21. 6.
සබ්බදිසා කථා
[‘හැම දික්හි බුදුවරු සිටිති’ යි මහාසාංඝිකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තාහු ඇත. උන්ගේ වාද බිඳුනට ‘සබ්බදිසා කථා’ එයි.]
1. ස. පු: හැම දික්හි බුදුවරු සිටිත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පෙරදිග බුදුහු සිටිත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: පෙරදිගැ බුදුහු සිටිත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඒ බුදුහු කිනම්හ. කවර ජාති ඇතියහ. කවර ගෝත්ර ඇතියහ. ඒ බුදුන්ගේ මාපියෝ කිනම්හ. ඒ බුදුන්ගේ ශ්රාවකයුගය කිනම් ඇතියේ යැ. ඒ බුදුන්ගේ උපස්ථායක කවරෙ යැ. ඒ බුදුහු කෙබඳු සිවුරු දරත් ද, කෙබඳු පාත්ර ධරත් ද, කවර ගමෙක හෝ නියම්ගමෙක හෝ නුවරෙක හෝ රටෙක හෝ ජනපදයෙක හෝ සිටිත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: දකුණුදිගැ ... පැළදිගැ … උතුරුදිගැ … යටදිගැ බුදුහු සිටිත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: යට දෙස බුදුහු සිටිත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඒ බුදුහු කිනම්හ … කිනම් දනවියෙකැ හෝ සිටිත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: උඩ දෙස බුදුහු සිටිත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: උඩ දෙස බුදුහු සිටිත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සිවුමහරදයෙහි සිටිත් ද, … තව්තිසැ සිටිත් ද, ... යාම දෙව්ලොවැ සිටිත් ද, … තුසීපුර සිටිත් ද, ... නිර්මාණරති දෙව්ලොවැ සිටිත් ද, පරනිර්මිත වශවර්ති දෙව්ලොවැ සිටිත් ද ... බඹලොවැ සිටිත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
සබ්බදිසා කථා නිමි.
21. 7.
ධම්ම කථා
[රූපාදිය රූපාදි ස්වභාවයෙන් නියත වෙයි. ස්වභාවය නො පියයි. එහෙයින් ‘හැම ධර්මයෝ නියතයහ’ යි අන්ධක නිකායවාසීන් - සමහර උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තාහු ඇත. උන්ගේ වාද බිඳුනට ‘ධම්ම කථා’ එයි.]
1. ස. පු: හැම දහම්හු නියත වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මිථ්යාත්ව වශයෙන් නියත වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අනියත රාශියෙක් නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අනියත රාශියෙක් ඇත් නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් අනියත රාශියෙක් ඇත් නම්,
ස. පා: භවත ‘හැම දහම්හු නියත වෙති’ යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: හැම දහම්හු නියත වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්යවතුන් වහන්සේ විසින්: මිථ්යාත්වනියතරාශි යැ සම්යකත්වනියතරාශි යැ අනියතරාශි යැ යි තුන් රාශියෙක් වදාරනලද නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් භාග්යවතුන් වහන්සේ විසින්: මිථ්යාත්වනියතරාශි යැ සම්යක්ත්වනියතරාශි යැ අනියතරාශි යැ යි තුන්රාශියෙක් වදාරන ලද වී නම්,
ස. පා: භවත ‘හැම ධර්මයෝ නියතයහ’ යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: රූපය රූපස්වභාවයෙන් නියත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මිථ්යාත්වනියත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …