5. 2.
අසෙඛඤාණකථා
[යම් හෙයෙකින් ආනන්‍දස්ථවිරාදි ශෛක්‍ෂයෝ ‘භාග්‍යවතුන් වහන්සේ උදාරයහ’ යි ආදීන් අශෛක්‍ෂයන් දනිත් ද, එහෙයින් ‘ශෛක්‍ෂයාහට අශෛක්‍ෂඥාන ඇතැ’යි උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට අසේඛඥාණකථා එයි.]
1. ස. පු: ශෛක්‍ෂයාහට අශෛක්‍ෂඥාන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ශෛක්‍ෂයා අශෛක්‍ෂධර්‍මය දනී ද, දකී ද, දක්නාලද කොට දන්නාලද කොට සාක්‍ෂාත් කරනලද කොට උපයා වාස කෙරේ ද, නාමකයින් අරමුණු කොට වාස කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: ශෛක්‍ෂයා අශෛක්‍ෂධර්‍මය නො දන්නේ නො දක්නේ නො දක්නාලද්ද, නො දන්නාලද්ද, සාක්‍ෂාත් නො කරනලද්ද උපයා වාස නො කෙරේ නො? නාමකයින් අරමුණු කොට වාස නො කෙරේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ශෛක්‍ෂයා අශෛක්‍ෂධර්‍මය නො දනී නම්, නො දකී නම්, නො දක්නාලද්ද, නො දන්නාලද්ද, සාක්‍ෂාත් නො කරනලද්ද උපයා වාස නො කෙරේ නම්, නාමකයින් අරමුණු කොට වාස නො කෙරේ නම්,
අනු. පා: භවත, ‘ශෛක්‍ෂයාහට අශෛක්‍ෂඥාන ඇතැ’ යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: අශෛක්‍ෂයාහට අශෛක්‍ෂඥානය ඇද්ද, අශෛක්‍ෂයා අශෛක්‍ෂධර්‍මය දනී ද, දකී ද, දෘෂ්ට කොට විදිත කොට සාක්‍ෂාත්කෘත කොට උපයා වාස කෙරේ ද, නාමකයින් අරමුණු කොට වාස කෙරේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ශෛක්‍ෂයාහට අශෛක්‍ෂඥානය ඇද්ද, ශෛක්‍ෂයා අශෛක්‍ෂධර්‍මය දනී ද, දකී ද, දක්නාලද කොට දන්නාලද කොට සාක්‍ෂාත්කෘත කොට උපයා වාස කෙරේ ද, නාමකයින් පැහැස වාස කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: ශෛක්‍ෂයාහට අශෛක්‍ෂඥාන ඇද්ද, ශෛක්‍ෂයා අශෛක්‍ෂධර්‍මය නො දනී ද, නො දකී ද, නො දක්නා ලද, නො දන්නාලද, සාක්‍ෂාත් නො කරනලද ඒ ධර්‍මය උපයා වාස නො කෙරේ ද, නාමකයින් අරමුණු කොට වාස නො කෙරේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අශෛක්‍ෂයාහට අශෛක්‍ෂඥාන ඇද්ද, අශෛක්‍ෂයා අශෛක්‍ෂධර්‍මය නො දනී ද, නො දකී ද, නො දක්නාලද, නො දන්නාලද, අසාක්‍ෂාත්කෘත ඒ ධර්‍මය උපයා වාස නො කෙරේ ද, නාමකයින් ස්පර්‍ශ කොට වාස නො කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: ශෛක්‍ෂයාහට අශෛක්‍ෂඥාන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ගෝත්‍රභූ පුද්ගලහට ශ්‍රෝතාපත්තිමාර්‍ගයෙහි ඥානය ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: ශ්‍රෝතාපත්තිඵල ප්‍රත්‍යක්‍ෂ කිරීමට පිළිපන් පුද්ගලයාහට ශ්‍රොතාපත්තිඵලයෙහි ඥානය ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: සෙදගැමිඵල පසක් කිරීමට පිළිපන් … අනගැමිඵල පසක් කිරීමට පිළිපන් … රහත්ඵල පසක් කිරීමට පිළිපන් පුද්ගලයාහට රහත්ඵලයෙහි ඥානය ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ප. පු: ‘ශෛක්‍ෂයාහට අශෛක්‍ෂඥාන ඇතැ’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ශෛක්‍ෂ වූවාහු ‘භාග්‍යවතුන් වහන්සේ උදාරයහ’ යි දන්නාහු නො වේ ද? ශාරීපුත්‍ර තෙරණුවෝ, මහමුගලන් තෙරණුවෝ උදාරයහ’ යි දන්නාහු නො වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ආයුෂ්මත් අනඳතෙරණුවෝ ශෛක්‍ෂ වූවාහු ‘භාග්‍යවතුන් වහන්සේ උදාරයහ’ යි දනිත් නම්, සැරියුත් තෙරණුවෝ, මහමුගලන් තෙරණුවෝ උදාරයහ’ යි දනිත් නම්,
අනු. පා: භවත, එකරුණින් ශෛක්‍ෂයාහට අශෛක්‍ෂඥානය ඇතැ’ යි කියැයුතු මැ යැ.
අසෙඛඤාණකථා නිමි.