5. 3.
විපරීතකථා
[‘පඨවීකසිණයෙහි පඨවීසංඥා ඇති වැ සමවන්නවුන්ගේ ඥානය විපරීතඥානයෙකැ’ යි අන්ධනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට විපරීතකථා එයි.]
1. ස. පු: පඨවීකසිණ සමවත් සමවන් පුද්ගලයාගේ විපරීතඥාන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ. (පෘථිවිය නිසා උපන් නිමිත්ත පෘථිවිය මැ නො වෙයි. එහිදු මෙතෙම පෘථිවිසංඥා ඇත්තෙක. එයින් විපරීතඥාන ඇත යනු ප්රතිවාදියාගේ අධිප්රාය යි.)
ස. අනු: අනිත්යයෙහි නිත්යය යනු විපර්ය්යාස වේ ද? (ලක්ෂණ පෘථිවිය ද සසම්භාරපෘථිවිය ද නිමිත්තපෘථිවිය ද, පෘථිවීදේවතා දැ යි හැම පෘථිවී නම් වෙයි. එහි ‘පෘථිවී’ යයි උපන් ඥානය විපරීත නො වෙයි. ‘අනිත්යයෙහි නිත්ය’ යයි ආදීන් උපන් විපර්ය්යාසය විපරීතඥාන නමි. කිම? තොපගේ මේ ඥානය මෙයින් අන්යතරයෙක් ද හො යි චෝදනා නගන්නට කළ අනුයෝග යි.)
ප. පටි: එසේ නො කියැයුතු යැ … (විපර්ය්යාසලක්ෂණ නැතියෙන් ප්රතික්ෂේප කෙරෙයි.)
ස. අනු: දුඃඛයෙහි ‘සුඛ’ යයි … අනාත්මයෙහි ‘ආත්ම’ යයි ... අශුභයෙහි ‘ශුභ’ යයි ගන්නේ විපර්ය්යාස වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ….
2. ස. පු: පඨවීකසිණ සමවත් සමවන්නහුගේ විපරීතඥාන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ. (පඨවීනිමිත්ත සඳහා පිළින යි.)
ස. අනු: අකුශල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: කුසල් නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් කුසල් වේ නම්,
අනු. පා: භවත, ‘පඨවීකසිණ සමවත් සමවන්නහුගේ විපරීතඥාන ඇති’ යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: අනිත්යයෙහි නිත්යය යනු විපර්ය්යාස වේ නම්, එ ද අකුසල් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පඨවීකසිණ සමවත් සමවන්නහුගේ විපරීතඥාන වේ නම්, එ ද අකුසල් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. පු: දුඃඛයෙහි ‘සුඛ’ යයි … අනාත්මයෙහි ‘ආත්ම’ යයි … අශුභයෙහි ‘ශුභ’ යයි ගන්නේ විපර්ය්යාස වේ නම්, එ ද අකුසල් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පඨවීකසිණ සමවත් සමවන්නහුගේ විපරීතඥාන වේ නම්, එ ද අකුසල් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: පඨවීකසිණ සමවත් සමවන්නහුගේ විපරීතඥාන වේ නම්, එ ද අකුසල් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනිත්යයෙහි නිත්යය යනු විපර්ය්යාස වේ නම්, එ ද කුසල් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: පඨවීකසිණ සමවත් සමවන්නහුගේ විපරීතඥාන වේ නම්, එ ද අකුසල් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දුඃඛයෙහි ‘සුඛ’ යයි … අනාත්මයෙහි ‘ආත්ම’ යයි … අශුභයෙහි ‘ශුභ’ යයි ගන්නේ විපර්ය්යාස වේ නම්, එ ද අකුසල් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: පඨවීකසිණ සමවත් සමවන්නහුගේ විපරීතඥාන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත් පඨවීකසිණ සමවත් සමවදනේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් රහත් පඨවීකසිණ සමවත් සමවදනේ වේ නම්,
අනු. පා: භවත, ‘පඨවීකසිණ සමවත් සමවන්නහුගේ විපරීතඥාන වේ’ යයි නො කියැයුතු මැ යැ.