5. 1.
විමුත්තිකථා
[විදර්ශනා යැ මාර්ග යැ ඵල යැ ප්රත්යවේක්ෂණ යැ යි චතුර්විධ ඥානයනට ‘විමුත්තිඥාන’ යනු නමෙකි. එහි විදර්ශනාඥානය නිත්ය නිමිත්තාදීන් විමුක්ත හෙයින් හෝ තදඞ්ගවිමුක්තිභාවයෙන් විමුක්ත හෙයින් හෝ විමුක්තිඥා නම් වෙයි. මාර්ගය සමුච්ඡේදවිමුක්ති නම් වෙයි. ඵලය ප්රතිප්රශ්රබ්ධි විමුක්ති නම් වෙයි. ප්රත්යවේක්ෂණඥානය වනාහි විමුක්තිය දනී ය යන හේතුවින් විමුක්තිඥාන වෙයි. මෙසේ චතුර්විධ විමුක්තිඥානයෙහි නිෂ්පර්ය්යායයෙන් ඵලඥානය මැ විමුක්ති නමු. සෙසු ඥානයෝ ‘විමුක්තයහ’ යි හෝ ‘අවිමුක්තයහ’ යි හෝ නො කියැයුතු වෙති. මේ විමුක්තිඥානය විමුක්ත යයි නො කියා නිර්විශේෂයෙන් ‘විමුක්තිඥානය විමුක්ත යැ’යි අන්ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට විමුක්තිකථා එයි.]
1. ස. පු: විමුක්තිඥානය විමුක්ත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: යම් කිසි විමුක්තිඥානයෙක් ඇද්ද, එහැම විමුක්ත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: විමුක්තිඥානය විමුක්ත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ප්රත්යවේක්ෂණඥානය විමුක්ත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: විමුක්තිඥානය විමුක්ත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ගෝත්රභූපුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: සෝවත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල්හට විමුක්තිඥානය විමුක්ත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ශ්රොතාපන්නයාගේ ඥානය ශ්රෝතාපත්තිඵලයට පැමිණියහුගේ ප්රතිලබ්ධයාගේ අධිගතයාගේ සාක්ෂාත්කෘතයාගේ ඥාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: සකෘදාගාමිඵලය පසක් කරන්නට පිළිපන් පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සකෘදාගාමිහුගේ ඥානය සකෘදාගාමිඵලප්රාප්තයාගේ ප්රතිලබ්ධයාගේ අධිගතයාගේ සාක්ෂාත්කෘතයාගේ ඥාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: අනගැමිඵලය පසක් කරන්නට පිළිපන් පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනගැමිහුගේ ඥානය අනගැමිඵලයට පැමිණි, ප්රතිලබ්ධ, අධිගත, පසක් කළහුගේ ඥාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හුගේ ඥානය රහත් බවට පැමිණියහුගේ රහත්බව පිළිලැබු, අධිගත, පසක් කළහුගේ ඥානය වේ ද?
ප. පටිඤ්ඤා: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: සෝවත්ඵලයෙන් යුක්ත පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෝවත්ඵල පසක් කරන්නට පිළිපන් පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: සෙදගැමිඵලයෙන් යුක්ත පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ස. පු: අනගැමිඵලයෙන් යුක්ත පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …