6. 1.
නියාමකථා
[‘නියාමගමනය පිණිස අනියතපෘථග්ජනයාට ඥානය ඇති’ යි උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට නියාමකථා එයි.]
1. ස. පු: නියාමය ‘අසඞ්ඛත’ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නිර්‍වාණය, ත්‍රාණ, ලෙණ, සරණ, පරායණ, අච්‍යුත, අමෘත වේ ද? (මෙලෙස නියාමයත් අසංස්කෘත වේ දැ’ යි සේ යි.)
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: (තොප මතයෙහි) නියාමය අසංස්කෘත යැ. නිර්‍වාණය අසංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ත්‍රාණයෝ දෙදෙනෙක්, ලෙණයෝ දෙදෙනෙක්, සරණයෝ දෙදෙනෙක්, පරායණයෝ දෙදෙනෙක්, අච්‍යුතයෝ දෙදෙනෙක්, අමෘතයෝ දෙදෙනෙක්, නිර්‍වාණයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: නිර්‍වාණයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: උභය නිර්‍වාණයන්ගේ උච්චනීචතායෙක් හීනප්‍රණීතතායෙක් උත්කර්‍ෂාවකයෙක් හෝ සීමායෙක් හෝ භෙදයෙක් හෝ රාජියෙක් හෝ අන්තරිකායෙක් හෝ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: නියාමය අසංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නියාමයට බැසගන්නා, එය පිළිලබන, උපදවන, මොනොවට උපදවන, නංවන, මොනොවට නංවවන, නිපදවන, සකසා නිපදවන, දනවන, සකසාදනවන යමෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතයට බැසගන්නා, එය පිළිලබන, උපදවන, මොනොවට උපදවන, නංවන, මොනොවට නංවවන, නිපදවන, සකසා නිපදවන, දනවන, සකසා දනවන යමෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: නියාමය අසංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මාර්‍ගය අසංස්කෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ … (උත්පාදනිරෝධභාවයෙන් ප්‍රතික්‍ෂේප කෙරේ.)
7. ස. පු: මාර්‍ගය සංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නියාමය සංස්කෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: සෝවත්නියාමය අසංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෝවත්මග අසංස්කෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: සොවත්මඟ සංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෝවත්නියාමය සංස්කෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …