4. 2.
උපපත්තිකථා
[‘ඕපපාතිකො හොති තත්‍ථ පරිනිබ්බායී’ යන ආදි පෙළ නුනුවණින් ගෙන ‘ශුද්ධාවාසයෙහි දී උපප්‍රාප්තියෙන් රහත් වෙති’යි ලබ්ධි ගත් කෙනෙක් ඇත. උත්තරාපථකයන් සෙයිනි. ඔවුන්ගේ වාද බිඳුනට උපපත්තිකථා එයි.]
1. ස. පු: උපප්‍රාප්ති චිත්තය සමග මැ රහත් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: උපප්‍රාප්ති චිත්තය සමග සෝවන් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: උපප්‍රාප්ති චිත්තය සමග රහත් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: උපප්‍රාප්ති චිත්තය සමග සෙදගැමි වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: උපප්‍රාප්ති චිත්තය සමග රහත් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: උපප්‍රාප්ති චිත්තය සමග අනගැමි වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: උපප්‍රාප්ති චිත්තය සමග සෝවන් නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් උපප්‍රාප්ති චිත්තය සමග සෝවන් නො වේ නම්,
අනු. පා: භවත, ‘උපප්‍රාප්ති චිත්තය සමග රහත් වෙති’ යි නො කියැයුතු මැ යැ.
5. ස. පු: උපප්‍රාප්ති චිත්තය සමග සෙදගැමි නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් උපප්‍රාප්ති චිත්තය සමග සෙදගැමි නො වේ නම්,
අනු. පා: භවත, ‘උපප්‍රාප්ති චිත්තය සමග රහත් වෙති’ යි නො කියැයුතු මැ යැ.
6. ස. පු: උපප්‍රාප්ති චිත්තය සමග අනගැමි නො වන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් උපප්‍රාප්තිචිත්තය සමග අනගැමි නො වන්නේ වේ නම්,
අනු. පා: භවත, ‘උපප්‍රාප්තිචිත්තය සමග රහත් වෙති’ යි නො කියැයුතු මැ යැ.
7. ස. පු: උපප්‍රාප්තිචිත්තය සමග රහත් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සැරියුත් තෙර උපප්‍රාප්තිචිත්තය සමග රහත් වී ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: මහමුගලන් තෙර … මහකසුබු තෙර … මහකසයින් තෙර … මහාකොට්ඨිත තෙර … මහපතු තෙර උපප්‍රාප්තිචිත්තය සමග රහත් වී ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: සැරියුත් තෙර උපප්‍රාප්තිචිත්තය සමග රහත් නො වී ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් සැරියුත් තෙර උපප්‍රාප්තිචිත්තය සමග රහත් නො වී නම්,
අනු. පා: භවත, ‘උපප්‍රාප්තිචිත්තය සමග රහත් වෙති’ යි නො කියැයුතු මැ යැ.
9. ස. පු: මහමුගලන් තෙර … මහකසුබු තෙර … මහකසයින් තෙර … මහාකොට්ඨිත තෙර … මහපතු තෙර උපප්‍රාප්තිචිත්තය සමග රහත් නො වී ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් මහපතු තෙර උපප්‍රාප්තිචිත්තය සමග රහත් නො වී නම්,
අනු. පා: භවත, ‘උපප්‍රාප්තිචිත්තය සමග රහත් වෙති’ යි නො කියැයුතු මැ යැ.
10. ස. පු: උපප්‍රාප්තිචිත්තය සමග රහත් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ලෞකික වූ සාස්‍රව වූ … සාංක්ලේශික වූ උපප්‍රාප්ති ඉස්නා (ප්‍රතිසන්‍ධි සොයන) සිතින් රහත්බව පසක් කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …