5. 6.
සම්මුතිඤාණකථා
[‘සංවෘතිසත්‍ය යැ පරමාර්‍ත්‍ථසත්‍ය යැ යි සත්‍යයෝ දෙදෙනෙකි. යම් කෙනෙක් මෙසේ විභාග නො කොට ‘සත්‍ය’ යන වචන සාමාන්‍යයෙන් සංවෘතිඥානය ද සත්‍යාලම්බන මැ යයි බෙණෙත් ද, ඔහු ‘අයුක්තවාදීහු’ යයි උන්ගේ වාදවිශෝධනය පිණිස සම්මුතිකථා එයි.]
1. ප. පු: ‘සම්මුතිඤාණය සත්‍යාලම්බන මැ වත් මුත් අන්‍යාලම්බන නො වෙති’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: පඨවීකසිණ සමවත් සමවන්නහුට ඥාන ඇත්තේ නො වේ ද? පඨවීකසිණයත් සංවෘතිසත්‍යයෙහි වැටෙන්නේ නො වේ ද? නොහොත් සංවෘති සත්‍යය මැ වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් පඨවීකසිණ සමවත් සමවන්නහුට ඥානය ඇත් නම්, පඨවීකසිණයත් සංවෘතිසත්‍යයෙහි වැටේ නම්,
අනු. පා: භවත, එකරුණින් ‘සංවෘතිඥානය සත්‍යාලම්බන මැ වත් මුත් අන්‍යාලම්බන නො වෙති’යි කියැයුතු මැ යැ.
2. ප. පු: ‘සංවෘතිඥානය සත්‍යාලම්බන මැ වත් මුත් අන්‍යාලම්බන නො වෙති’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ආපෝකසිණය … තේජෝකසිණය … ගිලන්පස බෙහෙත්පිරිකර දෙන්නහුට ඥානය ඇත, ගිලන්පස බෙහෙත්පිරිකරත් සංවෘතිසත්‍යය නො වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ගිලන්පස බෙහෙත්පිරිකර දෙන්නහුට ඥානය ඇත් නම්, ගිලන්පස බෙහෙත්පිරිකරත් සංවෘතිසත්‍යය වේ නම්,
අනු. පා: භවත, එකරුණින් ‘සංවෘතිඥානය සත්‍යාලම්බන මැ වත් මුත් අන්‍යාලම්බන නො වෙති’යි කියැයුතු මැ යැ.
3. ස. පු: සංවෘතිඥානය සත්‍යාලම්බන මැ වත් මුත් අන්‍යාලම්බන නො වන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඒ ඥානයෙන් දුඃඛය පිරිසිඳ දන්නේ සමුදය දුරු කරන්නේ නිරෝධ ප්‍රත්‍යක්‍ෂ කරන්නේ මාර්‍ගය වඩන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
සම්මුතිඤාණකථා නිමි.
5. 7.
චිත්තාරම්මණකථා
[‘චෙතොපරියායඤාණ යන වචනමාත්‍රය මැ ගෙන ඒ ඥානය චිත්තාරම්මණ මැ වෙයි’ යන අන්‍ධකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට චිත්තාරම්මණකථා එයි.]
1. ස. පු: චේතෝපරියායඤාණය චිත්තාරම්මණ මැ වත් මුත් අන්‍යාලම්බන නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සරාග චිත්තය ‘සරාග චිත්ත’ යයි දන්නා කිසිවෙක් ඇත්තේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් සරාගචිත්තය ‘සරාගචිත්ත’ යයි දන්නා කිසිවෙක් ඇත් නම්,
අනු. පා: භවත, ‘චේතෝපරියායඤාණය චිත්තාලම්බන මැ වත් මුත් අන්‍යාලම්බන නො වෙති’යි නො කියැයුතු මැ යැ.
ස. අනු: වීතරාගචිත්තය … සදෝසචිත්තය … වීතදොසචිත්තය … සමෝහචිත්තය … වීතමෝහචිත්තය … සංක්‍ෂිප්තචිත්තය … වික්‍ෂිප්තචිත්තය … මහද්ගතචිත්තය … අමහද්ගතචිත්තය … සඋත්තරචිත්තය … අනුත්තරචිත්තය … සමාහිතචිත්තය … අසමාහිතචිත්තය … විමුක්තචිත්තය … අවිමුක්තචිත්තය … ‘අවිමුක්තචිත්ත’ යයි දන්නා කිසිවෙක් ඇත්තේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අවිමුක්තචිත්තය ‘අවිමුක්තචිත්ත’ යයි දන්නා කිසිවෙක් ඇත් නම්,
අනු. පා: භවත, ‘චේතෝපරියායඤාණය චිත්තාලම්බන මැ වත් මුත් අන්‍යාලම්බන නො වෙති’යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: ස්පර්‍ශාලම්බනඥානය ‘චෙතොපරියායඤාණ’ යයි කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ස්පර්‍ශාලම්බනඥානය ‘චෙතොපරියායඤාණ’ යයි කියැයුතු වේ නම්,
අනු. පා: භවත, ‘චේතෝපරියායඤාණය චිත්තාලම්බන මැ වත් මුත් අන්‍යාලම්බන නො වෙති’යි නො කියැයුතු මැ යැ.