6. 4.
ආරුප්පකථා
[‘සතර ආරූප්‍යයෝ ආනෙඤ්ජ වෙති’ යි වදාළ වචන නිසා එහැම ධර්‍මයෝ අසංස්කෘත වෙති යි ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ආරුප්පකථා එයි.]
1. ස. පු: ආකාසානඤ්චායතනය අසංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නිර්‍වාණය ත්‍රාණ, ලෙණ, සරණ, පරායණ අච්‍යුත, අමෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: ආකාසානඤ්චායතනය අසංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ත්‍රාණයෝ දෙදෙනෙක් … අන්තරිකාවෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: ආකාසානඤ්චායතනය අසංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ආකාසානඤ්චායතනය භව, ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, විඥානස්ථිති, ආත්මභාවප්‍රතිලාභ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතය භව, ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, විඥානස්ථිති, ආත්මභාවප්‍රතිලාභ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: ආකාසානඤ්චායතනෝපග කර්‍ම ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතොපග කර්‍ම ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: ආකාසානඤ්චායතනෝපග සත්ත්‍වයෝ ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතොපග සත්ත්‍වයෝ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: ආකාසානඤ්චායතනයෙහි සත්ත්‍වයෝ උපදිද්ද, දිරත් ද, මියෙත් ද, ච්‍යුත වෙත් ද, උපප්‍රාප්ත වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතයෙහි සත්ත්‍වයෝ උපදිද්ද, දිරත් ද, මියෙත් ද, ච්‍යුත වෙත් ද, උපප්‍රාප්ත වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: ආකාසානඤ්චායතනයෙහි වේදනා සංඥා සංස්කාර ද? විඥාන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතයෙහි වේදනා සංඥා සංස්කාර විඥාන ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: ආකාසානඤ්චායතනය චතුවෝකාරභව වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතය චතුවෝකාරභව වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ප. පු: ‘සතර ආරූප්‍යයෝ අසංස්කෘත වෙති’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ‘සතර ආරූප්‍යයෝ අනෙජයෝ යැ’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දාහු නො?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ‘සතර ආරූප්‍යයෝ අනෙජයෝ යැ’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද නම්,
අනු. පා: භවත, එකරුණින් ‘සතර ආරූප්‍යයෝ අසංස්කෘත වෙති’ යි කියැයුතු මැ යැ.
ආරුප්පකථා නිමි.