3. 4.
විමුච්චමානකථා
[විෂ්කම්භණ විමුක්තීන් විමුක්ත වූ චිත්තය මාර්‍ගක්‍ෂණයෙහි දි සමුච්ඡේදවිමුක්තීන් විමුච්‍යමාන නම් වෙති’යි ගත් ලබ්ධි බිඳුනට විමුච්‍යමානකථා එයි.]
1. ස. පු: විමුක්ත වූ චිත්තය (මාර්‍ගක්‍ෂණයෙහි දී) විමුච්‍යමාන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එකදෙශයක් විමුක්ත වේ ද, එකදෙශයක් අවිමුක්ත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: එකදෙශයක් විමුක්ත වේ ද, එකදෙශයක් අවිමුක්ත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එකදෙශයක් සෝවන් වූයේ එකදෙශයක් සෝවන් නො වූයේ එකදෙශයක් සෝතාපත්තිඵලප්‍රාප්ත වූයේ ප්‍රතිලබ්ධ වූයේ අධිගත වූයේ සාක්‍ෂාත්කෘත වූයේ උපයා වාස කෙරේ ද, නාමකයින් ස්පර්‍ශ කොට වාස කෙරේ ද, එකදෙශයක් නාමකයින් ස්පර්‍ශ නො කොට වාස කෙරේ ද, සත්තක්ඛත්තුපරම වූයේ කොලංකොල වූයේ ඒකබීජී වූයේ, බුදුන් කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගත වූයේ, ධර්‍මය කෙරෙහි … සඞ්ඝයා කෙරෙහි … ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්‍වාගත වූයේ, එකදෙශයක් ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්‍වාගත නො වූයේ වාස කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: එකදෙශයක් විමුක්ත වූයේ එකදෙශයක් අවිමුක්ත වූයේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එකදෙශයක් සකෘදාගාමී වූයේ එකදෙශයක් සකෘදාගාමී නො වූයේ එකදෙශයක් සකෘදාගාමී ඵලප්‍රාප්ත වූයේ ප්‍රතිලබ්ධ වූයේ අධිගත වූයේ සාක්‍ෂාත්කෘත වූයේ උපයා වාස කෙරේ ද, නාමකයින් ස්පර්‍ශ කොට වාස කෙරේ ද, එකදෙශයක් නාමකයින් ස්පර්‍ශ නො කොට වාස කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: එකදෙශයක් විමුක්ත වේ ද, එකදෙශයක් අවිමුක්ත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එකදෙශයක් අනාගාමී වූයේ එකදෙශයක් අනාගාමී නො වූයේ එකදෙශයක් අනාගාමී ඵලප්‍රාප්ත වූයේ ප්‍රතිලබ්ධ වූයේ අධිගත වූයේ සාක්‍ෂාත්කෘත වූයේ උපයා වාස කෙරේ ද, නාමකයින් ස්පර්‍ශ කොට වාස කෙරේ ද, එකදෙශයක් නාමකයින් ස්පර්‍ශ නො කොට වාස කෙරේ ද, එකදෙශයක් අන්තරාපරිනිබ්බායී වූයේ උපහච්චපරිනිබ්බායී වූයේ අසඞ්ඛාරපරිනිබ්බායී වූයේ සසඞ්ඛාරපරිනිබ්බායී වූයේ උද්ධංසෝතඅකනිට්ඨගාමී වූයේ වේ ද, එකදෙශයක් උද්ධංසෝතඅකනිට්ඨගාමී නො වූයේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: එකදෙශයක් විමුක්ත වේ ද, එකදෙශයක් අවිමුක්ත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එකදෙශයක් අර්‍හත් වූයේ එකදෙශයක් අර්‍හත් නො වූයේ එකදෙශයක් අර්‍හත්ඵලප්‍රාප්ත වූයේ ප්‍රතිලබ්ධ වූයේ අධිගත වූයේ සාක්‍ෂාත්කෘත වූයේ උපයා වාස කෙරේ ද, නාමකයින් ස්පර්‍ශ කොට වාස කෙරේ ද, එකදෙශයක් නාමකයින් ස්පර්‍ශ නො කොට වාස කෙරේ ද, එකදෙශයක් වීතරාග වූයේ වීතදෝස වූයේ වීතමෝහ වූයේ … එකදෙශයක් සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත වූයේ එකදෙශයක් සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත නො වූයේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: විමුක්තචිත්තය විමුච්‍යමාන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: උත්පාදක්‍ෂණයෙහි විමුක්ත වූයේ භවාඞ්ගක්‍ෂණයෙහි විමුක්ත වූයේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ප. පු: ‘විමුක්තචිත්තය විමුච්‍යමාන වෙති’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.