4. 7.
ලක්ඛණකථා
[“යෙහි සමන්නාගතස්ස මහාපුරිසස්ස ද්වේව ගතියො භවන්ති” යි වදාළ සුත්රප්රදේශ නුනුවණින් ගෙන මහා පුරුෂ ‘ලක්ෂණසමන්වාගත වූයේ බෝධිසත්ත්ව මැ වේ ය’යි ලබ්ධි ගත් විරුද්ධවාදී කෙනෙක් ඇත. උත්තරාපථකයන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට ලක්ඛණකථා එයි.]
1. ස. පු: ලක්ෂණ සමන්වාගත වූයේ බෝධිසත්ත්ව වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ප්රදේශ (සීමාසහිත) ලක්ෂණයෙන් සමන්වාගත වූයේ ප්රදේශබෝධිසත්ත්ව වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: ලක්ෂණසමන්වාගත වූයේ බෝධිසත්ත්ව වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ත්රිභාග (තුන් කොටසක්) ලක්ෂණයෙන් සමන්වාගත වූයේ ත්රිභාගබෝධිසත්ත්ව වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: ලක්ෂණසමන්වාගත වූයේ බෝධිසත්ත්ව වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අර්ධ (දෙකෙන් කොටසක්) ලක්ෂණයෙන් සමන්වාගත වූයේ අර්ධබොධිසත්ත්ව වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: ලක්ෂණසමන්වාගත වූයේ බෝධිසත්ත්ව වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චක්රවර්තිසත්ත්වයා ද ලක්ෂණසමන්වාගත වෙයි. චක්රවර්ති සත්ත්වයා බෝධිසත්ත්ව වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ … (බෝසත් නො වන සක්විති ගෙන කළ ප්රතික්ෂේප යි.)
5. ස. පු: චක්රවර්තිසත්ත්වයා ලක්ෂණසමන්වාගත වෙයි. චක්රවර්තිසත්ත්වයා බෝධිසත්ත්ව වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ. (බෝසත් වන සක්විති ගෙන කළ ප්රතිඥා යි.)
ස. අනු: බෝසතුන්ගේ යම්බඳු පූර්වයෝගයෙක් පූර්වචර්ය්යායෙක් ධර්මාඛ්යානයෙක් ධර්මදේශනායෙක් ඇද්ද, චක්රවර්තිහුගේත් එබඳු පූර්වයෝගයෙක් පූර්වචර්ය්යායෙක් ධර්මාඛ්යානයෙක් ධර්මදේශනායෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: යම් පරිදි උපදනා බෝසතුන් දෙවියෝ පළමු කොට පිළිගනිත් ද, මිනිස්සු පසුව පිළිගනිත් ද, එපරිදි මැ උපදනා චක්රවර්තිසත්ත්වයා දෙවියෝ පළමු කොට පිළිගනිත් ද, මිනිස්සු පසුව පිළිගනිත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: යම් සේ උපදනා බෝසත් සතරවරම් දෙව්රජහු පිළිගෙන මව පෙරට තබත් ද, ‘දේවී සොම්නස්වා, තොපට මහානුභාව සම්පන්න පුතෙක් උපන’ යි කියත් ද, එසේ ම උපදනා චක්රවර්තිසත්ත්වයා සතරවරම් දෙව්රජහු පිළිගෙන මව පෙරට තබත් ද, ‘දේවී සොම්නස්වා, තොපට මහානුභාව සම්පන්න පුතෙක් උපන’ යි කියත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: යම් පරිදි උපදනා බෝසත්හට බෝසතුන් හා මවට දියකිස කරන සිහිල් වූත් උෂ්ණ වූත් දෙදියදහරෙක් අහසින් වෙන වෙන පහළ වේ ද, එ පරිදි මැ උපදනා චක්රවර්තිසත්ත්වයාට සක්විතිදරු හා මවට දියකිස කරන සිහිල් වූත් උණු වූත් දෙදියදහරෙක් අහසින් වෙන වෙන පහළ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: යම් සේ උපන් කෙණෙහි බෝසත් සම්පාදයෙන් සිට උත්තරාභිමුඛ වැ සප්තපදව්යතීහාරයෙන් යේ ද, ශ්වේතච්ඡත්ර ධරත් මැ ඔබ මොබ හැමදික් බලා ද, ‘මම ලොවට අග්රයෙමි, මම ලොවට ජ්යේෂ්ඨයෙමි, මම ලොවට ශ්රේෂ්ඨයෙමි, මේ අන්තිමජාති යැ, දැන් පුනර්භවයෙක්, නැති’ යි සිංහනාද කෙරේ ද, එ පරිදි මැ එකෙණෙහි උපන් චක්රවර්තිසත්ත්වයා සම්පාදයෙන් සිට උත්තරාභිමුඛ වැ සප්තපදව්යතීහාරයෙන් යේ ද, සේසත් ධරත් මැ හැමදික් ඔබ මොබ බලා ද, ‘මම ලෝකයට අග්රයෙමි … පුනර්භවයෙක් නැති’යි සිංහනාදත් කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …