5. 5.
පටිසම්භිදාකථා
[‘ආර්ය්යයන්ගේ යම් මැ ඥානයෙක් ඇද්ද, එ හැම ලෝකෝත්තර මැ වෙති’ යි ගෙනැ හැම ඥානය මැ පටිසම්භිදායෙහි වැටෙතියි අන්ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට පටිසම්භිදාකථා එයි.]
1. ස. පු: හැම ඥානය පටිසම්භිදාඤාණ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සම්මුතිඥානය පටිසම්භිදාඤාණ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ … (පඨවීකසිණ සම්මුතියෙහි සමවත් නැණ සඳහා ප්රතික්ෂේප යි.)
2. ස. පු: සම්මුතිඥානය පටිසම්භිදාඤාණ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: යම් කෙනෙක් සම්මුතිය දනිත් ද, ඔහු හැම පිළිසිඹියා පැමිණියාහු වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ … (පුහුදුන් සඳහා ප්රතික්ෂේප යි.)
3. ස. පු: හැම ඥානය පටිසම්භිදාඤාණ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ. (ආර්ය්යන්ගේ ඥානය සඳහා පිළින යි.)
ස. අනු: චේතෝපරියායඥානය පටිසම්භිදාඤාණ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ … (පුහුදුන් සඳහා ප්රතික්ෂේප යි.)
4. ස. පු: චේතෝපරියායඥානය පටිසම්භිදාඤාණ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ. (ආර්ය්යයන්ගේ ඥානය සඳහා පිළින යි.)
ස. අනු: යම් කෙනෙක් පරචිත්තය දනිත් ද, ඔහු හැම පිළිසිඹියා පැමිණියාහු වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: හැම ඤාණ පටිසම්භිදාඤාණ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: හැම ප්රඥා පටිසම්භිදාඤාණ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ … (කසිණසමාපත්ති ප්රඥාව සඳහා ප්රතික්ෂේප යි.)
6. ස. පු: හැම ප්රඥා පටිසම්භිදාඤාණ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පඨවීකසිණ සමාපත්තියට සමවන්නහුට ප්රඥා ඇත පටිසම්භිදාඤාණ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: ආපෝකසිණයට … තෙජොකසිණයට … වායෝකසිණයට … නීලකසිණයට … පීතකසිණයට … ලෝහිතකසිණයට … ඔදාතකසිණයට … ආකාසානඤ්චායතනයට … විඤ්ඤාණඤ්චායතනයට … ආකිඤ්චඤ්ඤායතනයට … නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්නහුට දන් දෙන්නහුට … සිවුරු දෙන්නහුට … පිඬුවා දෙන්නහුට … සෙනසුන් දෙන්නහුට … ගිලන්පස බෙහෙත්පිරිකර දෙන්නහුට ප්රඥා ඇත. ඒ ප්රඥා පටිසම්භිදාඥාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ප. පු: ‘හැම ඥාන පටිසම්භිදාඤාණ’ යයි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ලෝකෝත්තර ප්රඥායෙක් ඇත. ඒ ප්රඥාව පටිසම්භිදාඤාණ නො වේ යයි නො කියැයුතු වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ …
අනු. පා: එ කරුණින් හැම ඥාන පටිසම්භිදාඤාණ නම් වෙයි.
පටිසම්භිදාකථා නිමි.