4. 3.
අනාසවකථා
[‘අනාස්‍රව වූ රහත්හුගේ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, එහැම දහම්හු අනාස්‍රවයහ’යි ලබ්ධිගත් වාදී කෙනෙක් ඇත. උත්තරාපථකයන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට අනාසවකථා එයි.]
1. ස. පු: රහත්හුගේ හැම දහම්හු අනාස්‍රව වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මාර්‍ගය ඵලය නිර්‍වාණය ශ්‍රෝතාපත්තිමාර්‍ගය ශ්‍රෝතාපත්තිඵලය සකෘදාගාමිමාර්‍ගය සකෘදාගාමිඵලය අනාගාමිමාර්‍ගය අනාගාමිඵලය අර්‍හත්ත්‍වමාර්‍ගය අර්‍හත්ත්‍වඵලය සමෘතිප්‍රස්ථානය සම්‍යක්ප්‍රධානය ඍද්ධිපාදය ඉන්‍ද්‍රියය බලය බෝධ්‍යඞ්ගය යන මොහු අනාස්‍රවධර්‍මයෝ වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: රහත්හුගේ හැම දහම්හු අනාස්‍රව වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හුගේ ඇස අනාස්‍රව වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: රහත්හුගේ ඇස අනාස්‍රව වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ. (අනාස්‍රවයා අයත් හෙයින් පිළින කෙරෙයි.)
ස. අනු: මාර්‍ගය, ඵලය, නිර්‍වාණය, ශ්‍රෝතාපත්තිමාර්‍ගය, ශ්‍රෝතාපත්තිඵලය … බෝධ්‍යඞ්ගය අනාස්‍රව වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: රහත්හුගේ ශ්‍රෝත්‍රය … රහත්හුගේ ඝ්‍රාණය … රහත්හුගේ ජිහ්වාව … රහත්හුගේ කාය අනාස්‍රව වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: රහත්හුගේ කය අනාස්‍රව වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මාර්‍ගය, ඵලය, නිර්‍වාණය, ශ්‍රෝතාපත්තිමාර්‍ගය, ශ්‍රෝතාපත්තිඵලය, … බෝධ්‍යඞ්ගය අනාස්‍රව වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: රහත්හුගේ කය අනාස්‍රව වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හුගේ කය ප්‍රග්‍රහ නිග්‍රහ දෙකට පැමිණියේ ඡේදන භේදන දෙකට පැමිණියේ කවුඩන් හා ගිජුලිහිණියන් හා උකුසුවන් හා සාධාරණ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාස්‍රවධර්‍මය ප්‍රග්‍රහනිග්‍රහ දෙකට පැමිණියේ ඡේදන භේදන දෙකට පැමිණියේ කවුඩන් හා ගිජුලිහිණියන් හා උකුසුවන් හා සාධාරණ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: රහත්හුගේ කයෙහි විස වදනේ වේ ද, සැත් වදනේ වේ ද, ගිනි වදනේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ,
ස. අනු: අනාස්‍රවධර්‍මයෙහි විස වදනේ වේ ද, සැත් වදනේ වේ ද, ගිනි වදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: රහත්හුගේ කය කාරාබන්‍ධනයෙන් බඳනට ලැබේ ද, රජ්ජුබන්‍ධනයෙන් බඳනට ලැබේ ද, හැකිළි බැම්මෙන් බඳනට ලැබේ ද, ග්‍රාමබන්‍ධනයෙන් බඳනට ලැබේ ද, නිගමබන්‍ධනයෙන් බඳනට ලැබේ ද, නගරබන්‍ධනයෙන් බඳනට ලැබේ ද, ජනපදබන්‍ධනයෙන් බඳනට ලැබේ ද, කණ්ඨපඤ්චම බන්‍ධනයෙන් බඳනට ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාස්‍රවධර්‍මය අන්‍දුබන්‍ධනයෙන් බඳනට රජ්ජුබන්‍ධනයෙන් බඳනට ශෘඞ්ඛලිකාබන්‍ධනයෙන් බඳනට ග්‍රාම … නිගම … නගර … ජනපද … කණ්ඨපඤ්චමබන්‍ධනයෙන් බඳනට ලැබේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: ඉදින් රහත් පෘථග්ජනහට සිවුරු දේ නම් අනාස්‍රව වැ සාස්‍රව වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. පු: (පළමු) අනාස්‍රව වැ (පසුව) සාස්‍රව වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එ මැ අනාස්‍රවත් එ මැ සාස්‍රවත් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …