6. 3.
සච්චකථා
[“චත්තාරිමානි භික්ඛවේ තථානි අවිතථානි” යන සූත්රය නිසා ‘සතර සත්යයෝ අසඞ්ඛත වෙති’ යි පූර්වශෛලීයයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට සත්යකථා එයි.]
1. ස. පු: සතර සත්යයෝ අසඞ්ඛත වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පු: ත්රාණයෝ සතර දෙනෙක් ලෙණයෝ සතර දෙනෙක් සරණයෝ සතර දෙනෙක් පරායණයෝ සතර දෙනෙක් අච්යුතයෝ සතර දෙනෙක් අමෘතයෝ සතර දෙනෙක් නිර්වාණයෝ සතර දෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: නිර්වාණයෝ සතර දෙනෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චතුර්විධ නිර්වාණයන්ගේ උච්චනීචතායෙක් හීනප්රණීතතායෙක් උත්කර්ෂාවකර්ෂයෙක් හෝ සීමායෙක් හෝ භෙදයෙක් හෝ රාජියෙක් හෝ අන්තරිකායෙක් හෝ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: දුඃඛසත්යය අසංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දුඃඛය අසංස්කෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: දුඃඛසත්යය අසංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කායිකදුඃඛය, චෛතසිකදුඃඛය, ශෝකපරිදේවදුඃඛදෞර්මනස්යඋපායාසයෝ අසංස්කෘත වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: සමුදයසත්යය අසංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සමුදය අසංස්කෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: සමුදයසත්යය අසංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කාමතෘෂ්ණා භවතෘෂ්ණා විභවතෘෂ්ණා අසංස්කෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: මාර්ගසත්යය අසංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මාර්ගය අසංස්කෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: මාර්ගසත්යය අසංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සම්යග්දෘෂ්ටිය … සම්යක්සමාධිය අසංස්කෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: දුඃඛය සංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දුඃඛසත්යය සංස්කෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ස. පු: කායිකදුඃඛය චෛතසිකදුඃඛය ශෝකපරිදේවදුඃඛදෞර්මනස්යඋපායාසයෝ සංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දුඃඛසත්යය සංස්කෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
11. ස. පු: සමුදය සංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සමුදයසත්යය සංස්කෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
12. ස. පු: කාමතෘෂ්ණා භවතෘෂ්ණා විභවතෘෂ්ණා සංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සමුදයසත්යය සංස්කෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …