4. 9.
අපරාපි සමන්නාගතකථා
[‘චතුර්‍ත්‍ථමාර්‍ගස්ථ පුද්ගල ප්‍රාප්තිධර්‍ම වශයෙන් තුන් ඵලයෙන් සමන්‍වාගත වෙති’ යි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අපරාපි සමන්නාගතකථා’ එයි.]
1. ස. පු: රහත්බව පසක් කරන්නට පිළිපන් පුඟුල් තුන්ඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්බව පසක් කරන්නට පිළිපන් පුඟුල් චතුර්විධ ස්පර්‍ශයෙන් චතුර්විධ වේදනායෙන් චතුර්විධ සංඥායෙන් චතුර්විධ චේතනායෙන් චතුර්විධ චිත්තයෙන් චතුර්විධ ශ්‍රද්ධායෙන් චතුර්විධ වීර්‍ය්‍යයෙන් චතුර්විධ ස්මෘතීන් චතුර්විධ සමාධීන් චතුර්විධ ප්‍රඥායෙන් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් දෙඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් ත්‍රිවිධ ස්පර්‍ශයෙන් … ත්‍රිවිධ ප්‍රඥායෙන් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් ද්විවිධ ස්පර්‍ශයෙන් … ද්විවිධ ප්‍රඥායෙන් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: රහත්බව පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්බව පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝතාපන්න වූයේ සත්තක්ඛත්තුපරම වූයේ කොලංකොල වූයේ ඒකබීජී වූයේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: රහත් බව පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමි ඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්බව පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමි වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: රහත්බව පසක් කරන්නට පිළිපන් පුඟුල් අනගැමිඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්බව පසක් කරන්නට පිළිපන් පුඟුල් අනාගාමී, අන්තරාපරිනිබ්බායී, උපහච්චපරිනිබ්බායී, අසඞ්ඛාරපරිනිබ්බායී, සසඞ්ඛාරපරිනිබ්බායී, උද්ධංසෝත අකනිට්ඨගාමී වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝතාපන්න, සත්තක්ඛත්තුපරම, කොලංකොල, ඒකබීජී වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමිඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමි වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝතාපන්න, සත්තක්ඛත්තුපරම, කොලංකොල, ඒකබීජී වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …