යැ.
3. ස. පු: රූපායතනය … සද්දායතනය … ගන්‍ධායතනය … රසායතනය … ඵොට්ඨබ්බායතනය කවර ස්කන්‍ධසඞ්ඛ්‍යාවකට යේ ද?
ප. පටිඤ්ඤා: රූපස්කන්‍ධසඞ්ඛ්‍යාවට යෙයි.
අනු. ඨ: ඉදින් ඵොට්ඨබ්බායතන රූපස්කන්‍ධසඞ්ඛ්‍යාවට යේ නම්,
අනු. පා: භවත, එකරුණින් ‘ඵොට්ඨබ්බායතනය රූපස්කන්‍ධ සඞ්ගෘහීත වෙයි’ යනු කියැයුතු මැ යැ.
4. ස. පු: සුඛවේදනා කවර ස්කන්‍ධසඞ්ඛ්‍යාවකට යේ ද?
ප. පටිඤ්ඤා: වේදනාස්කන්‍ධසඞ්ඛ්‍යාවට යෙයි.
අනු. ඨ: ඉදින් සුඛවේදනා වේදනාස්කන්‍ධසඞ්ඛ්‍යාවට යේ නම්,
අනු. පා: භවත, එකරුණින් ‘සුඛවේදනා වේදනාස්කන්‍ධ විසින් සඞ්ගෘහීත වෙයි’ යනු කියැයුතු මැ යැ.
ස. පු: දුඃඛවේදනා … උපේක්‍ෂාවේදනා කවර ස්කන්‍ධසඞ්ඛ්‍යාවකට යේ ද?
ප. පටි: වේදනාස්කන්‍ධසඞ්ඛ්‍යාවට යෙයි.
අනු. ඨ: ඉදින් උපේක්‍ෂාවේදනා වේදනාස්කන්‍ධසඞ්ඛ්‍යාවට යේ නම්,
අනු. පා: භවත, එකරුණින් ‘උපේක්‍ෂාවේදනා වේදනාස්කන්‍ධ විසින් සඞ්ගෘහීත වෙයි’ යනු කියැයුතු මැ යැ
5. ස. පු: චක්ඛුසම්ඵස්සයෙන් උපන් සංඥාව කවර ස්කන්‍ධසඞ්ඛ්‍යාවකට යේ ද?
ප. පටිඤ්ඤා: සංඥාස්කන්‍ධසඞ්ඛ්‍යාවට යෙයි.
අනු. ඨ: ඉදින් චක්ඛුසම්ඵස්සයෙන් උපන් සංඥාව සංඥාස්කන්‍ධසඞ්ඛ්‍යාවට යේ නම්,
අනු. පා: භවත, එ කරුණින් ‘චක්ඛුසම්ඵස්සයෙන් උපන් සංඥාව සංඥාස්කන්‍ධ විසින් සඞ්ගෘහීත වෙයි’ යනු කියැයුතු මැ යැ.
ස. පු: සෝතසම්ඵස්සයෙන් උපන් සංඥාව … මනෝසම්ඵස්සයෙන් උපන් සංඥාව කවර ස්කන්‍ධසඞ්ඛ්‍යාවකට යේ ද?
ප. පටිඤ්ඤා: සංඥාස්කන්‍ධසඞ්ඛ්‍යාවට යෙයි.
අනු. ඨ: ඉදින් මනෝසම්ඵස්සයෙන් උපන් සංඥාව සංඥාස්කන්‍ධ සඞ්ඛ්‍යාවට යේ නම්,
අනු. පා: භවත, එකරුණින් ‘මනෝසම්ඵස්සයෙන් උපන් සංඥාව සංඥාස්කන්‍ධ විසින් සඞ්ගෘහීත වෙයි’ යනු කියැයුතු මැ යැ.